ලංකාවට පැමිණි බහරේන් කණ්ඩායමෙන් මානුෂීය සත්කාරයක්

169

ආසියාවේ බටහිර ක්‍රීඩා සමාජ ශූරයින්ගේ ලීග් තරගාවලියේ, මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරගයට සහභාගී වීම සඳහා මහනුවරට පැමිණි බහරේන් රග්බි පාපන්දු සමාජ කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඊයේ (21) ඔවුන්ගේ අවසන් පුහුණු සැසියට පෙර ළමා නිවාසයක සිසුන් සමඟ කාලය ගත කිරීමට කටයුතු කර ඇත.

කරට කර තරගයේ ජය පැරදුම සමව බෙදී යයි

බටහිර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (15)…

The players welcomed by the kids
The players welcomed by the kids

එහි දී කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ කණ්ඩායම් කළමනාකාරු කටුකැලේ වෙම්බ්ලි සිනමා ශාලාව පසුපස පිහිටි ‘Child Action Lanka’ ළමා නිවාසය වෙත ගොස් ඇති අතර ඒ සඳහා මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ එහි පුහුණුකරු ෂෝන් විජේසිංහ මහතා ද එක්ව ඇත. ළමා නිවාසයේ සිටින ළමුන් එහි දී ඔවුන් විසින්ම සැකසූ රග්බි පන්දු ඇසුරෙන් සකස් කරන ලද මල් මාලා පළඳමින් එම ක්‍රීඩකයින්ව ඉතා උණුසුම් ආකාරයකින් පිළිගන්නා ලදි.

එහි දී එම ක්‍රීඩකයින් ළමුන් සමඟ ක්‍රීඩා කරමින් සහ ඔවුන් සමඟ කතාබහ කරමින් ඉතා සතුටින් කාලය ගත කළ අතර ඉන් අනතුරුව ඔවුන් විනෝද කටයුතුවල නිරත වීම සඳහා දෙයියන්වෙල ක්‍රීඩාංගණය බලා පිටත්ව ගියේය. එමෙන්ම ක්‍රීඩකයින් ඔවුන් රැගෙන ආ විවිධ සෙල්ලම් බඩු ආදිය සහ අභ්‍යාස පොත් ආදිය ද එම ළමුන් හට මෙහි දී බෙදා දීමට කටයුතු කළේය.   

එහි දී දෙයියන්වෙල ක්‍රීඩාංගණයේ දී ද ක්‍රීඩකයින් ළමුන් සමඟ විවිධ විනෝද ක්‍රීඩාවල නිරත වෙමින් ඉතා සතුටින් කාලය ගත කළේය.

බහරේන් රග්බි පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායමේ කළමනාකරු ලුවී ටෝකන් මහතා මෙම කටයුත්ත සම්බන්ධයෙන් ThePapare.com සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ;

All happy faces
All happy faces

“මේ වගේ දේවල් හරහා නැති බැරි අයට පිහිටක් ලැබෙන නිසා අපි නිතරම මේ වගේ වැඩකටයුතුවල නිරත වෙනවා. මෙතන සිටින ළමයි අනාථ වෙච්ච අය. ඔවුන්ට නිකං පාරවල්වල ඉන්න වුනා නම් මේ ළමයින්ට මොනවා වෙයි ද දන් නැහැ. ඒ නිසා මේ ළමයින්ට උදව් කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම අපි හිතන විදිහට මේ වගේ වැඩ කළාම අපිට මනුෂ්‍යයෝ විදිහට ඉදිරියට යන්න පුළුවන්.”

මෙම ළමුන් සමඟ පැය දෙකකට අධික කාලයක් විනෝදයෙන් කාලය ගත කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයින් අද පැවැත්වෙන තරගයට සූදානම් වීම සඳහා නිත්තවෙල ක්‍රීඩාංගණයට පිටත්ව ගියේය.

එම පුහුණු සැසියෙන් අනතුරුව ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය විසින් තෝරාගත් තරුණ කණ්ඩායම් දෙකක ක්‍රීඩකයින් සඳහා නිල ඇඳුම් බෙදාදීමට කටයුතු කළ අතර එහි දී ඔවුන් සමඟ ඡායාරූප ගැනීමට ද ඔවුන් අමතක කළේ නැත. එහි දී ක්‍රීඩකයින්ට තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ නිල ඇඳුම් අදාළ ක්‍රීඩකයින් අතින්ම ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

මෙහි දී අදහස් දක්වමින් බහරේන් කණ්ඩායමේ පුහුණුකාරු ප්‍රකාශ කර සිටියේ;

“මේක කණ්ඩායමක් විදිහට එකම ලාංඡනයක් යටතේ ක්‍රීඩා කිරීමට උදව් කරන්න ඔබට අපෙන් ලැබුණු තෑග්ගක්. මෙම අවස්ථාවට එක්වුණු හැමෝටම මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම හෙට මහනුවර ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වෙන තරගයේ දී අපට සහාය දක්වන්න කියලත් මම ඉල්ලා සිටිනවා.”The-junior-players-from-Vidyartha-with-the-Bahrain-players

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න –රග්බි ක්‍රීඩා පිටුවට <<