උස්බෙකිස්තානයට ශ්‍රී ලංකාවෙන් ගුටි බැට

339
5th AHF Cup: Sri Lanka thrashes Uzbekistan in opener translated

හොංකොං හිදී පැවැත්වෙන පස්වන ආසියානු හොකී සම්මේලන කුසලානයට, සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම තරඟයේදී 7-2ක් ලෙස උස්බෙකිස්තාන කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම හොංකොං දේශයට

ශ්‍රී ලංකා නායක නලන්ත ද සිල්වා වෙත තරඟයේ පාලනය ලබාදෙමින්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන සඳරුවන් ප්‍රියලංක ගෝල ත්‍රිත්වයක් සමඟින් ඔහුට සහය දැක්වූ අතර සෙසු ගෝල වාර්තා වූයේ ශාමික ගුණවර්ධන, දිනේෂ් විජේසිංහ සහ ලහිරු පන්තී විසිනි.

ප්‍රථම අර්ධයේදී ගෝල 3ක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර උස්බෙකිස්තානයට එකම ගෝලය වාර්තා කරගත හැකිවූයේ දඬුවම් කෝණයක් සාර්ථක කරගනිමිනි. 14වන මිනිත්තුවේදී සඳරුවන් විසින් ප්‍රථම ගෝලය වාර්තා කල අතර ශාමික ගුණවර්ධන විසින් අනෙකුත් ගෝල දෙක වාර්තා කරන ලදී.

සඳරුවන් ප්‍රියලංක 62වන මිනිත්තුවේදී තම ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කරගත් අතර දිනේෂ් විජේසිංහත්, ලහිරු පන්තීත් දෙවන අර්ධයේදී ගෝල වාර්තා කළවුන් අතරට එක්විය.

උස්බෙකිස්තානය වෙනුවෙන් ඔකුන්ජෝන් මිර්සාකරිනොව් සහ ගේබුලෝ කේට්බොයෙව් ගෝල වාර්තා කළේය.

පස්වන ආසියානු හොකී ශූරතාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව, මේ වන විට “B” කාණ්ඩයෙන් සිංගප්පූරුවත්, තායිලන්තයත්, උස්බෙකිස්තානයත් සමඟින් තරඟාවලියට එක්වෙයි.

හෙට (22) ශ්‍රී ලංකාව, සිංගප්පූරුවත් සමඟින් තරඟ කිරීමට නියමිත අතර 24වන දා තායිලන්තයත් සමඟ තරග වැදීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට