වසරේ සාර්ථකම ක්‍රීඩා සමාජය බවට යුද හමුදාව පත්වෙයි

136

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කළ 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ සාර්ථක හතරවැනි හා අවසන් දිනය ඊයේ (23) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී නිමාවට පත්විය. ඒ වසරේ හොඳම ක්‍රීඩා සමාජය ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයට ශූරතාව හිමිකර දෙමිනි.

නාවික හමුදාවේ බණ්ඩාරගෙන් MASට ප්‍රහාරයක්

93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ තෙවන දිනය ඊයේ (22) කොළඹ MAS..

කාන්තා කි. ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

මෙම තරගය MAS Unichela ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරි සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ආර්. එස්. ඉලංගරත්න අතර පැවැත්වූ අතර එයින් ජයග්‍රහණය කිරීමට MAS Unichela ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරී සමත් විය.

කාන්තා කි. ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බර පන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එච්. එස්. ප්‍රියදර්ශනී සමඟින් MAS Unichela ක්‍රීඩා සමාජයේ කේ. ඒ. කේ. නිල්මිණි මෙහි දී තරග වැදුණු අතර කේ. ඒ. කේ. නිල්මිණි විසින් ෆ්ලයි වෙයිට් බර පන්තිය ජයග්‍රහණය කිරීමට සමත් විය. අයි. ටී. පෙරේරා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

කාන්තා කි. ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බර පන්තිය

MAS Unichela ක්‍රීඩා සමාජයේ එච්. එන්. එස්. තලගපිටිය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. එස්. කුරේ අත‍ර පැවැත්වූ මෙම තරගයේ රන් පදක්කම පී. එස්. කුරේ විසින් ජය ගත් අතර රිදී පදක්කම එච්. එන්. එස්. තලගපිටිය සතු විය. එමෙන්ම පොලිස් ක්‍රීඩා සමාජයේ ඩබ්. පී. එස්. රත්නායක හට මෙම තරග කාණ්ඩයේ ලෝකඩ පදක්කම හිමි විය.

කාන්තා කි. ග්‍රෑ. 57 ෆෙදර් වෙයිට් බර පන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එච්. සී. පස්යාල, MAS Unichela ක්‍රීඩා සමාජයේ ඒ. කේ. හංසිකා සමඟින් තරග වැදුණු අතර එහි දී කේ. ඒ. කේ. හංසිකා හට රන් පදක්කම ද, එච්. සී. පස්යාල හට රිදී පදක්කම ද දිනා ගැනීමට හැකි විය.

කාන්තා කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය

MAS Unichela ක්‍රීඩා සමාජයේ ඒ. ඩී. ධර්මතිලක හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ටී. එස්. ඉමන්දී අතර පැවැත් වූ මෙම තරගයේ රන් පදක්කම Unichela ක්‍රීඩා සමාජයේ කේ. ඒ. ඩී.  ධර්මතිලක විසින් දිනා ගනු ලැබීය. එහි දී රිදී පදක්කම යුද හමුදා ක්‍රීඩා සමාජයේ ටී. එස්. ඉමන්දී හට ද, ලෝකඩ පදක්කම කේ. එන්. සඳරුවනි හට ද හිමි විය.

කාන්තා කි. ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බර පන්තිය

ඒ. එම්. පී. අතපත්තු MAS Unichela ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද, එස්. එන්. සඳමාලි පොලිස් ක්‍රීඩා සමාජයේ වෙනුවෙන් ද සටන් වැදුණු මෙම කාණ්ඩයේ රන් පදක්කම එම්. පී. අතපත්තු විසින් දිනා ගත් අතර රිදී පදක්කම එස්. එන්. සඳමාලි හා ලෝකඩ පදක්කම ඒ. කේ. තිවංකා යන ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කළහ

කාන්තා කි. ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බර පන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ. ඩී. ප්‍රියදර්ශනී හා MAS Unichela ක්‍රීඩා සමාජයේ ජී. එල්. උදයංගනී විසින් එකිනෙකා හා සටන් වැදුණු මෙම තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ජී. එල්. උදයංගනී සමත් වූ අතර කේ. ඩී. ප්‍රියදර්ශනී රිදී පදක්කම දිනා ගත්තාය.

කාන්තා කි. ග්‍රෑ. 75 මිඩල් වෙයිට් බර පන්තිය

යුද හමුදා ක්‍රීඩා සමාජයේ පී. කේ. සුමදු හා MAS Unichela ක්‍රීඩා සමාජයේ එස්. එස්. චන්ද්‍රසේකර අතර පැවති තරගයේ රන් පදක්කම පී කේ. සුමදු විසින් ද, රිදී පදක්කම එස්. එස්. චන්ද්‍රසේකර ද දිනා ගැනීමට සමත් විය. මෙහි දී ලෝකඩ පදක්කම් දෙකක් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතර බෙදී ගියේ එක් පදක්කමක් පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. එම්. බණ්ඩාර හට ද අනෙක ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එස්. දිළිණි හට ද ලබා දෙමිනි.

