ජෝෂප් බ්ලැටර් FIFA, AFC නියෝජිතයින් ශී‍්‍ර ලංකා ෆුට්බෝල් 75 වැනි සංවත්සරය සමරයි

169

අටවෙනි වරටත් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම වත්මන් සභාපතිවරයා ද වන ස්විස් ජාතික පාපන්දු පරිපාලක ජෝෂප් සෙප් බ්ලැටර් මහතා එළඹෙන දෙසැම්බර් 01 වැනි දින ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

සෙප් බ්ලැටර් මහතා සම`ගින් ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂේක සල්මන් බින් ඒබ‍්‍රහිම් අක් ඛලීෆා, කටාර් පාපන්දු සම්මේලනයේ සභාපති ෂේක් හමාඞ් බින් ඛලීෆා අල් තානි ඇතුළු ජපානය, කොරියාව, තායිලන්තය, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සෞදි අරාබිය නියෝජනය කරමින් ලෝක පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සම්භාවනීය අමුත්තන් රැුසක් මෙරටට පැමිණීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ස`දහා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතා කියා සිටියේ බ්ලැටර් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය, මෙරට පාපන්දු කී‍්‍රඩාවේ අභිවෘද්ධියට අතිවිශාල ජීවයක් ගෙන දෙන බවයි. 

‘‘අපගේ 75 වැනි සාංවත්සරික සැමරුම් උළෙලට බ්ලැටර් මහතාගේ පැමිණීම අපට විශාල ශක්තියක්. 75 වැනි සංවත්සරය නිමිත්තෙන් 75 වැනි සැමරුම් ලාංජනය එළිදැක්වීම, ජාතික පාපන්දු භාරය දියත් කිරීම, අතීත පාපන්දු විරුවන් තිදෙනෙකු ඇගයීම හා නව ජාතික පාපන්දු නිල ජර්සිය එළිදැක්වීම යනාදී සියල්ල සිදුකිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා’’.

බ්ලැටර් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරයෙහි සංවිධාන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනුයේ ටෙ‍්‍රවර් රෙකර්මන් මහතාය. මෙරට කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු වන ඒ මහතා, බ්ලැටර් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරයේ කාලසටහන පිළිබ`ද නිවේදනය කරමින් කියා සිටියේ මෙය දේශීය පාපන්දු කී‍්‍රඩාවේ උන්නතිය ස`දහා ඒ මහතාගේ පැමිණීම බෙහෙවින් ඉවහල් වන බවයි. 

‘‘බ්ලැටර් මහතාගේ පැය 36 ක ශී‍්‍ර ලංකා සංචාරය තුළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතයි. තවත බොහෝ දෙනා පුලපුලා බලා සිටි යාපනය කී‍්‍රඩාංගනය විවෘත කිරීම, දේශීය පාපන්දු නියෝජිතයින් හමුවීම හා දේශීය පාපන්දු කී‍්‍රඩාවේ 75 වැනි සංවත්සරය සැමරීම යන ඉසව් ස`දහා එක්වීමට නියමිතයි’’.

‘‘පසුගිය කාලය පුරාවට අප මෙරට පාපන්දු කී‍්‍රඩාවේ විශිෂ්ට වර්ධනයක් සාක්‍ෂාත් කර ගෙන තිබෙනවා. එළඹෙන අපේ‍්‍රල් මාසයේ දී මීළ`ග වාරය ඇරඹෙන තෙක් පාපන්දු කී‍්‍රඩාවේ කැපීපෙනෙන වෙනස්කම් රැුසක් මේ වන විට සිදුකරමින් පවතිනවා. එසේම අද වන විට ලෝක පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සම්මේලනය ඇතුළු ආසියානු සම්මේලනයේ මිත‍්‍ර සාමාජික සංගම්වලින් සුවිශේෂී අරමුදල් ලබා ගැනීමටත් හැකිවී තිබෙනවා. මේ ස`දහා මෙරට කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ද කැපීපෙනෙන දායකත්වයක් ලැබීම අප අගය කරනවා. එමෙන්ම මෙරට පෞද්ගලික අංශයේ සමාගම්වලින් කාගිල්ස් සිලෝන් පීඑල්සී හා ඩයලොග් ආසියාටා පීඑල්සී පාපන්දු කී‍්‍රඩාව ස`දහා ලබා දෙන්නේ අනගි සහායක්. අපගේ අනුබද්ධ ලීග් තර`ගමාලා ස`දහා කාගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම ඉදිරියේ දී ජාතික හවුල්කරු වශයෙන් එක්වීමට නියමිතයි’’, යනුවෙන් රොද‍්‍රිගු මහතා මෙහිදී කියා සිටියේය.

