55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ

947

55 වැනි වරටත් පැවති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් ජය පරාජයකින් තොරව කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී අද (24) නිමා වූයේ එසේ අවසන් වූ 46 වැනි තරගය ලෙසින් ඉතිහාසයට එක් කරමිනි.

තර්ස්ටන් දැවැන්ත ඉනිමක් ගොඩ නගද්දී ජයවිහාන්ගෙන් ශතකයක්

මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ ලකුණු පුවරුවට ඉහළින් සූර්යයා තම ඉලන්දාරි හිරු කිරණ විහිදුවද්දී අද (23) ඇරඹි තර්ස්ටන් – ඉසිපතන…

තරගයේ දෙවැනි දිනය උදා වූයේ පළමු ඉනිමට ක්‍රීඩා කරන ඉසිපතන ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 120ක්ව තිබිය දී ය. පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට එතැන් සිට තවත් ලකුණු 194ක් අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව තිබුණේ පන්දුවාර 21ක් පමණි. තම පළමු ඉනිමේ පන්දුවාර 60 අවසන් වෙද්දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් පමණි.

එම ඉනිමේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කිරීමට නායක අයන සිරිවර්ධන සහ සංජුල අබේවික්‍රම සමත් වීම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට අද රැස් කළ ලකුණු 128 ඉසිපතන වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ 5 වැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව විය.  මීට පෙර මෙම වාර්තාව හිමි කර ගෙන සිටියේ  2011 වසරේ දී ලකුණු 124ක් එක්කර තිබූ දේශාන් කුමාර් සහ දිලිප් වරාපිටිය ය.

Photos : Thurstan College vs Isipathana College | 55th Battle of the Brothers – Day 2

සංජුල අබේවික්‍රම පන්දු 144ක දී හරේ පහර 7ක් සහ හයේ පහර 6කින් අලංකාරවත් කරමින් ලකුණු 79ක් වාර්තා කළ අතර අයන සිරිවර්ධන පන්දු 103කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.  

ඉසිපතන ඉනිම පාලනය කිරීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සවන් ප්‍රභාෂ් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තේය. නායක නිපුන් ලක්ෂාන්ට හිමි වූ කඩුලු සංඛ්‍යාව 2කි.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ…

ලකුණු 113ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ පන්දු වාර 23ක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු වූ හ. එම ඉනිමේ දී යෙෂාන් වික්‍රමාරච්චි (32) සහ නිමේෂ් පෙරේරා (22) ලකුණු අතරට පිවිසිය ද අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් එතරම් සහයෝගයක් ලැබුණේ නැත. පන්දු යැවීමේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ දකුණතින් වේගපන්දු යවන කාලික් අමත් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේය.

ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 57ක දී ලකුණු 254ක ඉලක්කයක් පසු පස ගිය ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ අවසානය සනිටුහන් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 153ක් ලබා සිටියහ.

තරගයේ විසඳුමක ලකුණු වරින් වර පිටියේ දර්ශනය වූවද ඉසිපතන ක්‍රීඩකයෝ තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ප්‍රතිවාදී තර්ස්ටන්වරුන්ගේ අභියෝගාත්මක පන්දු යැවීම පාලනය කර ගත්හ. එස්. එස්. සී. පිටියේ ඉහළ අහසට අඳුරු වළාවන් පැමිණෙද්දී පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර කොට්ටහච්චි සහ ප්‍රගීත් රඹුක්වැල්ල දිනය නිමා කිරීමට තවත් පන්දුවාර 5ක් ඉතිරිව තිබිය දී තරගය නවතා දැමුණි.

රිච්මන්ඩ් හා ඩී. එස්. නොසිතූ ලෙස සුපිරි 16 වටයෙන් ඉවතට

පාසල් ක්‍රිකට් පිටිය ක්‍රීඩා උන්මාදයෙන් නැහැවී යන මේ සමය තුළ වයස අවුරුදු 19න් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග…

ඉසිපතන ඉලක්ක ගත ඉනිමේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ සංජුල අබේවික්‍රම පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේය. අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් සංජුල බණ්ඩාර (25) සහ තෙවිඳු දික්වැල්ල (27) පමණක් ලකුණු අතරට පිවිසෙමින් දක්ෂතා දැක්වූහ.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන අයේෂ් හර්ෂණ ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතරව ජනුශික ප්‍රනාන්දු ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේය.    

55 වැනි සහෝදර සංග්‍රාමයේ වීරයා ලෙසින් තර්ස්ටන් විද්‍යාලයේ ජයවිහාන් මහවිතාන නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සවන් ප්‍රභාෂ් නම් කෙරුණි. ඊට අමතරව තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් ඉසිපතන විද්‍යාලයේ සංජුල අබේවික්‍රම ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ඉසිපතන විද්‍යාලයේ කාලික් අමත් ද සහ දක්ෂතම පන්දු රකිනා ලෙස ඉසිපතන විද්‍යාලයේ ඒෂාන් ප්‍රනාන්දු ද නම් කෙරුණි.

දෙවිදුහල් අතර 38 වැනි වරටත් පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය මාර්තු මස 4දා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරගය මාර්තු 11දා තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිත ය.  

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 314 (60.0) ජයවිහාන් මහවිතාන නොදැවී 125, නිමේෂ් පෙරේරා නොදැවී 52, සවන් ප්‍රභාෂ්  50, නිපුන් ලක්ෂාන් 38, කාලික් අමත් 2/56,

ඉසිපතන විද්‍යාලය; පළමු  ඉනිම කඩුලු 9ක් දැවී 201 (60.0)  සංජුල අබේවික්‍රම 79, අයන සිරිවර්ධන නොදැවී 52, නිපුන් ලක්ෂාන් 2/58, සවන් ප්‍රභාෂ් 4/41

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 140 (23.0) යෙශාන් වික්‍රමාරච්චි 32, නිමේෂ් පෙරේරා 22, පන්සිළු දේශාන් නොදැවී 25, කාලික් අමත් 3/30

ඉසිපතන විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 153 (52.0) සංජුල අබේවික්‍රම 48, තෙවිඳු දික්වැල්ල 27, සංජුල බණ්ඩාර 25, අයේෂ් හර්ෂණ 4/48, ජනුෂික ප්‍රනාන්දු 3/42  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<