“ක්ලිෆඩ් කුසලානය” කරළියට

227

ජාතික බොක්සිං තලයේ තවත් කුසලාන තරගාවලියක් වන “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලිය මේ වසරේ දී ද පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනිකයන්ගේ බොක්සිං සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත. මේ වසරේ දී 92 වන වරට පවත්වන “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලිය මෙම මස (සැප්තැම්බර්) 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

යුධ හමුදා මෙහෙයුම සාර්ථකයි

මේ වසරේ පවත්වනු ලැබූ අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලිය අද දින (07) කොළඹ MAS රාජකීය…

වර්ෂ 1927 දී ශ්‍රී ලංකා ආධුනිකයන්ගේ බොක්සිං සංගමය විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය මෙරට ප්‍රධාන බොක්සිං තරගාවලි වලින් එකකි. ප්‍රථම “ක්ලිෆඩ් කුසලාන” තරගාවලිය ජය ගත්තේ එවකට පැවති “සිලෝන් ගැරිසන් කාලතුවක්කු බලඇණිය” විසිනි. මේ වන විට පවත්වා ඇති තරගාවලි වලින් 30 වරක් සමස්ත ශූරතාවය හා 5 වරක් සම ශූරතාවය ලබාගෙන යුධ හමුදා කණ්ඩායම පෙරමුණේ සිටියි. ඔවුන් හා අභියෝගයට සිටිනා තවත් කණ්ඩායමක් වන්නේ MAS ස්ලිම්ලයින් කණ්ඩායමයි. ඔවුන් මෙම තරගාවලියට ඇතුලත් වන්නේ 2000 වසරේ වුවත් මේ වන විට ඔවුන් 17 වරක් ශූරතාවය තමන් සතු කරගැනීමට සමත්ව තිබේ.

මෙම වසරේ “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, MAS ස්ලිම්ලයින්, MAS ලීනියා, MAS යුනිචෙලා, විද්‍යාලන්, විද්‍යාර්ථ හා හෙළ ආදී වූ කණ්ඩායම් විශාල ප්‍රමාණයක ක්‍රීඩකයින් 200කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වේ යැයි බලාපොරොත්තු වේ.

පසුගිය වසරේ පැවති “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලියේ MAS ස්ලිම්ලයින් කණ්ඩායම පිරිමි අංශයේ සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ සමස්ත ශූරතාවය MAS යුනිචෙලා කණ්ඩායම විසින් හිමිකර ගැනීමට සමත් විය. එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස MAS ස්ලිම්ලයින් කණ්ඩායමේ දිනිඳු සපරමාදු සම්මාන දිනා ගනිද්දී, දක්ෂතම පරාජිතයා ලෙස හෙළ කණ්ඩායමේ බී. ජී. ආර්. අයි. වර්ණසූරිය සම්මාන ලැබීය. MAS ස්ලිම්ලයින් කණ්ඩායමේ අනූෂා කොඩිතුවක්කු කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වෙද්දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ එච්. එස්. ප්‍රියදර්ශනි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත් විය.

පොලීසිය හා යුධ හමුදාව අතර ද්වන්ද සටනක්

මේ දිනවල පැවැත්වෙන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය වන ඊයේ (06)…

මෙවර “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලියේ තරග කරනා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com සුබ ප්‍රාර්ථනා කරන අතර සියලුම තරගවල තරග වාර්තා සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<