6 වැනි වරටත් ඩිල්මාහ් ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පවත්වනු ලබන “ඩිල්මාහ් අභියෝගතා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය” එළඹෙන ජුනි මස 03 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නවකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට, දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ලියාපදිංචිව සිටින සියලුම කණ්ඩායම් සඳහා සහභාගී විය හැකි සේම ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට ඇති මහඟු අවස්ථාවක් ලෙස ද සඳහන් කළ හැකිය. මෙම තරගාවලිය හරහා දස්කම් දක්වන්නා වූ දක්ෂ තරු අනාගතයේ ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ද උදාවනු ඇත.

ඩිලක්ස් සමාගම ThePapare.com සමඟින් අත්වැල් බැඳ ගනියි

ක්‍රිකට් උපකරණ ඇතුළුව තත්වයෙන් උසස් ක්‍රීඩා භාණ්ඩ අළෙවි කරන ප්‍රමුඛ පෙළේ විශ්වාසවන්ත ඉන්දියානු සමාගමක් වන ඩිලක්ස් ක්‍රීඩා ආයතනය (DSC) ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com…

පසුගිය දා ඉන්දියාවේ බැංගලෝර් හිදී නිමාව දුටු  ලෝක ශූරතා 20-20 දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත කණ්ඩායම එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, නේපාලය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 3 වැනි ස්ථානය දක්වා පියමනින්නට සමත් විය. තරගාවලිය අවසානයේ දී ඉන්දීය කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා විට පකිස්ථානය අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

2005 වසරේ සිට ඩිල්මාහ් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් වාර්ෂිකව පවත්වන ජාතික තරගාවලියක් වන මෙම තරගාවලියට මෙවර එකතු වන කණ්ඩායම් ගණන 11කි. එහි දී දිස්ත්‍රික්ක 6ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් තරග වදින අතර සහභාගී වන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ තරග වට 3ක් සඳහා සහභාගී විය යුතු යි. ඉන්පසුව ලීග් ක්‍රමයට තරග පැවැත්වේ. සම්පූර්ණ තරගාවලිය තුල තරග 30ක් කොළඹ සහ මොනරාගල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වීමට සංවිධායකවරුන් තීරණය කර ඇත.

පසුගිය වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා පැවති 5 වැනි ඩිල්මා අභියෝගතා තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගී වූ අතර තරග 37කට පසුව අවසන් ශූරතාවය දිනා ගැනීමට “රණවිරු සෙවන ක්‍රිකට් සමාජය” සමත් විය.

අද (31) පැවති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී ඩිල්මාහ් තේ නිර්මාතෘ ගරු මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ, “දෘශ්‍යාබාධිතයින් සඳහා වූ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය, ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප් නංවා ගැනීමට ඇති අවස්ථාවකි. එසේම ඔවුන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවකි. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට අතහිත දීම කාගේත් වගකීමකි. ශ්‍රී ලංකාව ක්‍රිකට් රටක් ලෙස ප්‍රචලිත වී ඇති බැවින් මෙම තරගාවලිය තුලින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල පිළිගැනීමකට ලක්වනු ඇති බව මාගේ විශ්වාසසයි”.

සහභාගී වන කණ්ඩායම්:

  • රණවිරු සෙවණ රාගම
  • ශක්ති ක්‍රීඩා සමාජය
  • සුපර් කිංග්ස් තංගල්ල
  • රජරට ජයවිරු
  • අන්ධ සභා කණ්ඩායම
  • සිහ ශක්ති ක්‍රීඩා සමාජය
  • සෙනෙහස ක්‍රීඩා සමාජය
  • යාපනය ක්‍රීඩා සමාජය
  • සුබග්‍යා ක්‍රීඩා සමාජය
  • බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය
  • අන්ධ පාසල් කණ්ඩායම

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට