ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල්යයි

111
56th Junior National Championship postponed translation

මාර්තු මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි

ආසියානු රට හරහා දිවීමේ තරග ප්‍රතිඵල නිකුත් වේ

චීනයේ දී පැවති 14 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය …

මෙම තීරණය දැනුම් දෙමින් ජාතික මලල ක්‍රීඩා සංගමය (AASL) ප්‍රකාශ කර සිටියේ සුගතදාස පිටියේ ධාවන පථය එලීමේ කටයුතු අපේක්ෂා කළ කාලයට නිමා කිරීමට නොහැකි බැව් පෙනී යන බැවින් මෙම තීරණය ගත් බවයි.

ක්‍රීඩකයින්ට උපරිම දක්ෂතාවලට පිවිසීමට හැකි වන ලෙස තරගාවලිය දියගමට රැගෙන නොයා සුගතදාස ක්‍රීඩාංගණයේම පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබේ. මෙම තරගාවලිය මගින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට නියමිතය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<