කාන්තා කි. ග්‍රෑ. 81 හෙවි වෙයිට් බර පන්තිය

MAS Unichela ක්‍රීඩා සමාජයේ එම්. එච්. ජයදේව හා පොලිස් ක්‍රීඩා සමාජයේ පී. එච්. එම්. ජයවර්ධන අතර පැවති තරගය ජය ගත් එම්. එච්. ජයදේව හට රන් පදක්කම හිමි වූ අතර රිදී පදක්කම පී. එච්. එම්. ජයවර්ධන විසින් දිනා ගත්තාය.

හිටපු බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩාවේ උන්නතියට සහාය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ…

පිරිමි කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජී. අයි. බණ්ඩාර හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සංජීව නුවන් අතර පැවති මෙම කාණ්ඩයේ අවසන් තරගයේ රන් පදක්කම සංජීව නුවන් විසින් දිනා ගත් අතර රිදී පදක්කම ජී. අයි. බණ්ඩාර විසින් ජයග්‍රහණය කළේය. මෙහි ලෝකඩ පදක්කම් දෙකක් බෙදී ගිය අතර ඉන් එක් පදක්කමක් එච්. එන්. ජිනදාස හට ද, අනෙක ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ සී. අයි. පෙරේරා හට ද හිමි විය.

පිරිමි කි. ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පන්තිය

යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එස්. බණ්ඩාර සමඟින් ජී. ඊ. මදුශාන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග වැදුණ අතර එයින් රන් පදක්කම යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එස්. බණ්ඩාර සතු වූ අතර රිදී පදක්කම ජී. ඊ. මදුශාන් සතු විය. මෙම කාණ්ඩයේ දී ද ලෝකඩ පදක්කම් දෙකක් බෙදී ගිය අතර ඒවා පොලිස් ක්‍රීඩා සමාජයේ වී. එල්. එරන්ද හා ඩී. ආර්. සංජීව හට හිමි විය.

පිරිමි කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එන්. කේ. අමරවංශ හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. එස්. කුමාර සටන් වැදුණු මෙම තරගයේ රන් පදක්කම එන්. කේ. අමරවංශ විසින් ද, රිදී පදක්කම පී. එස්. කුමාර ද දිනා ගත් අතර ලෝකඩ පදක්කම් දෙකක් මෙම තරග කාණ්ඩය තුළ දී ද බෙදී ගියේය. යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. ටී. වීරක්කොඩි හා පොලිස් ක්‍රීඩා සමාජයේ ඒ. ආර්. ප්‍රසන්න මෙම ලෝකඩ පදක්කම් ද්විත්වයට හිමිකම් කියනු ලැබීය.

පිරිමි කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය

ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එස්. බී. ජයම්පති හා යුද හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාර අතර පැවති මෙම තරගයේ රන් පදක්කම එස්. බී. ජයම්පති විසින් ද, රිදී පදක්කම යුද හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාර විසින් ද දිනා ගනු ලැබීය. ලෝකඩ පදක්කම් දෙකක් බෙදී ගිය මෙම තරග කාණ්ඩයේ දී එම පදක්කම් ද්විත්වයට හිමිකම් කියනු ලබුවේ හෙල ක්ලෝතින් හී ඒ. කේ. මදුරංග හා නාවික හමුදාවේ එම්. ඩී ධනුෂ්ක යන ක්‍රීඩකයින් දෙදෙනායි.

පිරිමි කි. ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බර පන්තිය

මෙම තරගයේ දී ඩී. ඩී. සපරමාදු ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද, යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් එස්. බී. රාජකරුණා ද තරග වැදුණු අතර ඉන් ජය ගත් ඩී. ඩී. සපරමාදු රන් පදක්කම ජයග්‍රහණය කළේය. එස්. බී. රාජකරුණා රිදී පදක්කම ලබාගත් අතර ලෝකඩ පදක්කම් දෙකක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. සී. උදයකුමාර හා ඩී. ඩී. වීරසිංහ අතරේ බෙදී ගියේය.

