2018 FA කුසලානය සඳහා ක්‍රීඩා සමාජ 715ක්

477

මාස කිහිපයක පමාවකින් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන 2018 FA කුසලාන පාපන්දු ශූරතා තරගාවලිය අප්‍රේල් 22 දා (අද) ආරම්භ වීමට නියමිතයි.

මේ වසරේ දී පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට කණ්ඩායම් 715ක්, පාපන්දු ලීග 60ක් නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි. ලීග් අදියර, දිස්ත්‍රික්ක/පළාත් අදියර හා අවසාන අදියර ලෙස අදියර තුනක් ඔස්සේ තරග පැවැත්වීමට නියමිතයි.

ජාතික සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත කැඳවයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක් නැවතත් ශ්‍රී ලංකා පාපන්දු ජාතික සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා පාපන්දු…

ලීග් අදියරේ ශූරයින් වන කණ්ඩායම් 60ක් දිස්ත්‍රික් හා පළාත් අදියරට සුදුසුකම් ලබන අතර පළාත් හෝ දිස්ත්‍රික් අදියරට පෙර එම කණ්ඩයම්වලට තමන් නියෝජනය කරන ලීගයේ කණ්ඩයම් වලින් ක්‍රීඩකයින් ලබා ගැනීම හෝ හුවමාරු කිරීම සිදු කළ හැක. එසේ ලබාගත හැකි ක්‍රීඩකයින් ගණන තරගාවලියේ සංවිධාන කමිටුව තීරණය කරනු ලබයි.   

දිස්ත්‍රික් හා පළාත් අදියරෙන් කණ්ඩයම් 32ක් තෝරා ගන්නා අතර ඔවුන්ට කණ්ඩයම් 64 වටයට යාමට අවස්ථාව හිමි වේ. පසුගිය වසරේ අවසන් කණ්ඩයම් 32 ද මෙම කණ්ඩයම් 64 වටයට ඇතුලත්වනු ඇත.

එතැන් සිට අවසන් පූර්ව වටය දක්වා තරගාවලිය පැවැත්වෙන ආකෘතිය තරගාවලි සංවිධායකයින් තීරණය කරනු ලබයි.

පළමු අදියර සඳහා තරගයන් ඒ ඒ ලීග වල ක්‍රියාත්මක වන අතර එම ලීගයන්හි ලේකම්වරු තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි සංවිධායක මණ්ඩලය සමඟ ඉදිරියට පවත්වා ගෙන යනු ලැබේ.  

SAFF තරගවලට ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන්

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් 12 වන වරටත් පවත්වනු ලබන 2018 දකුණු ආසියානු පාපන්දු කුසලාන (සුසුකි පාපන්දු කුසලාන) පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු…

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන හෝ විදේශික ක්‍රීඩකයින් තරගාවලිය ඉදිරිපත් කළ නොහැකි අතර සෑම කණ්ඩයමක් ම සිය 25දෙනාගේ සංචිතය තුලට ශ්‍රී ලංකා ගුවන් හමුදා, යුධ හමුදා, නාවික හමුදා, පොලිස් හෝ සිවිල් ආරක්ෂක සේනාවේ තාවකාලික හෝ ස්ථිර සේවයේ නිරත ක්‍රීඩකයින් තිදෙනෙකු  අන්තර්ගත කළ යුතුය.

තරගාවලියට සහභාගී වන පාපන්දු ලීගයන් (කණ්ඩයම් ගණන)

අම්පාර (21) – අනුරාධපුර (15) – අම්බලන්ගොඩ  (15) – අක්කරෙයිපත්තු (5) – බදුල්ල (2) – බණ්ඩාරවෙල  (9) – මඩකලපුව (24) – බේරුවල (19) – බියගම (6) – බලන්ගොඩ  (6) – නගර (16) – කොළඹ (20) – සිවිල් (1) – හලාවත (1) – දෙහිවල  (26) – දිවුලපිටිය (7) – ඇඹිලිපිටිය (2) – ගාල්ල (5) – ගම්පොල (8) – ගම්පහ  (10) – රාජ්‍ය (1) – හැටන් (23) – හම්බන්තොට (3) – යාපනය (33) – කළුතර (8) – මහනුවර  (10) – කෑගල්ල (3) – කුරුණෑගල (16) – කිලිනොච්චිය (33) – කින්නියා (15) – කාත්තන්කුඩි (20) – කල්කුඩා  (6) – රුහුණුමාගම්පුර (11) – මන්නාරම (36) – මාතලේ (10) – මාතර (12) – මාවනැල්ල (7) – මුලතිව් (14) – මධුමන්තයි බටහිර  (14) – මුතුර් (6) – එන්. එස්. එස්. ඒ (2) – නාවලපිටිය (7) – මිගමුව (13) – නුවරඑළිය (14) – ඔඩ්ඩමාවඩි (7) – පඩුවස්නුවර (3) – ප්ලේ ග්‍රවුන්ඩ්ස්  (3) – පේදුරු තුඩුව (19) – පොල්ගහවෙල (5) – පොලොන්නරුව (10) – පුත්තලම (10) – රත්නපුර (9) – ශ්‍රී ජයවර්ධනපුර (11) – ගුවන් හමුදා (1) – යුධ හමුදා (1) – නාවික හමුදා  (1) – පොලිස් (1) – විශ්ව විද්‍යාල (10) – සීතාවක (13) – ත්‍රිකුණාමලය (11) – වවුනියා (15) – වලිකාමම් (18) – වඩමාරච්චි (14) – වත්තල (8) – වෙන්නප්පුව (10)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<