රංජිත් රොද්‍රිගු මහතා වසරේ දී දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපතිවරයා වශයෙන් පත් වූ අතර පසුගිය වසර පුරාවට මෙරට පාපන්දු කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් අන්තර්ජාතික සහාය ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත. 

‘‘ලෝක පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරුන් මෙන්ම අපගේ සහෝදර ආසියානු රටවල පාපන්දු සංගම් නියෝජිතයින් සම`ග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට හැකිවීම මම ඉතා භාග්‍යයක් කොට සලකනවා. කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව, ජපානය, තායිලන්තය, ඉන්දියාව යනාදී රටවල සභාපතිවරුන් රැුසක් අද වන විට අපගේ කිට්ටු හිතෛෂින් බවට පත්ව තිබෙනවා. මේ හේතුව නිසාම පෙර නොවූ විරූ ලෙස පාපන්දු තර`ගමාලා සහ ඉතා වැදගත් පාපන්දු ඉසව් ස`දහා අපට ආරාධනය කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා’’, යැයි රොද්‍රිගු මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් රොද්‍රිගු මහතා කියා සිටියේ ජාතික මට්ටමෙන් මෙන්ම බිම් මට්ටමෙන් පාපන්දු කී‍්‍රඩාව දියුණු කිරීම ස`දහා තවදුරටත් පහසුකම් සැපයීම අවශ්‍ය කෙරෙන බවත් ඒ වෙනුවෙන් කෙටිකාලීන හා දිගුකාලීනස සැලසුම් කිහිපයක්ම කි‍්‍රයාවට නංවා තිබෙන බවත්ය. 

‘‘FIFA,විසින් අප වෙත පාපන්දු මධ්‍යස්ථාන කිහිපයක් ප‍්‍රදානය කොට තිබෙනවා. මෙය අපගේ තරුණ පාපන්දු කී‍්‍රඩකයින්ට මනා රුකුලක් වන බව විශ්වාසයි. එසේම පාපන්දු කී‍්‍රඩාවේ දක්‍ෂතා ප‍්‍රකට කරන යෞවනයින් ස`දහා පාපන්දු ඇකඩමි දියත් කිරීමට ඇති හැකියාව පිළිබ`දවත් මේ වන විට සොයාබලමින් සිටිනවා. හො`ද කී‍්‍රඩාංගනවල හි`ගය, නිසි පරිදි අරමුදල් ගලා නොඒම ආදිය ඊට ඇති බාධා ලෙස අප සොයාගෙන තිබෙනවා. මෙවැනි පහසුකම්වලින් තොරව අපගේ ජාතික කණ්ඩායම ජාත්‍යන්තර තලයට ගෙන ඒමට අපහසුයි. එබැවින් එය ප‍්‍රමුඛ පෙළේ කණ්ඩායම් මෙරට ගෙන්වා ගැනීඹ අධෛර්යය කරලීමක් වෙනවා. මේවා එක රැුයකින් විස`දිය හැකි ගැටළු නොවුණත් ඒ ස`දහා විධිමත් ලෙස විස`දුම් ලබා දීමට කි‍්‍රයා කළ යුතුයි’’, යැයි රංජිත් රුද්‍රිගු මහතා කියා සිටියේය. 

‘‘පාපන්දු යන් ලොව වඩාත්ම ජනපි‍්‍රය කී‍්‍රඩාවයි. එය ලෙහෙසියෙන්ම ජනපි‍්‍රය කරලිය හැකි කී‍්‍රඩාවක්. ශී‍්‍ර ලංකාව තුළ එසේ නොවීමට කිසිදු හේතුවක් නැහැ. ඒ වෙනුවෙන් අප හට කළ යුතු වැඩ රැුසක් තිබෙනවා. පාපන්දු යනු වඩාත් ආකර්ෂණීය කී‍්‍රඩාවක්. මිනිත්තු 90 ක් තුළ එහි ප‍්‍රතිඵලය බලා ගත හැකියි. එසේම එය සාපේක්‍ෂව වැඩි වියදමක් යන කී‍්‍රඩාවකුත් නොවෙයි. අපගේ යෞවනයින් ජාත්‍යන්තර ලීග් තර`ග ස`දහා යොමු කරලීම අපගේ අභිප‍්‍රායයි. අපගේ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වන කී‍්‍රඩාවක් මට්ටමට පාපන්දු කී‍්‍රඩාව ගෙන ඒම අපේ ඉලක්කයයි. එසේම අපගේ තරුණයින්ට නායකත්වය, කණ්ඩායම් හැ`ගීම, කී‍්‍රඩාශීලීත්වය යනාදී ගුණාංගයන් ප‍්‍රගුණ කිරීමටත් පාපන්දු කී‍්‍රඩාව සැබැවින්ම වැදගත් වෙනවා’’, යැයි රුද්‍රිගු මහතා අවසාන වශයෙන් පැවසීය.