පළමු දිනය අවසානයේ වේල්ස් කුමරුවන් පෙරමුණේ

471

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන වරට පැවැත්වෙන මොරටු රන් මහා සටන අද (09) මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

උදෑසන පටන් එහි පැවතියේ තරමක් අඳුරු කාලගුණ තත්වයකි. කෙසේ නමුත් වර්ෂාව ඇදහැලෙන සේයාවක් දිස්නොවූ අතර ඒ අනුව තරගය නියමිත වේලාවට ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායමේ නායක සවිඳු පීරිස් පළමුව පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළේය.

මැංගුස් හටනේ පළමු දිනයට කාලගුණය හරස් වේ

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට්…

ඒ අනුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඇරයුමෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පැමිණියේ ෂනෙල් ප්‍රනාන්දු සමඟින් නිෂිත අභිලාෂ් ය. අනෙක් පසින් වේල්ස් කුමාර විද්‍යාලයේ ආරම්භක පන්දු යැවීමේ යුගලය වූයේ නදුක ප්‍රනාන්දු සමඟින් උපනායක අවිඳු ප්‍රනාන්දු ය.

තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබාගත් සාන්ත සෙබස්තියානුවන් කිසිදු පීඩනයකින් තොරව පන්දුවට පහර දීමට සමත් වූ අතර පළමු කඩුල්ලට වේගවත් අර්ධ ශතක සබඳතාවක් එක් කරන්නට ෂනෙල් සහ නිෂිත සමත් විය. පන්දුවාර 10කින් අනතුරුව වේල්ස් කුමාර වේගපන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය හමුවේ ප්‍රතිවාදී කඩුලු දවා ගැනීමේ වගකීම පැවරුණේ මෙම තරග වාරය පුරාවට ඉහළ දස්කම් දැක්වූ ඔවුන්ගේ දඟපන්දු යැවීමේ යුගලය ටයි. ඒ නායක සවිඳු පීරිස් සහ පා දඟපන්දු යැවීමේ ක්‍රීඩක කෞමාල් නානායක්කාර හටයි. බලාපොරොත්තු වූ පරිදි ඔවුන් එක්ව සෙබස්තියානු පිතිකරණ බලඇණිය අඩපණ කරන්නට සමත් විය.

එහි දී ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 51ක් වෙද්දී ලකුණු 28ක් ලබා සිටි නිෂිත ප්‍රනාන්දු දවා ගනිමින් තරගයේ පළමු කඩුල්ල දවා ගන්නට කෞමාල් නානායක්කාර සමත් වූ අතර අනතුරුව කඩුල්ලට පැමිණියේ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන නුවනිඳු ප්‍රනාන්දු ය. කෙසේ නමුත් ඔවුන් කිසිවෙක්ට ලකුණු අතරට පැමිණෙන්නට කෞමාල් සහ සවිඳු අවස්ථාව ලබා නොදුන් අතර සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 92ක් වෙද්දී ඔවුන්ගේ ඉදිරිපෙළ කඩුලු 5ම දවා ගන්නට කෞමාල් සහ සවිඳු යුගලය සමත් විය.

කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ ප්‍රවීන් කුරේ සහ ජනිෂ්ක පෙරේරා ඔවුන් එතෙක් අනුගමනය කළ ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශයෙන් මිදී ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් සිය ඉනිම ගොඩනඟන්නට උත්සාහ දැරීය. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ලට මන්දගාමී ලකුණු 33ක සබඳතාවක් එක්කළේ වේල්ස් කුමාර පන්දු යවන්නන් හට නැවතත් පීඩනයක් එල්ල කරමිනි.

කෙසේ නමුත් නැවතත් ක්‍රියාත්මක වූ ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 125ක් ලෙස දැක්වෙද්දී ඔවුන්ගේ 6 වන කඩුල්ල ලෙස ලකුණු 22ක් ලබා සිටි ප්‍රවීන් කුරේව දවා ගනිමින් එම සබඳතාව බිඳ දමන්නට නායක සවිඳු සමත් වූ අතර ඒත් සමඟම දිවා ආහාරය සඳහා තරගය නතර කරන්නට විනිසුරුවන් තීරණය කළේය.

දිවා ආහාරයෙන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කළ වහාම සවිඳු සහ කෞමාල් නැවතත් ඔවුන්ගේ කඩුලු දඩයම ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ලකුණු 134ක් වනවිට සෙබස්තියානු කඩුලු 8ක් දවා ගන්නට ඔවුන් සමත් වූ අතර අනතුරුව ජනිෂ්ක සමඟින් පිටියේ එක්වූ ගිහාන් සේනානායක 9 වන කඩුල්ල සඳහා ලකුණු 18ක සබඳතාවක් එක් කරන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී සෙබස්තියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිෂ්ක පෙරේරා ලකුණු 32ක් ලබාගෙන සිටිය දී නායක සවිඳු යැවූ පන්දුවක් හමුවේ දැවී ගිය අතර අනතුරුව ලකුණු 159ක් වන විට ඔවුන්ගේ ඉනිම අවසන් කරන්නට වේල්ස් කුමරුවන් සමත් විය.

කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයකට හිමිකම් කියන මෙරට පැරණිතම පාසල් ක්‍රිකට්…

ඒ අනුව වේල්ස් කුමර දඟපන්දු යැවීමේ යුගලය වූ නායක සවිඳු පෙරේරා සහ කෞමාල් නානායක්කාර ප්‍රතිවාදී කඩුලු 10ම දවා ගන්නට සමත් වීම මෙහි විශේෂත්වයක් වූ අතර එහි දී කෞමාල් විසින් කඩුලු 6ක් ද, සවිඳු විසින් කඩුලු 4ක් ද දවා ගන්නට සමත් විය. එමෙන්ම මෙහි දී සවිඳු විසින් මෙම තරග වාරය තුළ ඔහු දවාගත් 100 වන කඩුල්ලට හිමිකම් කියන්නට සමත්වීම ද විශේෂත්වයකි.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා වේල්ස් කුමරුවන් පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූයේ මෙම තරග වාරය තුළ ඉහළ දස්කම් දැක්වූ සඳුන් ප්‍රනාන්දු සහ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන විශ්ව චතුරංග යි. අනෙක් පසින් සෙබස්තියානුවන්ගේ ආරම්භක පන්දු යැවීමේ යුගලය වූයේ ටෂික් පෙරේරා සමඟින් ජනිෂ්ක පෙරේරා ය.

එහි දී වේල්ස් කුමාර ලකුණු පුවරුව ලකුණු 1ක් ලෙස දැක්වෙද්දී පළමු පන්දු වාරය තුළම ඔවුන්ගේ කඩුලු 2ක් දවා ගන්නට ටෂික් පෙරේරා සමත් විය. ඒ අනුව විශ්ව චතුරංග සහ ඉන් අනතුරුව කඩුල්ලට පැමිණි ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු ලබා ගන්නටත් පෙර නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට ඔහු සමත් විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක මලින්ත පීරිස් හට උඩපන්දු ලබා දෙමිනි.

අනතුරුව සඳුන් සමඟින් පිටියේ එක්වූ සුවත් මෙන්ඩිස් වේල්ස් කුමාර ඉනිම ගොඩනැඟීමේ වගකීම බාර ගත් අතර ඔවුන් දෙදෙනා ඉතා ආරක්‍ෂාකාරීව පන්දුවට පහර දෙමින් කෙමෙන් කෙමෙන් ලකුණු රැස්කරමින් සිය ඉනිම ගොඩනඟන්නට සමත් විය.

එහි දී සෙබස්තියානුවන් යෙදූ උපක්‍රම මැනෙවින් හඳුනා ගනිමින් පන්දුවට පහර දුන් ඔවුන් ප්‍රතිවාදී පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය. කෙසේ නමුත් ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 48ක් වෙද්දී ප්‍රවීන් කුරේ යොමු කළ පන්දුවක් හමුවේ ප්‍රවීන් ජයවික්‍රම වෙත උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 21ක් ලබා සිටි සුවත් දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණි.

ක්‍රීඩාව, එක්කිරීමට මිස වෙන්කිරීමට නොවේ

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද ටෙස්ට් කඩුලු 800ම මගේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේ…

අනතුරුව සඳුන් සමඟින් පිටියේ එක්වූයේ උපනායක අවිඳු ප්‍රනාන්දු ය. අවිඳු පිටියට පැමිණීමත් සමඟ වේල්ස් කුමාර ඉනිමට ජවයක් එක්වූ අතර ඔහු මනරම් පහරවල් කිහිපයක්ම එල්ල කරමින් හොඳින් ලකුණු රැස්කරද්දී අනෙක් අන්තයේ ක්‍රීඩා කළ සඳුන් ඉතා ආරක්‍ෂාකාරීව පන්දුවට පහර දෙමින් ලකුණු රැස්කර ගන්නට සමත් විය.

කෙසේ නමුත් සවස් යාමයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ අද දිනය සඳහා තරගය නතර කරන්නට විනිසුරුවන් තීරණය කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු ඉනිම): 159/10 – ජනිෂ්ක පෙරේරා 32, නිෂිත අභිලාෂ් 28, ෂනෙල් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 22: කෞමාල් නානායක්කාර 6/45, සවිඳු පීරිස් 4/49

වේල්ස් කුමාර විද්‍යාලය (පළමු ඉනිම): 76/3 – සඳුන් ප්‍රනාන්දු 40*, සුවත් මෙන්ඩිස් 21, අවිඳු ප්‍රනාන්දු 18*: ටෂික් පෙරේරා 2/20, 1/12

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<