සංවිධායකයින් එකතු වී බ්‍රැඩ්බි කල් දමයි

132

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන, පාසල් රග්බි පිටියේ දැවැන්ත මහා සටනක් වන බ්‍රැඩ්බි පලිහ සංග්‍රාමයේ 75 වැනි සංග්‍රාමය කල් දැමීමට පාසල් දෙකේ සංවිධායකයින් තීරණය කර ඇත.

අදියර දෙකක් යටතේ පැවැත්වෙන බ්‍රැඩ්බි සංග්‍රාමයේ මෙවර පළමු අදියර මැයි 11 වැනිදා සහ දෙවැනි අදියර මැයි 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණ ද, පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් දිවයිනේ උද්ගත වී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් අදියර දෙකම කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

පාසල් රග්බි තරග තවතවත් කල් යන ලකුණු!

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ඛේදවාචකය …..

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග ද දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කළ අතර ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් මෙවර බ්‍රැඩ්බි පලිහ සංග්‍රාමයේ පළමු අදියර, පාසල් රග්බි ලීගයේ දෙවන වටයේ තෙවැනි සතියේ දීත්, දෙවන අදියර පාසල් රග්බි ලීගයේ දෙවැනි වටය අවසන් වීමෙන් පසුවත් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති ඇන්ඩෘ ෆව්ලර්-වොට් මහතා පවසා සිටියේ දිවයිනේ උද්ගත වී ඇති තත්වය හමුවේ මෙවැනි ආකාරයක තරගයක් පැවැත්වීම අනාරක්ෂිත බවයි.

“රාජකීය විදුහලේ විදුහල්පති හා මම මේ තීරණය ගත්තේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, එසේම පොලිසියේ හා අනෙකුත් බලධාරීන්ගේ උපදෙස වූයේ ද මෙම තරගය දැන් පැවැත්වීම අනාරක්ෂිත බවයි” යැයි එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

2015 වසරේ සිට පාසල් රග්බි ලීගයේ වැඩකාරයෝ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ……

එසේම මෙම පාසල් සංග්‍රාමය නැරඹීම සඳහා පාසල් දෙකේම විදෙස් ගත වී සිටින ප්‍රේක්ෂකයින් මෙන්ම ආදි ශිෂ්‍යයින් ද වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිත නිසාවෙන් ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලුම කරුණු සලකා බලා නොපමාව මෙම තීරණය ගැනීමට සිදු වූ බව ද එහි සඳහන්ව තිබුණි.

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ වන දිනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර දෙවැනි පාසල් වාරය ආරම්භ වීමෙන් අනතුරුව මැයි මස 7 වැනිදා රග්බි ලීගය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<