මැංගුස් හටනේ පළමු දිනයට කාලගුණය හරස් වේ

431
60th Battle of Mangoosteen

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (09) පළමු දිනයට නිමා වූයේ අයහපත් කාලගුණ තත්ත්වයට ඉඩ ලබා දෙමිනි.

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මග්ගොන සරේ ගම්මානයට ඉහළ අහසේ පැවති අඳුරු වළාවන් සවස් යාමය වන විට වඩාත් තීව්‍ර වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ නිලන්ත බෝපගේ සහ තුෂාර ජයසිංහ සවස 3.50ට තරගය පළමු වරට නිතර කළේය. තත්ත්වය තව තවත් තීව්‍ර වීම හේතුවෙන් සවස 4.30ට තරගය පළමු දිනයට නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළේ දිනයේ යැවීමට තිබූ තවත් පන්දු වාර 31ක් අහිමි කර ගනිමිනි.

ඒ වෙද්දී තිස්ස මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙසින් කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 20ක් ලබා සිටියහ.

මැංගුස් හටන මාර්තු 9 -10 සරේ ගම්මානයේ දී

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර

තරගයේ පළමු තීරණය වන කාසියේ වාසිය දිනා ගැනීමට කළුතර විද්‍යාලයීය නායක අවිශ්ක ලක්ෂාන් සමත් වූ අතර ඔහුගේ වැඩි කැමැත්ත වූයේ පළමුව පන්දු යවමින් දෙවනුව පන්දුවට පහර දීම ය. ඒ අනුව ඔහු තම ප්‍රතිවාදී නායක යොහාන් රවිශ්කට පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ලෙස ආරාධනා කළේ ය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 11ක් වෙද්දී නැවත විවේකාගාරයට යැවීමට කළුතර විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූහ.

කඩා වැටෙන තිස්ස ඉනිම ගොඩ නැගීමට නායක යොහාන් රවිශ්ක පෙරමුණ ගත් අතර ඊට තම සහෝදර ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේම සහය ලබා ගැනීමට ද ඔහු සමත් විය. ඒ අනුව ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් සතින් නිමේෂ් (12) සමඟ එක්වෙමින් ලකුණු 40ක සබඳතාවක් ගොඩ නගන්නේය. සතින්ගේ දැවී යෑමෙන් අනතුරුව නිලුපුල් දර්ශන සමඟ එක් වූ යොහාන් සිව්වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගන්නේ ය. ඉනිමේ හොඳම සබඳතාව වෙන්නේ ද මෙයයි.

ධනංජය කළ දේ ම හරීන් කරයි

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (08) ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

තිස්ස විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වීමට ද නායක යොහාන් රවිශ්ක සමත් විය. ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය. ඊට අමතරව නිතිර තෙනුර අවාසනාවන්ත ලෙසින් ලකුණු 49 දී දැවී ගියේය. ඔහුගේ ඉනිම පන්දු 75කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 8ක් ඇතුලත් විය.

මැද පෙළින් පිටියට පිවිසි නිලුපුල් දර්ශන පන්දු 29ක දී ලකුණු 23ක් ලබා ගනිමින් ද, රවිඳු ද සිල්වා පන්දු 75ක දී ලකුණු 22ක් ලබා ගනිමින් ද තිස්ස ඉනිම ගොඩ නැගීමේ කාර්යයේ නිරත වූහ.

පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යැවූ ප්‍රබෝද් වනිගසිංහ ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිමින් කළුතර විද්‍යාලය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඉනිම අවසානයේ ඔහුගේ පන්දු යැවීම සටහන්ව තිබුණේ 20.2 – 3 – 67 – 3ක් ලෙසිනි. ඊට අමතරව නායක අවිශ්ක ලක්ෂාන්, දිලීෂ් අරුනෝද්‍ය සහ කවිඳු  ජයවික්‍රම කඩුලු 2 බැගින් දවා ගත්හ. ඉතිරි කඩුල්ලේ හිමිකාරිත්වය විශාර ප්‍රනාන්දුට හිමි විය.

බංග්ලාදේශය පරදා ඉන්දියාව හිස ඔසවයි

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වන ලද නීරස පිතිහරඹයත්

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට වැඩි වේලා පිටියේ රැඳී සිටීමට කාලගුණ තත්ත්වය ඉඩ සැලසුවේ නැත. ඔවුන්ගේ ඉනිමේ පන්දු වාර 4.4ක්ව තිබිය දී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට ලකුණු පුවරුව කිසිවෙක් නොදැවී ලකුණු 20 නතර වී තිබුණි.

ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියේ ආරක්ෂා සහිතව සිටි අතර ඒ අතුරින් විශාර ප්‍රනාන්දු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය. අනෙක් අන්තයෙන් කවිඳු ජයවික්‍රම ලකුණු 3ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටී.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

තිස්ස මධ්‍ය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (58.2) යොහාන් රවිශ්ක 67, නිතිර තෙනුර 49, නිලුපුල් දර්ශන 23, රවිඳු ද සිල්වා 22, ප්‍රබෝද් වනිගසිංහ 3/67, අවිශ්ක ලක්ෂාන් 2/11, දීලක අරුනෝද්‍ය 2/22, කවිඳු ජයවික්‍රම 2/61

කළුතර විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 20 (4.4) විශාර ප්‍රනාන්දු නොදැවී 16

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<