යුධ හමුදාව, ස්ලිම් ලයින් ආධිපත්‍ය බිඳ දමයි

1087
91st National Boxing Championship final day report

91 වන ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් දිනය ඊයේ උණුසුම් අයුරින් නිමාවූයේ කොළඹ රාජකීය MAS බොක්සිං කවයේදීයි. බර පංති 20ක අවසන් ගැටුම් ඊයේ බොක්සිං වළල්ල තුළදී නිමාවූ අතර, එහිදී තරඟාවලියේ පිරිමි අංශයෙන් මෙතෙක් ආධිපත්‍ය දරා සිටි ස්ලිම් ලයින් කණ්ඩායමට වඩා එක් පදක්කමකින් ඉහලට ගිය යුධ හමුදා කණ්ඩායමට සමස්ත ශූරතාවය හිමිවිය. කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගත්තේ MAS යුනිචෙලා කණ්ඩායමයි.

පසුගිය ලිපි: ස්ලිම් ලයින් සහ ආරක්ෂක සේවා පෙරමුණේ

ක්‍රීඩා සමාජ 25කගේ සහභාගීත්වයෙන් පැවති තරඟාවලියේ මූලික පරමාර්ථය වූයේ 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී විය හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමයි.

දිනයේ උද්වේගකරම තරඟය පැවැත්වුණේ කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පංතිය යටතේ ස්ලිම් ලයින් “ඒ” කණ්ඩායමේ එම්. ප්‍රභාෂ්වර සහ යුධ හමුදාවේ එස්. බණ්ඩාර අතරයි.

දෙපිලේම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද බොක්සිං වළල්ල තුළ ස්ථානගත වූ දෙදෙනාගෙන් දිස්වූයේ වේගවත් ක්‍රීඩා ශෛලියකි. එනමුත් ප්‍රථම වටයේදීම වේගවත් පහරකින් ප්‍රතිවාදියා බිම හෙලූ බණ්ඩාර, අවධානය තමා වෙත නතුකරගන්නට සමත් විය.

දෙවන වටයේදී දෙදෙනාටම විනිසුරු අවවාද හිමිවූයේ තරඟය වඩාත් උණුසුම්කාරී වූ බැවිනි. කෙසේවෙතත් තරඟයේ වේගය ඉන් කිසිසේත් අඩුනොවීය.

තෙවන වටයේදී ප්‍රතිවාදියා ඉහලට එසවීම ගැන ස්ලිම් ලයින් ක්‍රීඩක ප්‍රභාෂ්වරට අවවාද ලැබුණු අතර ඉන් ලකුණක් උපයාගැනීමට බණ්ඩාරට ඉඩ ලැබිණි.

තරඟය තුළදී මුහුණින් ලේ ගලන්නට වූ ප්‍රභාෂ්වරව කිහිපවිටක්ම වෛද්‍යවරයා වෙත යොමුකරනු ලැබීය. එනමුත් අනුකම්පා විරහිතව තම ප්‍රතිවාදියා බිම හෙලන්නට සමත් වූ යුධ හමුදාවේ බණ්ඩාර, තරඟාවලිය උඩු යටිකුරු කරමින් යුධ හමුදාව ශූරතාවය වෙත ඔසවා තැබීය. ඒ අනුව එම තරඟය නොක් අවුට් විසඳුමකින් නිමාවිය.

තරඟාවලියේ ශුරතා ප්‍රතිඵල.

