වෙළඳසේවා ක්‍රිකට් ලීග් ශූරතාව LB ෆිනෑන්ස්ට

70

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරට සංවිධානය කළ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ හේලීස් හා LB ෆිනෑන්ස් තරගය අද (05) පී. සරා ඕවල් පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට LB ෆිනෑන්ස්  කණ්ඩායම සමත් විය. 

දුවිඳු හා කොත්තිගොඩ ඇතුළු බී. ආර්. සී කණ්ඩායමෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ……

ඒ අනුව 2020 වෙළඳසේවා ක්‍රිකට් (පන්දුවාර 50) තරගාවලියේ මූලික වටය අපරාජිතව අවසන් කළ LB ෆිනෑන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 21ක් දිනා ගනිමින් ලීග් තරග වටයේ ශූරතාව දිනා ගැනීමට වරම් දිනා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් LB ෆිනෑන්ස් කණ්ඩායම් නායක ලක්ෂාන් රොද්‍රිගෝ ශක්තිමත් හේලීස් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙන ලදි. එම ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි හේලීස් පිතිකරුවන් පන්දුවාර 27කුත් පන්දු 2ක් තුල සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 104ක් පමණි. 

තරගාවලිය පුරාවටම ලකුණු අතරට පැමිණි රොන් චන්ද්‍රගුප්ත ඇතුළු හේලීස් පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කිරීමට දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර ඇතුළු LB පන්දු යවන්නෝ සමත් වූහ. 

කෙසේ නමුත් හේලීස් මුල්පෙළ පිතිකරුවන් එක පෙළට ක්‍රීඩාගාරයට හැරී යද්දී මැදපෙළ ස්ථාවර කර ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන සචිත්‍ර සේරසිංහ 4 පහර 3ක් සමඟ ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහුට සහය වූ චතුරංග ද සිල්වා හා කවිඳු කුලසේකර ලකුණු 21ක බැගින් හේලීස් ලකුණු සටහනට එකතු කරන ලදි. පන්දු යැවීමේ දී කුමාර ලකුණු 6ක් තුල කඩුලු 4ක් දවා ගන්නා විට, ශෙහාන් ජයසූරිය ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේය.

නිපුන් බංගලියන්ගේ අභියෝගය බාර ගනී

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ……

ලකුණු 105ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පැමිණි LB ෆිනෑන්ස් කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 3ක් අවසානයේ ඔවුන්ගේ නියමිත ඉලක්කය සපුරා ගත් අතර චරිත් අසලංක හා නායක රොද්‍රිගෝ පිළිවෙළින් ලකුණු 42*ක් හා ලකුණු 33ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. දකුණතින් පිතිකරණයේ නිරත වන ධනංජය ද සිල්වා ලකුණු 22*යි. 

හේලීස් – 104 (27.2): සචිත්‍ර සේරසිංහ 26, චතුරංග ද සිල්වා 21, කවිඳු කුලසේකර 21, ලහිරු කුමාර 4/06, ශෙහාන් ජයසූරිය 3/26, ශිරාන් ප්‍රනාන්දු 2/17.

LB ෆිනෑන්ස් – 105/2 (16.3): චරිත් අසලංක 42*, ලක්ෂාන් රොද්‍රිගෝ 33, ධනංජය ද සිල්වා 22*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<