කැරම් ලෝක කුසලානයේ කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකාවට

660

මේ දිනවල දකුණු කොරියාවේදී පැවැත්වෙන 5වන ලෝක කුසලාන කැරම් තරගාවලියේදී කණ්ඩායම් අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දින සමත් විය. 

තරගාවලියේ කණ්ඩායම් අංශයේ අවසන් මහා තරග අද දින පැවැත් වූ අතර එහිදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහා තරගයට පැමිණීමේ වරම් හිමි කරගැනීමට ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට හැකි විය. අද දින සවස් යාමයේ පැවති එම අවසන් තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරග වට 2-1ක් ලෙස පරාජය කරමින් පිරිමි අංශයේ ලෝක ශූරතාවය දිනා ගැනීමට චමිල් කුරේ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම- චමිල් කුරේ (නායක), නිශාන්ත ප්‍රනාන්දු, ශහීඩ් හිල්මි, උදේශ් චන්දිම

5 වැනි ලෝක කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා කැරම් සංචිතය

ජාත්‍යන්තර කැරම් සම්මේලනය සංවිධානය කරන “5 වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය”..

තරගාවලියේ කේවල හා යුගල අංශයේ තරග තවමත් පැවත්වෙන අතර එම තරග පිළිබද විස්තර සදහා රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමග.