මිස්ටර් ශ්‍රී ලංකා තරගබිම යුධ හමුදා ආක්‍රමණයට නතු වෙයි

222

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් 71 වැනි වරටත් සංවිධානය කළ මිස්ටර් ශ්‍රී ලංකා 2018 ශූරතා තරගාවලිය පසුගිය සෙනසුරාදා (22) හොරණ ශ්‍රීපාලි මණ්ඩප ශ්‍රවණාගාරයේ දී ඉතා සාර්ථක අයුරින් නිමා විය.

ආසියාවේ කළු සිංහයා ලක් මාතාව නැවතත් රනින් සරසයි

“ආසියාවේ කළු සිංහයා” ලෙසින් විරුදාවලිය ලත් අප සැමගේ ගෞරවාදරයට පාත්‍ර වන විශිෂ්ට …

පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ ජයඝෝෂා මධ්‍යයේ මෙවර මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ තමන් සතු කරගැනීමට කි.ග්‍රෑ. 90 බර පන්තියේ ශූරයා බවට පත් වූ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එච්. ඒ. එස්. සම්පත් සමත් විය.

සමස්ත තරගාවලියේ අනුශූරතාව සහ තෙවැනි ස්ථානය දිනා ගනිමින් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට පිළිවෙළින් කි.ග්‍රෑ. 65 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගත් වයි. ජී. අමිල සහ කි.ග්‍රෑ. 80 බර පන්තිය නියෝජනය කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගත් ඩබ්. ඩී. සී. ඩයස් යන ක්‍රීඩකයින් දෙදෙනාට හැකි විය.

ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන හිමිකරගත් ශූරයින් තිදෙනා ඇගයීම සඳහා පිළිවෙළින් රු.200,000, රු.150,000 සහ රු.100,000 බැගින් වූ ත්‍යාග මුදල් පිරිනැමීමට සංවිධායක කමිටුව කටයුතු සම්පාදනය කර තිබුණි.

කවුද මේ නායකකම ගන්න යන පොඩි ළමයා?

සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව සැබෑ කරමින් ඉන්දියාව සමඟ ..

පළමු වටයේ දී බර පන්ති 10ක් යටතේ ක්‍රීඩකයින් 200කට ආසන්න ප්‍රමාණයක් එකිනෙකා පරයමින් නැඟී සිටි අතර බර පන්ති 6ක ජයග්‍රහණය තමන් සතු කර ගනිමින් යුධ හමුදා කණ්ඩායම සිය ආධිපත්‍යය පතුරවාලීය.

මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතාවලිය හා සමගාමීව පැවැත්වූ තවත් ශූරතා තරගාවලීන් ත්‍රිත්වයක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වය කැපී පෙනුණි.

සමගාමීව පැවැත් වූ තරගාවලීන් සහ ජයග්‍රාහකයින්

වයස අවු. 21න් පහළ ක්‍රීඩකයින් සඳහා පැවැත් වූ කනිෂ්ඨ කායවර්ධන තරගාවලිය

  • කි.ග්‍රෑ. 70ට අඩු බර පන්තිය – එම්. කේ. ඉලංගකෝන් (පවර් රික්රෙට්)
  • කි.ග්‍රෑ. 70ට වැඩි බර පන්තිය – එල්. එච්. වී. ලක්මිණ(උණවටුන ෆිට්නස්)
  • වයස අවු.50ට වැඩි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීම සඳහා පැවැත්වූ තරගාවලිය – පී. බී. එල්. නිශාන්ත පෙරේරා(S.J.ෆිට්නස්)

හොඳම ශාරීරික යෝග්‍යතාව සහිත ක්‍රීඩකයා තේරීම සඳහා පැවැත් වූ තරගාවලිය

  • පිරිමි – එස්. පී. ඒ. වී. සමරසිංහ (යුධ හමුදාව)
  • කාන්තා – තමරා ප්‍රනාන්දු (බොඩි බාර්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<