පිරිමි කි. ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බර පන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජී. එස්. කුමාරසිංහ හා ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ එන්. එම්. හෙට්ටිආරච්චි සටන් වැදුණු තරගයේ රන් පදක්කම එන්. එම්. හෙට්ටිආරච්චි ද, රිදී පදක්කම ජී. එස්. කුමාරසිංහ විසින් ද දිනා ගත් අතර ලෝකඩ පදක්කම් ද්විත්වයක් පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. සී. නිලංග හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. ඩී මදුරංග අතර බෙදී ගියේය.

පිරිමි කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බර පන්තිය

මෙම කාණ්ඩයේ අවසන් තරගය නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. ආර්. කුමාර සමඟින් පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. පී. රත්නසිරි තරග කළහ. ඉන් රන් පදක්කම ඩී. පී,. රත්නසිරි විසින් දිනා ගනු ලැබූ අතර රිදී පදක්කම පී. ආර්. කුමාර ද, ලෝකඩ පදක්කම් දෙකක් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. ගුණසේකර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. පුෂ්පකුමාර විසින් ද ජයග්‍රහණය කළහ.

පිරිමි කි. ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් බර පන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. එන්. ප්‍රනාන්දු හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ආර්. සඳකැලුම් ක්‍රීඩා කළ මෙහි රන් පදක්කම ඒ. එන්. ප්‍රනාන්දු විසින් ද, රිදී පදක්කම ඒ. ආර්. සඳකැලුම් ද දිනා ගත් අතර ලෝකඩ පදක්කම් ද්විත්වයක් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ සිසිර කුමාර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. එම්. සිල්වා යන ක්‍රීඩකයින් අතර බෙදී ගියේය.

පිරිමි කි. ග්‍රෑ. 91 හෙවි වෙයිට් බර පන්තිය

යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. පී. ජයසේන හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්. එල්. සඳුන් තරග වැදුණු මෙම තරගයේ රන් පදක්කම ඩබ්. එල්. සඳුන් හට ද, රිදී පදක්කම ඒ. පී. ජයසේන හට ද හිමි විය. ලෝකඩ පදක්කම් දෙකක් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ අයි. එච්. අබේසිංහ හා පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. එන්. රත්නායක අතර බෙදී ගියේය.

පිරිමි කි. ග්‍රෑ. 91+ සුපර් හෙවි වෙයිට් බර පන්තිය

සුපර් හෙවි වෙයිට් කාණ්ඩය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ බී. ඊ. තිලකරත්න හා ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ටී. බී. රත්නදිවාකර තරග වැදුණු අතර බී. ඊ. තිලකරත්න රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී රිදී පදක්කම ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ ටී. බී. රත්නදිවාකර ද, ලෝකඩ පදක්කම් දෙකක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එම්. මීගස්තැන්න හා නාවික හමුදාවේ ඒ. ඩබ්. හෙට්ටිගේ විසින් දිනා ගත්හ.

  • හොඳම (ජාතික) සූක්ෂම ප්‍රහාරකයා (පිරිමි) සඳහා සර් හෙන්රි මැනින් අභියෝගතා කුසලානය – පී. ජී. නුවන් සංජිව  (යුධ හමුදාව)
  • හොඳම පරාජිතයා (පිරිමි) සඳහා ඩී. සී. මුණසිංහ අභියෝගතා කුසලානය – වී. එල්. එරන්ද (පොලිසිය)
  • වසරේ සුපිරිම බොක්සිං ක්‍රීඩකයා සඳහා එඩි ග්‍රේ අභියෝගතා කුසලානය –  අයි. ආර්. එස්. බණ්ඩාර (යුධ හමුදාව)
  • සාර්ථකම ක්‍රීඩා සමාජය, “පිරිමි” ජාතික ශූරතාව සඳහා එස්. ජී. ටී. සෙල්වදොරෙයි අනුස්මරණ අභියෝගතා කුසලානය – ස්ලිම් ලයින් බොක්සිං ක්‍රීඩා සමාජය
  • හොඳම ප්‍රහාරකයා  (කාන්තා) – නදීකා පුෂ්පකුමාරි (Unichela)
  • හොඳම පරාජිතයා (කාන්තා) – ආර්. එස්. ඉලංගරත්න (පොලිසිය)
  • කණ්ඩායම් ශූරතාව  (කාන්තා) –  Unichela බොක්සිං ක්‍රීඩා සමාජය
  • වසරේ සුපිරිම බොක්සිං ක්‍රීඩිකාව සඳහා ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය – අනූෂා කොඩිතුවක්කු (Unichela)
  • වසරේ සාර්ථකම ක්‍රීඩා සමාජය සඳහා Muttaiah Xavier Roche’s අභියෝගතා කුසලානය – ශ්‍රී ලංකා යුධ හමුදාව

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<