මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හමුවේ සහිරාවන්ට දැවැන්ත ජයක්

372

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ තවත් තරගයක් ප්‍රබල මරදාන සහිරා විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ගෝල 5-1ක් ලෙස පහසු ජයක් හිමි කර ගැනීමට මරදාන සහිරා විද්‍යාලය සමත් විය.   

බෙනඩික්ට් කණ්ඩායමට එරෙහිව හමීඩියා ක්‍රීඩකයින්ගෙන් ගෝල පහක්

2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ තරගයක දී සාන්ත …

සහිරා ක්‍රීඩකයින් ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූ අතර පළමු අර්ධය ආරම්භයේම සහිරා ආක්‍රමණ ක්‍රීඩකයෙකු bicycle kick පහරක් මගින් ගෝලයක් රැස් කිරීමට උත්සහ කළ ද එම උත්සාහය සාර්ථක වූයේ නැත.  

කෙසේ නමුත් 12 වන මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා චතුරශ්‍රයට ඇතුළු වූ මොහොමඩ් සජිඩ් මාරිස් ස්ටෙල්ලා නායකයා මග හරිමින් පළමු සහිරා ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඊට මිනිත්තු කිහිපයකට පසු සහිරා ක්‍රීඩකයින් තවත් ගෝලයක් සඳහා ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර මාරිස් ස්ටෙල්ලා ආරක්ෂක වළල්ල මගහරිමින් සහිරා ක්‍රීඩකයෙකු දැල වෙත ප්‍රහාරයක් එල්ල කළත්, මාරිස් ස්ටෙල්ලා ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ වැදුණු පන්දුව ගෝල රාමුවේ ද වැදී ඉවත ගියේ නිසැක ගෝලයක් සහිරාවන්ට අහිමි කරමිනි.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් තරග පුරාම එතරම් දක්ෂ ක්‍රීඩා විලාසයක් නොපෙන්වූ අතර සහිරා ක්‍රීඩකයින්ට ඔවුන්ගෙන් පන්දුව ලබා ගැනීම ඉතා පහසු විය.

කෙසේ වෙතත් ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක මොහොමඩ් ශිපාන් 28 වන මිනිත්තුවේ දී ගෝල සම කළේ සහිරා ක්‍රීඩකයින් නොසිතූ පීඩනයක හෙළමිනි.

ලෝක ශූරයින් ඉවතට විසිවෙද්දී බ්‍රසීලය, ස්වීඩනය,ස්විස්ටර්ලන්තය හා මෙක්සිකෝව මීළඟ වටයට

ශූරයින්ගේ ශාපය නැවත වරක් සත්‍යයක් වෙමින්, 2014 ලෝක ශූර ජර්මනිය ඉතිහාසයේ පළමු වතාවට …

පළමු අර්ධය අවසාන වීමට පෙර සහිරා ක්‍රීඩකයින්ට තවත් එක් ආසන්න අවස්ථාවක් හිමි වූ අතර සහිල් අහමඩ්ගේ අලංකාර ප්‍රහාරයක් මාරිස් ස්ටෙල්ලා ගේ ඇඟිලි තුඩුවල ගැටී ඉවත ගියේ නිසැක ගෝලයක් සහිරා ක්‍රීඩකයින්ට අහිමි කරමින්.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 01 – 01 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

දෙවන අර්ධයේ සහිරා ක්‍රීඩකයින් තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන් සියතට ගත් අතර 63 වන මිනිත්තුවේ දී මොහොමඩ් මුශ්ෆිර් අලංකාර ලෙස පන්දුව හිසෙන් දැල තුලට යොමු කළේ සහිරා විද්‍යාලය පෙරමුණට රැගෙන එමිනි.

ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වූ සහිරා ක්‍රීඩකයෝ තවත් ගෝලයක් වාර්තා කළ අතර මොහොමඩ් අක්තාර් එම ගෝලයට හිමිකම් කියන ලදි.

මාරිස් ස්ටෙල්ලා ආරක්ෂක වළල්ල නැවතත් බිඳ දමමින් හුසේන් රිසා 70 වන මිනිත්තුවේ සහිරා සිව්වැනි ගෝලයත් වාර්තා කළේය. තරගය අවසන් වීමට මොහොතකට පෙර 90 වන මිනිත්තුවේ දී හුසේන් රීසා පස්වැනි සහිරා ගෝලයත් වාර්තා කළේ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට දරුණු පරාජයක් අත්කර දෙමිනි.   

අවසාන ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 05 – 01 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – හුසේන් රීසා (සහිරා විද්‍යාලය)

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් සජිඩ් 12’, මොහොමඩ් මුශ්ෆිර් 63’, මොහොමඩ් අක්තාර් 65’, හුසේන් රිසා 70’, 90’
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මොහොමඩ් ශිපාන් 28’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<