මිලියන එකහාමාරක් සමඟින් වෙළඳසේවා වොලිබෝල් උණුසුම් වේ

414

2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙම මස සැප්තැම්බර් මස 1 වන දින ආරම්භ වන අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් මිලියන 1.5ක මුළු වටිනාකමකින් යුතු ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතය.

ධම්මිස්සර ක්‍රීඩකයෝ නැවත වරක් පාසල් වොලිබෝල් පිටිය කලඹති

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වැදගත්ම හා උද්වේගකරම ඉසව්ව …

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට ශක්තියක් වීම සහ වෙළඳසේවා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩාව සම්බන්ධව ඇති උනන්දුව ඉහළ නැංවීම අරමුණු කරගෙන වසරක් පාසා පවත්වනු ලබන මේ තරගාවලිය ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය ඇතිවයි.

පසුගිය වසරේ පැවැත්වූ මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර මෙවර තරගාවලිය සඳහා ඊට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි සංවිධායකයන් විශ්වාස කරයි.

වසර 5ක විරාමයකින් අනතුරුව 2012 වසරේ දී මෙම තරගාවලිය නැවතත් ආරම්භ කිරීමෙන් අනතුරුව වෙළඳසේවා වොලිබෝල් සංගමය මඟින් මෙවර තරගාවලිය පවත්වනු ලබන්නේ 8 වන වරට  වන අතර මේ තරගාවලිය මෙරට වෙළඳසේවා ක්ෂේත්‍රයේ මෙන්ම ජාතික වශයෙන් ද ක්‍රීඩා දින දර්ශනයේ විශේෂ ස්ථානයක් හිමිකරගත්තකි.

වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලිකම අරමුණ වී ඇත්තේ වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් හට සිය එදිනෙදා කාර්යබහුල කාලසටහනේ තිබෙන ඒකාකාරීත්වයෙන් මිදී, මානසික සුව සහනය උදෙසා ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාවක් සලසා දී ඔවුන්ගේ දක්ෂතාව ඉහළ නංවාලීමයි. එසේම කණ්ඩායම් තරගයක් වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වීම තුළින් ඔවුන් අතර ඇති කණ්ඩායම් හැඟීම වර්ධනය වන අතර එය ඔවුන් සේවය කරන ආයතනවලට වාසිදායක වේ. එමෙන්ම මේ හරහා සේවකයින්ගේ සැඟවී ඇති ක්‍රීඩා හැකියාවන් ද හඳුනා ගත හැකි අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට ද මෙය බෙහෙවින් වැදගත් වනු ඇත.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වන වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන …

ශ්‍රී ලංකාව තුළ නමක් දිනා සිටින වෙළඳ ආයතන සහ සන්නාමයන් මෙවර තරගාවලියේ අනුග්‍රාහකත්වය දැරීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. ඒ අනුව ‘Platinum Sponsor’ ලෙස ‘MAS’ ආයතනයත්, ‘Gold Sponsors’ ලෙස ‘Sunquick’, ‘Lanka Tiles’, ‘Brandix’, ‘Expo Lanka Holdings PLC (EFI)’, ශ්‍රී ලංකා ටෙලිකොම් හා ‘David Pieris Motor Company Limited’ ආයතනත්, ‘Silver Sponsors’ ලෙස ‘Damro’ සහ ‘Omega Line’ යන ආයතනත් ඉදිරිපත්ව තිබේ.

මෙවර තරගාවලිය සැප්තැම්බර් හා නොවැම්බර් මාසවල දී ක්‍රියාත්මක වීමට නියමිතය. තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 1 හා 2 මහරගම තරුණ සේවා සභා  ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහි අවසන් වටයේ තරග නොවැම්බර් මස 10 හා 11 යන දිනවල දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගාවලිය කාන්තා හා පිරිමි යන තරග අංශ දෙක ඔස්සේම පැවැත්වෙන අතර ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුකූලව තරගාවලිය පවත්වනු ලබයි.   

තරගාවලිය සුපිරි ලීගය, ශූරතා තරගාවලිය සහ A කාණ්ඩය යනුවෙන් තරග අංශ තුනක් ඔස්සේ පවත්වනු ලබන අතර සියලුම ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල්වල වටිනාකම රුපියල් මිලියන 1.5 ඉක්මවනු ලබයි. ඊට අමතරව තරගාවලියේ කාන්තා තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට ස්කූටර් යතුරුපැදියක් ද, පිරිමි තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා හට යතුරුපැදියක් ද පිරිනැමෙනු ඇත. ඊට අමතරව ශූරයින්, අනුශූරයින් හට මෙන්ම කාන්තා හා පිරිමි තරග අංශවල දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද කුසලාන පිරිනැමේ.

පසුපසින් හඹා ආ ආනමඩුව ක්‍රීඩිකාවෝ 19න් පහළ ශූරතාවය දිනති

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන …

තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම 2018 අගෝස්තු මස (20) වැනිදායින් අවසන් කෙරෙන අතර මීට අදාළ වැඩිදුර තොරතුරු 0710 682 682 (චන්දන) හා 0776485456 (බුද්ධි) අංක වෙත ඇමතීමෙන් හෝ www.mva.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. එසේ නොමැති නම් [email protected] යන විද්‍යුත් තැපෑල වෙත විද්‍යුත් තැපැල් පතක් යොමු කිරීමෙන් දැන ගැනීමට අවස්ථාව ඇත.

තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට අදාළ ආයතනය තුළ මාස 02කට අධික කාලයක් සේවය කර තිබිය යුතුය. අයදුම්පත් තැපැල් කළ යුතු ලිපිනය වන්නේ වෙළඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයටයි. ඊට අමතරව අදාළ ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “වෙළඳසේවා වොලිබෝල් 2018” වෙනුවෙන් සටහන් කර තිබිය යුතුය.

තරගාවලියේ විවිධ අංශවල ජයග්‍රාහක කණ්ඩායම් සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල් පහත පරිදි වේ

පිරිමි – සුපිරි ලීගය

1 වන ස්ථානය – රු. 150,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය

කාන්තා – සුපිරි ලීගය

1 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

පිරිමි – ශූරතා අංශය

1 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

කාන්තා – ශූරතා අංශය

1 වන ස්ථානය – රු. 80,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 40,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

පිරිමි – A කාණ්ඩය

1 වන ස්ථානය – රු. 30,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 20,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 10,000 සහ කුසලානය

කාන්තා – A කාණ්ඩය

1 වන ස්ථානය – රු. 30,000 සහ කුසලානය

2 වන ස්ථානය – රු. 20,000 සහ කුසලානය

3 වන ස්ථානය – රු. 10,000 සහ කුසලානය

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<