ප්‍රවීණයන්ගේ දඩබිම – 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය

180

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය” හෙට (20) ප. ව. 3.00ට කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

තරගාවලිය එළඹෙන 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින අවසන් මහා තරග පමණක් පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා විසිරී පවතින ක්‍රීඩා සංගම් 15කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

අනූෂා තවත් දඩයමකට සැරසෙයි

ජාත්‍යන්තර බොක්සිං සංගමය සංවිධානය කරන ලෝක ශූරතා කාන්තා බොක්සිං …

තරගාවලිය පිරිමි සහ කාන්තා අංශ දෙකටම විවෘත අතර එක් එක් අංශයන්වල බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වේ. වයස අවුරුදු 19-40 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගී විය හැකි අතර ඔවුන් මීට ප්‍රථම ප්‍රධාන බොක්සිං තරගාවලියකට සහභාගී වී තිබිය යුතුය. ABA Novices තරගාවලිය, අන්තර් මධ්‍යම තරගාවලිය, ස්ටබ්ස් පළිහ තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතා තරගාවලිය යන තරගාවලි වල ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගී විය හැක.

වායු දූෂණයට එරෙහිව බොක්සිං ගහන ක්‍රීඩිකාවෝ

ලෝක කාන්තා බොක්සිං ශූරතා තරගාවලියට පෙර ‘දිල්ලියේ වායු දූෂණ මාතෘකාව’ ….

මෙවර තරගාවලියේ දක්නට ලැබෙන විශේෂිත කරුණක් වන්නේ විනිශ්චය කටයුතු සඳහා විදේශ රටවල් වල විනිසුරුවරුන් සහභාගී වීමයි. ඒ අනුව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ආරාධනය පරිදි චීනය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල්වලින් විනිසුරුවරුන් සිව්දෙනෙකු පැමිණීමට නියමිතය.

එළඹෙන 2019 වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙස ද මෙවර ජාතික බොක්සිං ශූරතා තරගාවලිය යොදාගැනීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය තීරණය කර ඇත. එම නිසා මෙවර තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුවිශේෂී තරගාවලියක් වන බව නොඅනුමානයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<