තර්ස්ටන් දැවැන්ත ඉනිමක් ගොඩ නගද්දී ජයවිහාන්ගෙන් ශතකයක්

1435

මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ ලකුණු පුවරුවට ඉහළින් සූර්යයා තම ඉලන්දාරි හිරු කිරණ විහිදුවද්දී අද (23) ඇරඹි තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ 55 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 314 පිළිතුරු ලෙසින් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියේ ය.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 55 වන…

වසර 55ක තරග ඉතිහාසයේ ගෙවී ගිය ආසන්නතම වසර 19ක දී ජයග්‍රහණයක සවුදිය පිරීමට නොහැකි වූ තර්ස්ටන් – ඉසිපතන සහෝදරයෝ මෙවර තරගාවලිය සංවිධානය කරන්නේම කුමන හෝ කණ්ඩායමකට ජයග්‍රහණය ලබා ගැනීමේ අභියෝගය විවෘත කරමිනි. ඒ අනුව මෙවර තරගය සංවිධානය වන්නේ පළමු ඉනිමට දෙපිළටම පන්දුවාර 60ක් පමණක් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරමිනි.  

තරගයේ පළමු තීරණය වන කාසියේ වාසිය දිනා ගැනීමට දෙපිලේ නායකයන් වන අයන සිරිවර්ධන සහ නිපුන් ලක්ෂාන් පිටියට පිවිසි අතර එහි වාසිය ඉසිපතන විද්‍යාලයීය නායක අයන සිරිවර්ධනට හිමි විය.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් ඉනිමේ ආරම්භක කාර්තුව ගෙවී ගියේ ඉතා මන්දගාමීව ය. දිවා විවේකයට තරගය නතර කරන විට තර්ස්ටන් ක්‍රීඩකයෝ රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 79කි. ඒ පන්දුවාර 29ක් අවසානයේ ය.

Photos: Thurstan College vs Isipathana College | 55th Battle of the Brothers – Day 1

ඉනිමේ 10 වැනි සහ 12 වැනි පන්දුවාර දෙකේ දී එක් ලකුණක් පමණක් ලකුණු පුවරුවට එක් කරමින් ලකුණු 33කට කඩුලු 3ක් ලෙසින් ඉනිම අස්ථාවර කිරීමට දකුණතින් වේගපන්දු යැවූ කාලික් අමත් සමත් විය.

එසේ වෙද්දී පිටියට පිවිසි ජයවිහාන් මහවිතාන තර්ස්ටන්වරුන්ගේ ගැලවුම්කරුවා වෙමින් සිව්වැනි කඩුල්ලට නිමේෂ් පෙරේරා හා එක්වෙමින් ලකුණු 120ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. නිමේෂ් පෙරේරා පන්දු 106කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් මන්දගාමී ලකුණු 52ක් රැස් කර තිබිය දී පිටියෙන් ඉවත් වූයේ ආබාධිත තත්ත්වයක් හේතුවෙනි. ඒ වෙද්දී ජයවිහාන් සහ නිමේෂ් අතර පන්දු සබඳතාව 206ක්ව තිබුණි.

අනිවාර්යයෙන් දිනලා ඉසිපතනයට කීර්තියක් අරන් දෙන්න – සාලින්ද උෂාන්

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමයේ රසබර මතකයන් සාලින්ද උෂාන් ThePapare.com හමුවේ ප්‍රකාශ කළේ මෙසේයි.

අනතුරුව පිටියට එක් වූ දකුණත් පිතිකරු සවන් ප්‍රභාෂ් පන්දු 25ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ඉක්මන් ලකුණු 50ක් ලබා ගත්තේය.  ශතක අර්ධ ශතක ලබාගත් මේ පිතිකරුවන් අතරට ලකුණු 38ක් ලබා ගත් නිපුන් ලක්ෂාන් ද හිසරදයක් විය.

තම මංගල වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වන ජයවිහාන් මහවිතාන ශතකයක් ලබා ගනිමින් මංගල තරගයේ දී ශතකයක් රැස් කළ පළමු තර්ස්ටන්වරයා බවට අද දවසේ පත් විය. අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි මේ දකුණත් පිතිකරුවා තර්ස්ටන් ඉනිම නිමා කරන විට පන්දු 146කට මුහුණ දී නොදැවී ලකුණු 125ක් ලබා සිටියේය. එම ඉනිමට අලංකාර හතරේ පහර 12ක් සමඟින් හයේ පහර 4ක් ඇතුළත් කිරීමට ද ඔහු සමත් විය.

ඔවුන් එක්ව තර්ස්ටන් ලකුණු පුවරුව ලකුණු 314ක් කරා රැගෙන යද්දී යම් තරමකින් හෝ පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූයේ කාලික් අමත් පමණි. ඔහු ලකුණු 56කට කඩුලු 2ක් දවා ගත්තේය. අනෙකුත් කඩුලු චමිල්ක වික්‍රමතිලක, අයන සිරිවර්ධන සහ දිනත් දිසානායක අතර එක බැගින් බෙදී ගියහ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉසිපතන පළමු දින ඉනිම පන්දු වාර 39ක දී ලකුණු 120ක් වෙද්දී ප්‍රමුඛ පෙළේ කඩුලු හතරක්ම විවේකාගාරයේ අසුන් ගැන්වීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත්ව තිබුණි. ඉනිමේ 9 වැනි පන්දුවාරයේ දී කඩුලු 2ක් දවාගත් නායක නිපුන් ලක්ෂාන් තරගය තමන් වෙත නැඹුරු කර ගැනීමට සමත් වූයේ ඉසිපතන ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන්ම අසරණ කරමිනි. ඒ වෙද්දී ඉසිපතන ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 33ක් විය.

සිව්වැනි කඩුල්ලට සංජුල අබේවික්‍රම සමඟ එක් වු අශේන් ගුණවර්ධන (14) ලකුණු 27ක සබඳතාවක් ඉනිමට එක් කරද්දී දුවද්දී දැවී යමින් හිස ඔසවමින් සිටි ඉනිම නැවත අගාධයට ඇද දැමුවේය.

හතුරුසිංහගේ රහස් සැලසුම

තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළ ගැලවුම්කාරයකුගේ විශ්මිත සේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම…

අනතුරුව පිටියට පිවිසි නායක අයන සිරිවර්ධන පිටියේ ඒ වන විට ද ස්ථාවර තත්ත්වයකට පත්ව සිටි වමත් පිතිකරු සංජුල අබේවික්‍රම සමඟ එක් වෙමින් ඉසිපතන ලකුණු පුවරුව පණ නළ ගැටෙන තත්ත්වයකට ගෙන ඒමට සමත් විය. දිනය නිමා වෙද්දී සංජුල පන්දු 108කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද, අයන සිරිවර්ධන පන්දු 60ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියහ.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට මේ දක්වා සබඳතාව ලකුණු 60කි.  

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන නිපුන් ලක්ෂාන් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර යෙශාන් ලියනගේ කඩුල්ලක් ලබා සිටියේය.

හෙට (24) තරගයේ දෙවැනි දිනයයි. පළමු දිනයේ දී මෙන්ම දෙවැනි දිනය ද සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 314 (60.0) ජයවිහාන් මහවිතාන නොදැවී 125, නිමේෂ් පෙරේරා නොදැවී 52, සවන් ප්‍රභාෂ්  50, නිපුන් ලක්ෂාන් 38, කාලික් අමත් 2/56,

ඉසිපතන විද්‍යාලය; පළමු  ඉනිම කඩුලු 4ක් දැවී 120 (39.0)  සංජුල අබේවික්‍රම නොදැවී 44, අයන සිරිවර්ධන නොදැවී 22, නිපුන් ලක්ෂාන් 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<