ලොව පැරණිතම ඔරු පැදීමේ තරගාවලියක් බෙරේ වැවේ දී

164

කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය සංවිධානය කරනු ලබන ‘Madras Colombo Regatta’ අන්තර් සංගම් ඔරු පැදීමේ තරගාවලිය 79 වන වරටත් ජූලි 21 වන සෙනසුරාදා කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

රවිඳු සහ මිහිලියා තරගාවලියේ ශූරතා දිනති

වාර්තා පිට වාර්තා පිහිටවූ විසි හැවිරිදි ස්කොෂ් ක්‍රීඩා තරුව, මිහිලියා මෙත්සරණි…

තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රථම මාධ්‍ය හමුව 18 වැනිදා සවස කොළඹ ඔරු පදින්නන්ගේ සංගමයේ මූලස්ථාන පරිශ්‍රයේ දී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

ශ්‍රී ලංකාවේ පැරණිතම ඔරු පැදීමේ සංගමය වන කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය විසින් දිවයින පුරා මෙම ක්‍රීඩාව සඳහා දක්ෂතා හා කුසලතා පෙන්වනු ලබන පාසල් ළමුන්ගේ ද, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද එම හැකියාවන් ඔප දැමීමෙහි ලා සුවිශේෂ මෙහෙයක් සිදුකර ඇත. එම සංගමය ආරම්භයෙන් වසර තුනකට පසු ඉන්දියාවේ එන්නොර් ප්‍රාන්තයේ ඇළ මාර්ග ආශ්‍රිතව ඇරඹුණු මදුරාසි ඔරු පදින්නන්ගේ සංගමය ද (Madras Boat Club – MBC) ඉන්දියාවේ පැරණිතම ඔරු පැදීමේ සංගම්වලින් එකකි.   

මදුරාසි ඔරු පැදීමේ සංගමය හා කොළඹ ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ‘Madras Colombo Regatta’ තරගාවලිය ලොව පැරණිතම ඔරු පැදීමේ තරගාවලිවලින් එකක් මෙන්ම එය ලොව පැරණිතම අන්තර් සංගම් ඔරු පැදීමේ තරගාවලියක් ද වනවා.

මෙවර තරගාවලිය තුළ දී යාර 1000ක මුළු දුරක් ආවරණය වන අතර ප්‍රවීණයන්ගේ තරගයට (Madras Colombo Masters Race) යාර 546.7ක් ඇතුලත්වනු ඇත. සමස්ත පිරිමි හා කාන්තා ශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා පිළිවෙළින් කීර්තිමත් Deepam කුසලානය සහ Adyar කුසලානය පිරිනැමීමට නියමිතයි. පිරිමි කණ්ඩායම් සඳහා Coxless Four, Coxless Pair, Double Scull, Single Scull යන අංශ යටතේ A හා B ලෙස කාණ්ඩ දෙකක් මත තරග පැවැත්වෙන අතර කාන්තා කණ්ඩායම් සඳහා ද Coxless Four, Coxless Pair, Double Scull, Single Scull අංශ යටතේ තරග පැවැත්වෙනු ඇත.

“අපිට බොහොම සතුටුයි මැඩ්රාස් සංගමයෙන් මෙහෙට එන එක ගැන. ඔවුන් හට ඉතා ඉහළ ආගන්තුක සත්කාරකත්වයක් ලබා දීමට කටයුතු යෙදීම මඟින් අපි බලාපොරොත්තු වෙනවා අපේ බැඳීම තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට. අපි බොහොම ආඩම්බරෙන් කියන්නේ මේ තමා ලෝකයේ දෙවන පැරණිතම ද්වන්ද සටන” – දිනේෂ් දෙහෙරගොඩ මහතා මාධ්‍ය හමුවේ දී මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

මෙම තරගාවලිය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ කාන්තා විද්‍යාලයීය කණ්ඩායම් ද සහභාගී වීමට නියමිතය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<