  • පිරිමි 91+kg   සුපර් හෙවි වෙයිට් – බී. රත්නදිවාකරට (ස්ලිම් ලයින්) එරෙහිව ජයග්‍රහණය ඊ. තිලකරත්නට (යුධ හමුදාව).
  • කාන්තා 81+kg  සුපර් හෙවි වෙයිට් – එස්. චන්ද්‍රසේකරට (යුනිචෙලා) එරෙහිව ජයග්‍රහණය  ඒ. නිලන්තිට (හෙළ ක්ලෝදින්).
  • පිරිමි 91kg හෙවි වෙයිට් – පී. ජයසේනට (යුධ හමුදා “බී”) එරෙහිව ජයග්‍රහණය එන්. ජයවීරට (යුධ හමුදාව).
  • කාන්තා 81kg හෙවි වෙයිට් – එච්. ජයදේවට (කැෂුවල් ලයින්) එරෙහිව ජයග්‍රහණය එස්. වීරරත්නට (පොලිස් “ඒ”).
  • පිරිමි 81kg ලයිට් හෙවි වෙයිට් – එස්. බණ්ඩාරට (යුධ හමුදාව) එරෙහිව ජයග්‍රහණය කේ. ගුණරත්නට (ස්ලිම් ලයින්).
  • කාන්තා 69kg-75kg – මිඩ්ල් වෙයිට් – පී. අතපත්තුට (යුනිචෙලා) එරෙහිව ජයග්‍රහණය කේ. සුමුදුට (යුධ හමුදාව).
  • පිරිමි 75kg මිඩ්ල් වෙයිට් – කේ. කුමාරට (ගුවන් හමුදාව) එරෙහිව ජය එස්. කුමාරට (යුධ හමුදාව).
  • කාන්තා 69kg වෙල්ටර් වෙයිට් – කේ. ජයසේකරට (යුනිචෙලා) එරෙහිව ජයග්‍රහණය එන්. ධර්මසේනට (හෙළ ක්ලෝදින්).
  • පිරිමි 69kg වෙල්ටර් වෙයිට් – ඩී. මධුරංගට (යුධ හමුදාව) එරෙහිව ජයග්‍රහණය එස්. කුමාරසිංහට (නාවික හමුදාව).
  • කාන්තා 60kg-64kg – ලයිට් වෙල්ටර් වෙයිට් – යූ. කෞශල්‍යාට (ගුවන් හමුදාව) එරෙහිව ජයග්‍රහණය එල්. උදයංගිට (යුනිචෙලා).
  • පිරිමි 64kg ලයිට් වෙල්ටර් වෙයිට් – යූ. කුමාරට (ගුවන් හමුදාව) එරෙහිව ජයග්‍රහණය ඩී. සපරමාදුට (ස්ලිම් ලයින්).
  • කාන්තා 60kg ලයිට් වෙයිට් – එස්. දිලිනිට (ගුවන් හමුදාව) එරෙහිව ජයග්‍රහණය කේ.හංසිකාට (යුනිචෙලා).
  • පිරිමි 60kg ලයිට් වෙයිට් – විමුක්ති කුමාරට (යුධ හමුදාව) එරෙහිව ජයග්‍රහණය එස්. ජයවීරට (ස්ලිම් ලයින්).
  • කාන්තා 54kg-57kg – ෆෙදර් වෙයිට් – කේ. අබේරත්නට (ගුවන් හමුදාව) එරෙහිව ජයග්‍රහණය එස්. සඳරේඛාට (හෙළ ක්ලෝදින්).
  • පිරිමි 56kg බැන්ටම් වෙයිට් – එන්. අමරවංශට (ස්ලිම් ලයින් “බී”) එරෙහිව ජයග්‍රහණය ඩී.සුරේෂ්ට (ස්ලිම් ලයින් “ඒ”).
  • කාන්තා 54kg බැන්ටම් වෙයිට් – එන්. පුෂ්පකුමාරිට (යුනිචෙලා) එරෙහිව ජයග්‍රහණය එස්.කුරේට (ගුවන් හමුදාව).
  • පිරිමි 52kg ෆ්ලයි වෙයිට් – ඒම්. ප්‍රභාෂ්වරට (ස්ලිම් ලයින් “ඒ”) එරෙහිව ජයග්‍රහණය එස්. බණ්ඩාරට (යුධ හමුදාව).
  • කාන්තා 48kg-51kg – ෆ්ලයි වෙයිට් – එස්. ප්‍රියදර්ශනීට (යුධ හමුදාව) එරෙහිව ජයග්‍රහණය ජය ඩී. ජයසිංහට (යුනිචෙලා).
  • පිරිමි 46kg-49kg – ලයිට් ෆ්ලයි වෙයිට් – අයි. බණ්ඩාරට (ස්ලිම් ලයින් “ඒ”) එරෙහිව ජයග්‍රහණය එස්. රණසිංහට (හෙළ ක්ලෝදින්).
  • කාන්තා 48kg ලයිට් ෆ්ලයි වෙයිට් – එච්. වීරසිංහට (කැෂුවල් ලයින්) එරෙහිව ජයග්‍රහණය කේ. නිල්මිණිට (යුනිචෙලා).

කණ්ඩායම් ශූරතාවය (පිරිමි) ශ්‍රී ලංකා යුධ හමුදාව.

(කාන්තා) MAS යුනිචෙලා පානදුර.

කණ්ඩායම් අනුශූරතාවය (පිරිමි) ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය.

(කාන්තා) ශ්‍රී ලංකා ගුවන් හමුදාව.

කණ්ඩායම් ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතිකපත් බෙදාදීම ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට