Track එකේ ගෙවෙන ගිම්හාන සැණකෙළිය

356

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 97 වන දිගහැරුම අගෝස්තු මස 16 වන දින සිට 19 වන දින දක්වා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

සාරංගි හා අංජානි අතර ගැටුමෙන් අංජානි ජය ගනී

2019 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (22) සුගතදාස……

සුගතදාස පිටියේ ධාවන පථයේ සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ කටයුතු නිසාවෙන් ගෙවී ගිය වසර 4 හි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය එම පිටියේ දී පැවැත්වීමට නොහැකි විය. 2014 වර්ෂයේ දී පැවති 92 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අවසන් වරට සුගතදාස පිටියේ දී පවත්වා ඇත. පසුගිය වසරේ 96 වෙනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සිට සුගතදාස ක්‍රීඩාංගණයේ දී නැවතත් මෙම ශූරතාවය ආරම්භ කරන ලදි.

මෙම වසරේ (2019) දෙසැම්බර් මස 01 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සිය දස්කම් කෙසේ ද යන්න උරගා බැලීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇත. එම ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ද මෙම ජාතික මලල ක්‍රීඩා ශූරතාවය උපකාරී වනු ඇති අතර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගාවලියේ දස්කම් උපයෝගී වනු ඇත.

ලැබිය යුත්තන්ට ලැබීම

2018 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් ජයග්‍රහණය…..

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී තරගකරුවන් සීමා කර ඇති අතර එක් රටකින් තනි ඉසව්වක් සඳහා එක් ක්‍රීඩකයෙකු පමණක් තෝරා ගැනීමට තීරණය කර ඇත. මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා තනි ඉසව්වකින් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා ගනු ලබන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර එක් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් අනෙක් ක්‍රීඩකයා තරග වදිනු ඇත.



ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රණයන් රැසක් දිනා දුන් මැදි දුර ධාවන ක්‍රීඩිකාවක් වන හිරුනි විජේවර්ධන මෙවර 97 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිතය. පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවය තුළදී ද තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ දස්කම් දැකගත වනු ඇත.

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<