‘මෙය නම් එතරම් හොඳ නැති ක්‍රිකට් සංස්කෘතියක්’- කුමාර් සංගක්කාර

1292

“ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මාධ්‍ය හමුවේ දී හඬා වැටෙන අයුරු මට දරා ගැනීමට අපහසු වුනා. ඔබ සියලු දෙනා ඒ දුටුවේ මානසිකව වැටුණු, කතා කර ගැනීමටවත් නොහැකිවුණු නමුත් අතිදක්ෂ සුපිරි ක්‍රීඩකයෙක්.  

එම මධ්‍ය සංදර්ශනයෙන් පසු මා සිතුවේ, “ඔව් ඔවුන් තිදෙනෙක් යම්කිසි වැරදි සහගත ක්‍රියාවක නිරත වුනා, එය එක්තරා හුදකලා සිදුවීමක් ද? එම සිදුවීමට වගකිව යුත්තේ ඔවුන් පමණද? පන්දුව පළුදු කිරීමේ ප්‍රධානියා ස්ටීවන් ස්මිත් ද? මෙය ඔහුගේ වරද පමණද? ” යන්නයි.

ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව…

මේ පිළිබඳ මා  තව තවත් කල්පනා කරන විට මේ සිදුවීමට පදනම් වූ, පෙර වූ සිදුවීම් පිළිබඳවත් මා සිතන්නට වුනා. මෙවැනි ක්‍රියාවන් දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වුවා විය නොහැකියි. මා සිතන ආකාරයට පසුගිය වසර 30ක් පුරා ක්‍රීඩා කළ කණ්ඩයම් සියල්ලම සිදු කළ ක්‍රියාවන්වල වගකීම් සියල්ල ස්මිත්, ඩේවිඩ් වෝනර් හා බෑන්ක්‍රොෆ්ට් මතට පැටවුණා විය හැකියි.

ඔව් ඔවුන් වැරදියි. ඔවුන් කැමරාවලට හොඳින්ම අසුවුනා. එනමුත් පසුගිය දශකයන් කිහිපයකම පන්දුව පළුදු කිරීමේ සිදුවීම් බොහොමයක් වාර්තා වුනා. නියපොතු වුනත්, පන්දුව සපා කෑවත්, ලොසින්ජර, චුවින්ගම්, හිරු රශ්මියට ගල්වන අලේප වුනත්, කලිසමේ සිපරය වුනත්, නවතම සිදුවීමේ දී වැලි කඩදාසි වුනත්, කුමන ආකාරයෙන් වුනත් පන්දුව පළුදු කිරීම දරුණු වරදක්. නමුත් ඇතැම් අවස්ථාවල දී සුදුසු දඬුවම් හිමි නොවූ වරදක්.

මෙහි වගකීම ක්‍රීඩකයින්, නායකයින්, පරිපාලකයින් මෙන්ම මෙම සිදුවීම් සිදුවන බව දැක දැක උරහිස් හකුළුවා “මෙයත් ක්‍රීඩාවේම කොටසක්” යැයි කියූ අය ද භාර ගත යුතුය.

මගේ මතයට අනුව කිනම් ආකාරයකින් හෝ පන්දුව පළුදු කරයි නම් එය වරදකි. එයට කිසිදු සමාවක් නොදිය යුතුය. මෙයට ඉතා දැඩි දඬුවම් නියම කර තිබුණා නම්, ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය සේ නැවත වරක් මෙවැනි සිදුවීමක් නොවීමට දැඩි තීරණ ගත්තා නම්, අද අපිට කේප්ටවුන් සිදුවීම් මාලාව දෙස බලා කම්පාවට පත්නොවී, ගැටලුවට පත්නොවී සිටිය හැකිව තිබුණා.

ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

2 018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි….

ඔව් පන්දුව පළුදු කිරීම ඔප්පු කිරීමට නිලධාරීන්ට ඉතා අපහසුයි. කෙසේ වුවත් නියම වූ දරුණු දඬුවම් නිසා නැවතත් සියලු දෙනාගේ දෑස් මේ වෙත එල්ල වී තිබෙනවා. ICCය, ක්‍රිකට් පාලක මණ්ඩල, ක්‍රීඩාලෝලීන්, ක්‍රීඩකයින් ඇතුළු සියලුම පාර්ශවයන් පන්දුව පළුදු කිරීමේ වරද සදහටම නැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අවධානයෙන් සිටිනවා.

