භානුක, අශේන් සහ රමේෂ්ගෙන් වැඩි දක්ෂතා

89

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) දින නිමා වූ තරගවල දී භානුක රාජපක්ෂ, අශේන් සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් වැඩි දක්ෂතා දක්වමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයෝ බවට පත්වූහ.

වෙළඳසේවා ක්‍රිකට් ලීග් ශූරතාව LB ෆිනෑන්ස්ට

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරට සංවිධානය කළ…..

මේ අතර B කාණ්ඩයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

ජෝන් කීල්ස් සහ ඩිමෝ අතර තරගය

A කොටසේ තරගයක් ලෙස කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගය ආරම්භයේ දී පන්දුවාර 50ක තරගයක් සේ පැවැත්වුවද අතරමග දී වර්ෂාව හේතුවෙන් සහ ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 39කට සීමා විය. 

කාසියේ වාසිය දිනා ගත් ඩිමෝ නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 234ක් ලබා ගත්හ.  

ජෝන් කීල්ස් ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 89කි. ඒ අශේන් සිල්වා සහ දිමුත් කරුණාරත්න එකතුව ය. ඒ අතරින් මුලින්ම කඩුල්ල අහිමි කර ගත්තේ අශේන් සිල්වා ය. ඔහු ඒ වන විට පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියේය.

Photos: JKH – A vs DIMO | 27th Singer-MCA Premier League 2020

දෙවැනි කඩුල්ල ලෙසින් දිමුත් කරුණාරත්න දැවී යන විට පන්දු 30කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියේය.

අනතුරුව සිව්වැනි කඩුල්ලේ දී ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් එක්විය. ඒ නායක භානුක රාජපක්ෂ සහ රොෂේන් සිල්වා අතරය. ඒ අතරින් භානුක රාජපක්ෂ පන්දු 60කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 66ක් ද රොෂේන් සිල්වා පන්දු 38ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්හ. 

කඩුලු දවා ගැනීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පසිඳු මධුශාන් සහ සම්මු අශාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දුවිඳු හා කොත්තිගොඩ ඇතුළු බී. ආර්. සී කණ්ඩායමෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට්…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩිමෝ කණ්ඩායමට අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරන විට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 195ක් පමණි. ඒ වන විට ඔවුන් මුහුණ දී සිටියේ පන්දුවාර 34කට පමණක් වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් ලබා සිටිය යුතු ලකුණු ප්‍රමාණය වූයේ 209කි.

එම ඉනිම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේය. ඊට අමතරව මතීෂ පෙරේරා පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙනුනි.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න, රොෂේන් සිල්වා සහ චමිල්ක එදිරිසිංහ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 234 (39) අශේන් සිල්වා 58, දිමුත් කරුණාරත්න 25, භානුක රාජපක්ෂ 66, රොෂේන් සිල්වා 33, පසිඳු මධුශංක 2/40, රමේෂ් මෙන්ඩිස් 3/49, සම්මු අශාන් 2/34. 

ඩිමෝ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 195 (34) තික්ෂිල ද සිල්වා 31, රමේෂ් මෙන්ඩිස් 49, මතීෂ පෙරේරා 39, ඉෂාන් ජයරත්න 2/31, අශේන් සිල්වා 2/26, චාමිකර එදිරිසිංහ 2/53.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<