මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සාන්ත ආනවරුන් මවිත කරයි

199
Maris Stella College

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (4) ක්‍රියාත්මක විය.

ඒ තරග අතරින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ මාරිස් ස්ටෙල්ලා – සාන්ත ආනා තරගයෙන්  ලකුණු 64ක ජයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවන ඉනිම තුල වේගයෙන් ලකුණු රැස් කිරීම ඒ සඳහා ඔවුන්ට විශාල සවියක් විය.

පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ ඉදිරියට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න්

දෙවන දිනයට පැවති තරග 

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා නායක ලසිත් වර්ණකුලසූරිය කටුනේරිය තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කෙසේ නමුත් ඊයේ දිනයේ සවස් කාලයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා දිනයේ නියමිත පන්දුවාර 90ම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ආනා විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබාගෙන සිටියේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටිමිනි. 

අද උදෑසන තරගයේ පළමු කාර්තුව තුල සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම ලකුණු 132කට සීමා කළ නවීන් ප්‍රනාන්දු ඇතුළු මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු 44ක පළමු ඉනිමේ වාසියක් ලබා ගන්නා ලදි. 

පළමු ඉනිමේ වාසිය ද සහිතව මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පිතිකරුවන් සිය දෙවන ඉනිම දියත් කළ නිසා ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 118කට සීමා වුවත් ඔවුන්ට එය එතරම් ගැටලුවක් වූයේ නොමැත. කෙසේ නමුත් ඔවුන්ගේ දෙවන ඉනිම සවිමත් කළ වමතින්  පිතිකරණයේ නිරත වන චෙමිදු වීරවංශ ලකුණු 27ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී පසිඳු තෙන්නකෝන් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගෙන සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

ලකුණු 163ක ඉලක්කයක් පසුපස හඹා ගිය සාන්ත ආනා විද්‍යාල පිතිකරුවන් මවිත කළ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රියශාන් සිල්වා ඇතුළු මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ක්‍රීඩකයෝ නොතිබූ ජයක් තමන් සතු කරගැනීමට සමත් වූයේ සාන්ත ආනා විද්‍යාල පිතිකරුවන් මවිත කරවමිනි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 176 (52.2): නවීන් ප්‍රනාන්දු 52, තිලින පෙරේරා 46, චෙමිදු වීරවංශ 23, සහන් පෙරේරා 20, මනාන් මුසම්මිල්  5/36, පසිඳු තෙන්නකෝන් 4/50

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම  – 132 (34.2): කවිඳු රණසිංහ 59, තිමල්ෂ සිල්වා 30, නවීන් ප්‍රනාන්දු 6/24, තිලින පෙරේරා 3/10

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම –  118 (16.3): චෙමිදු වීරවංශ  27, ශාන් විජේසිංහ 27, නවීන් ප්‍රනාන්දු 23, පසිඳු තෙන්නකෝන් 4/34, මනාන් මුසම්මිල් 3/47

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 98 (34): කවිඳු රණසිංහ 38, ප්‍රියශාන් සිල්වා 6/18, නවීන් ප්‍රනාන්දු 2/32.

තරග ප්‍රතිඵලය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 64ක ජයක් 

පැතුම්ගේ 85ත් සමඟ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

තර්ස්ටන් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාවුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්  රිච්මන්ඩ් විද්‍යාලයීය වැඩ බලන නායක දිලුම් සුධීර පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර තර්ස්ටන් පිතිකරුවන් රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව  සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 105ක් පමණි. 

සුධීර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කර දමන විට ඔවුන්ගේ ඉනිම තරගයක් දිය හැකි මට්ටමක් දක්වා රැගෙන ගිය රනේෂ් සිල්වා ලකුණු 32කට දැවී යන ලදි. ඔහුගේ ඉනිමට 4 පහර 3ක් අන්තර්ගත විය.

තර්ස්ටන් පළමු ඉනිමට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි සංචාරක රිච්මන්ඩ් පිතිකරුවන් තරගයේ දෙවන දිනය ආරම්භ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටි නමුත් ඔවුන්ගේ ඉතිරි කඩුලු 7 ලකුණු 38ක් තුල දවාලීමට දකුණතින් පිට දඟපන්දු යවන  පුන්තිල කුමාර ලකුණු 30කට කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි. රිච්මන්ඩ් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් චමත් දිල්සර ලකුණු 45යි. 

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 105 (38.4): රනේෂ් සිල්වා 32, දිලුම් සුධීර 6/29.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 103 (31.47): චමත් දිල්සර 45, භානුක මනෝහර 30, පුන්තිල කුමාර 5/30, අවිශ්ක කෞෂල්‍ය 2/23.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම – 221/7 (60.5): අවිශ්ක කෞශල්‍ය 77, රනේෂ් සිල්වා 55*, ජයවිහාන් මහවිතාන 27, දිලුම් සුධීර 4/93.

රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම – 28/1 (7): 

මගේ Role Modelsලා තමයි සංගා සහ හේරත්

දකුණු අප්‍රිකාවේ ඉන්දීය තරග සංචාරය පසුගිය බදාදා (2) ආරම්භ විය. මෙම තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුළත් වූ නවක තුන් ඉරියව් ක්‍රීඩකයා වන සේනුරාන් මුත්තුසාමි


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

තරගයේ දින දෙකේම සවස් කාලයේ ඇද වැටුණු වර්ෂාව නිසා පැය කිහිපයක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ B කාණ්ඩයේ තරගය ධර්මරාජ විදුහල් පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර කණ්ඩායම ධර්මරාජ තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එම තීරණය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළ ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 226ක් ලබාගෙන සිය ඉනිම නිමා කරන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කනිෂ්ක මදුවන්ත ලකුණු 40ක් ලබාගන්නා ලදි. 

ඊට අමතරව සාන්ත පීතර පළමු ඉනිම සවිමත් කළ සිසික සන්තුෂ් හා වනුජ කුමාර පිළිවෙළින් ලකුණු 35ක් හා ලකුණු 29ක් වාර්තා කරගත්තේය. දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක සහන් සිරිවර්ධන ලකුණු 63කට කඩුලු 5ක් දවා ගනිමින් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

සාන්ත පීතර පළමු ඉනිමට පිළිතුරු දුන් ධර්මරාජ විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටියදී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. චේතිය ඒකනායක  ලකුණු 38ක් ලබා ගන්නා විට නායක දුලාජ් බණ්ඩාර ලකුණු 37ක් ලබා ගත්තේය. 

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 226 (60.2): කනිෂ්ක මදුවන්ත 40, සිසික සන්තුෂ් 35, වනුජ කුමාර 29, රුවින් සෙනෙවිරත්න 27, සහන් සිරිවර්ධන 5/63, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/77.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 171/6 (63.4): චේතිය ඒකනායක 38, දුලාජ් බණ්ඩාර 37, දිනුක පතිරාජ 31, ජනිත් ගුණතුංග 23, රුවින් සෙනෙවිරත්න  2/38, කනිෂ්ක මදුවන්ත 2/74.


පළමු දිනයට පැවති තරග 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

වත්තල සාන්ත අන්තෝනි පිටියේ දී පැවති මේ සම්ප්‍රදායික තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 291/6 (76): දිනුක විශාන් 102, කනිෂ්ක ගිම්හාන් 91, අවිශ්ක තරිඳු 28, ගිහාන් සශ්මික 25, දුමිඳු රන්සික 2/52


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මපාල විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහරදෙන ලදි. 

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 132 (37.4): නවිඳු නවීන් 39, සකිඳු විජේරත්න 2/24, බ්‍රයන් කරුණානායක 2/25, මතිෂ වීරසිංහ 2/30.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 48/7 (27.5): දිනෙත් නෙලුම්දෙණිය 4/11, විහඟ ගුණරත්න 2/07.


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය 

මහනුවර සාන්ත අන්තෝනි පිටියේ දී පැවති මේ සම්ප්‍රදායික තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සාන්ත අන්තෝනි විද්‍යාලය විසිනි. 

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 266/7 (65): චමිඳු වික්‍රමසිංහ 67, දයාන් පංකජ 46, ලසිත් වෙරල්ලගම 33, සසිත් හිරුනික 24*, ගිහාන් ඊබර්ට් 22, එස්. සකීර්තන් 3/68, නිම්නක අධිකාරි 2/45.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය 

සුහද තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. 

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම – 98 (30.5): ඇන්ටන් අභිෂේක් 38, ටී. දිනොෂන් 21, යසිරු රොද්‍රිගෝ  6/22, දිල්මින් රත්නායක 2/12

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 250/7 (64): ඩියොන් ප්‍රනාන්දු 76, උමයංග සුවාරිස් 41, යසිරු රොද්‍රිගෝ 34*, තෙවින් ඊරියගම  33*, විතුශාන් 3/73.

දෙවන දිනයට පැවති තරග කිහිපය හෙට (5) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර ඊට අමතරව තවත් තරගයක් පහත පරිදි හෙට (5) ආරම්භ වීමට නියමිතයි.

  • වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය – සහිරා විද්‍යාල ක්‍රිකට් පිටිය

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<