ශ්‍රී ලංකා රග්බි දැවැන්තයාට දිරියක් වෙන්නට පැමිණි ක්‍රිකට් දැවැන්තයින්

296

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන චන්ද්‍රිශාන් පෙරේරා මහතාට උපකාරයක් වශයෙන් පැවැත්වුණු කොළඹ හා පිට පළාත් කණ්ඩායම් අතර තරගය ඊයේ (09) දිනයේදී කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එයට තමන්ගේ අසනීප තත්වය පසෙකලා චන්ද්‍රිශාන් මහතාද එයට සහාභාගී විය.

කොළඹ-පිට පළාත් ගැටුමෙන් පිට පළාත් කණ්ඩායම ජයගනී.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවාවක් ඉටුකළ …..

රග්බි ක්‍රීඩාවේ උපදේශකවරයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම නිවේදකයෙකුද වූ චන්ද්‍රිශාන් මහතා මේ කර්තව්‍යන් වලින් මඳක් ඈත් වන්නේ තමන්ට ඇතිවූ අසනීප තත්වයන් නිසාවෙනි.

මෙම අවස්ථාවට 1996 වසරේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලාන ජය අත්කර දුන් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වූහ. රොෂාන් මහානාම, රොමේෂ් කලුවිතාරණ සහ අරවින්ද ද සිල්වා යන මහත්වරුන් සමගඟ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කෙන් ද අල්විස්, චමින්ද වාස් හා ෆර්වේස් මහරූෆ් යන මහත්වරුන්ද චන්ද්‍රිශාන්ට සහයක් වීමට පැමිණ සිටියහ.

චන්ද්‍රිශාන් මහතාගේ අවවාද, අනුශාසනා හා ඔහුගෙන් ලද දැනුම වගේම ඔහුගෙන් කායශක්ති පුහුණුවද ලැබූ ක්‍රීඩකයින් ද ඔහුට අවශ්‍යම මොහොතක තමන්ගේ සියලු වැඩ කටයුතු පසෙකලා මෙසේ ඉදිරිපත්වීම පැසසුමට කරුණකි.

පසුගිය දිනක චන්ද්‍රිශාන් මහතා ගැන තම අදහස් දක්වමින් “ජාතික මට්ටමේ දස්කම් දක්වා රටට කීර්තියක් ගෙනදුන් මෙවන් ක්‍රීඩකයින් ගැන අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි” යයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පැවසු අතර තවදුරටත් තම අදහස් දක්වමින් “ශාන් මට පෞද්ගලිකව පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ශක්තියක් වූ පුද්ගලයෙක්. අපිට උදව් වු  අවැසිම මොහොතක ඔහුගේ දැනුම නොමිලයේම අපට ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි. මම මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට පමණක් නොවෙයි තවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් පැවසුවා මෙම කර්තව්‍යට සහයක් වන්නට කියා.” යනුවෙන් පැවසුවේය.

​සුමංගල හා ​කිංග්ස්වුඩ් ​පලඟ ශූරතාවය අරඹන්නට ​සූ​දානම්

වෙහෙසකාරී සති 5කින් පසු පාසල් රග්බි ලීගය දැන් ..

ශ්‍රී ලංකාවට මහත් සේවයක් කළ මෙවන් උතුම් මිනිසෙකු දැක බලාගැනීමට සහ ඔහුට උපහාර පිණිස සාන්ත පීතර විදුහලේ වර්තමාන රග්බි කණ්ඩායමද පැමිණ සිටි අතර රග්බි ක්‍රීඩා ලෝලීන් මහත් ගෞරවයෙන් චන්ද්‍රශාන් මහතාව පිළිගත් අකාරයක් දක්නට ලැබුණි.

චන්ද්‍රිශාන් මහතාගේ අසනීප තත්වයෙන් මිදීමට සහයක් වීමට මෙම මහත්වරුන් ආධාර මුදල්ද ලබා දුන් අතර ක්‍රීඩාශීලීභාවය සහ තමන්ට අවැසිම මොහොතක උරදුන් චන්ද්‍රිශාන් මහතාට මෙසේ හෝ සහයක් වීමට ඔවුන් සැවොම එක්වී සිටීමද  ක්‍රීඩාවට හදවතින්ම ආදරය කරනා ශ්‍රී ලාංකික සියලු දෙනාටම ආදර්ශයකි.


>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<