අවම වශයෙන් දැන් අපට ආරම්භ කිරීමට තැනක් තිබෙනවා. නමුත් වැදගත්ම කරුණ අප පන්දුව පළුදු කිරීමේ සිදුවීමේ ඉතිහාසය සහ ස්වභාවය දැන සිටිය යුතුයි, නීති රෙගුලාසි මගින් පමණක් එය සිදු කළ නොහැකියි. එයට ක්‍රීඩකයින්ගේ හදවතින්ම එන දායකත්වය තිබිය යුතුයි. ක්‍රීඩකයින් සිය නායකයින් හරහා, නායකයින් සිය ක්‍රිකට් පාලක මණ්ඩල හරහා සියලු දෙනාම මෙවැනි සිදුවීමකින් ක්‍රීඩාව ආරක්ෂා කළ යුතුයි, සැවොම දායක විය යුතුය, එය තමා ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය.

ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් මෙම සිදුවීම දැඩිසේ හෙලා දකිමින් දැඩි විරෝධය පල කළ නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි දඬුවම් පැනවුවා සේ පෙනේ. නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් සොයා බැලිය යුතු කරුණක් නම් මේ සිදුවීම් මාලාව ඕස්ට්‍රේලියාවේ පවතින අයහපත් ක්‍රිකට් සංස්කෘතියක් නිසා ඇති වුවක්ද යන්නයි.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර…

ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්, ක්‍රීඩකයින් හා පරිපාලකයින් ඕස්ට්‍රේලියානු “කොළ ටෙස්ට් තොප්පියට”, ටෙස්ට් ක්‍රීඩාවට මහත් ගෞරවයක් දක්වනවා. ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලිය ආරම්භ කිරීමෙන් පසු එය ටෙස්ට් ක්‍රීඩාවට තර්ජනයක් යැයි සිතුවත් ඉන් තවත් ක්‍රීඩාලෝලීන්ගේ විශ්වාසය හා ආදරය දිනා ගැනීමට සමත් වුනා. ඕස්ට්‍රේලියාවේ පරම්පරා සියල්ලේම සහභාගිත්වය ක්‍රීඩාවේ ඉදිරියට අත්‍යවශ්‍යයි.

කුඩා ළමුන් ක්‍රීඩාවට දක්වන ආදරය ක්‍රීඩාවේ ඉදිරි පැවැත්මට ප්‍රධාන සාධකයක්. එම මෙම දඬුවම් දරුණු වුවත්, විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ක්‍රීඩා කාලය අහිමි කරත්, ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට එය වැය කළ යුතුම පිරිවැයක් වේවි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මගේ මතය නම් මෙම ප්‍රශ්නය කෙරෙහි සියලු පාර්ශවවල තවත් අවධානය යොමු විය යුතුයි. ICCයේ නියෝජිතයෙකු, ප්‍රධාන තරග තීරකවරයෙකු වේවා, විනිසුරු මඩුල්ලේ ප්‍රධානියෙකු, හොඳම විනිසුරුවරුන් කිහිප දෙනෙකු, මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නියෝජිතයෙකු සහ ක්‍රිකට් කණ්ඩයම්වල නායකයින් එක මේසයක වාඩි වී මෙම ගැටලුව පිළිබඳ වසරක් පුරා කැපවුණු කතිකාවතක් ගොඩනැගිය යුතුයි.

කතිකාවතින් වසරකට පසු නැවත රැස්වී ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථක නම්, වගකීම් නැවත සාකච්ඡා කළ යුතුයි. ”මෙහෙමයි අපි ක්‍රීඩා කරන්නේ, අපිට පැමිණි ගැටලු මේවායි, අපි ඒවා විසඳා ගත්තේ මෙහෙමයි ”යැයි නායකයින්ගේ මූලිකත්වයෙන් සාකච්ඡා කළ යුතුය.

Wisden Cricket හි පලවූ ලිපියක සිංහල පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<