ජෝන් ටාබට් කණිෂ්ඨ තරගාවලියේ වැඩි ගෞරව කොළඹට

662
47th Sir John Tarbat Junior Athletics Championship-Day 447th Sir John Tarbat Junior Athletics Championship-Day 4

දින 4ක් පුරා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු 47 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ට මලල ක්‍රීඩා උළෙල නිමාවට පත් වූයේ සමස්ත ශූරතා දෙකම කොළඹට හිමි කර දෙමිනුයි.

පසුගිය ලිපි: තුන්වන දිනයේදී හසන්තිගෙන් වාර්තාවක්

බාලක සමස්ත ශූරතාවය කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය දිනා ගනිද්දී සමස්ථ බාලිකා ශූරතාව දිනා ගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයයි. බාලක සහ බාලිකා සමස්ත ශූරතා – අනුශූරතා මෙන්ම බාලිකා තුන්වන ස්ථානයත් කොළඹ ආශ්‍රිත පාසල් දිනා ගනිද්දී මෙවර ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මෙන්ම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ශූරයන්ද වන මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට බාලක තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

තරගාවලියේ අවසන් දිනය තුළදීත් නව තරග වාර්තා 4ක් බිහිවීම කැපී පෙනුනි. බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන මෙන්ඩිස් අබේසේකර තම තුන්වන නව තරග වාර්තාවට හිමිකම් කීවේ  බාලක මීටර් 100 ඉසව්වේ වයස අවුරුදු 14න් පහල තරග වාර්තාව අලුත් කරමිනුයි. ඔහු ඉසව්ව අවසන් කරන්නට ගත කල කාලය තත්පර 11.7ක්.

බාලක අර්ධ මැරතන් තරගයේදීත් නව තරග වාර්තාවක් බිහි වූ අතර එයට හිමිකම් කීවේ අඹගස්දූව ජනාධිපති විද්‍යාලයේ එරන්ද මධුශංක ක්‍රීඩකයායි. ඔහු පැය 1යි මිනිත්තු 07 යි තත්පර 11 කින් ඉසව්ව අවසන් කරන්නට සමත් විය. වයස අවුරුදු 14 න් පහළ බාලක මීටර් 400 ඉසව්වට එක්වූ කොළඹ කේරි විද්‍යාලයේ දුලංජන පෙරේරා තවත් නව තරග වාර්තාවකට හිමිකම් කීවේ එම ඉසව්වේ දී තත්පර 55.4 ක දස්කමක් දක්වමිනුයි.

මෙවර සහාය ඉසවු වලදී අලුත් කෙරුණු එකම තරග වාර්තාවට හිමිකම් කියුවේ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයි. එම විද්‍යාලයේ වයස අවුරුදු 14 න් පහළ බාලිකා මීටර් 4X100 කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එම ඉසව්ව අවසන් කරන්නට ගත කල වාර්තා ගත කාලය සටහන් වූයේ මිනිත්තු 4 යි තත්පර 21.5 ක් ලෙසයි.

කණ්ඩායම් ස්ථානගත වූ ආකාරය සහ විශේෂ සම්මාන හිමිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු පහත දැක්වෙයි.

වයස අවුරුදු 14න් පහල බාලිකා ශූරතාව

  • ශූරතාව – ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ – ප්‍රසාද ලකුණු – 25
  • අනුශූරතාව – ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – කෑගල්ල – ප්‍රසාද ලකුණු – 20
  • 3  වන ස්ථානය – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු 15

වයස අවුරුදු 14න් පහල බාලක ශූරතාව

  • ශූරතාව – බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය – ප්‍රසාද ලකුණු – 30
  • අනුශූරතාව – රක්වාන රත්නාලෝක මහා විද්‍යාලය  – ප්‍රසාද ලකුණු – 27
  • 3  වන ස්ථානය – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  – ප්‍රසාද ලකුණු – 22

වයස අවුරුදු 15න් පහල බාලිකා ශූරතාව

  • ශූරතාව – කාන්තා විද්‍යාලය  – කොළඹ – ප්‍රසාද ලකුණු – 35
  • අනුශූරතාව – රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු – 30
  • 3  වන ස්ථානය – විහාරගල මහා විද්‍යාලය – ප්‍රසාද ලකුණු 27

වයස අවුරුදු 15න් පහල බාලක ශූරතාව

  • ශූරතාව – ශාන්ත බෙනඩික් විද්‍යාලය  – කොටහේන – ප්‍රසාද ලකුණු – 35
  • අනුශූරතාව – ශාන්ත මරියා විද්‍යාලය – හලාවත  – ප්‍රසාද ලකුණු – 33
  • 3 වන ස්ථානය – බෙරවෙස්ට් විද්‍යාලය – මහනුවර  – ප්‍රසාද ලකුණු 31

අර්ධ මැරතන් තරගය – බාලිකා

  • රන් – පී. ජී. එන්. ඩී. සමරකෝන් – වැලිමඩ මධ්‍ය විද්‍යාලය – පැය 1යි. මිනිත්තු 24 තත්පර 08
  • රිදී – කේ. රසිකා – කලවාන විද්‍යාලය – පැය 1යි මිනිත්තු 28යි තත්පර 31යි,.
  • ලෝකඩ – ඊ. එම්. ඒ. හෙශානි – සියනෑ ජාතික පාසල – දොම්පේ – පැය 1යි මිනිත්තු 33යි තත්පර 21යි.

අර්ධ මැරතන් තරගය – බාලක

  • රන් – එරන්ද මධුශංක – අඹගස්දූව ජනාධිපති විද්‍යාලය – පැය 1යි මිනිත්තු 07යි තත්පර 11 යි (නව තරග වාර්තාවකි.)
  • රිදී – සචීන්ද්‍ර රමේෂ් – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – පැය 1යි මිනිත්තු 07යි තත්පර 46
  • ලෝකඩ – එම්. එම්. ඩී. පී. ජයසිංහ – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය – පැය 1යි මිනිත්තු 08 යි තත්පර 34

හොඳම මීටර් 400 ධාවනය – ඩී ධනූෂා යස්මානි දහනායක

හොඳම දුර පැනීමේ ක්‍රීඩිකාව – සදීපා හෙන්ඩර්සන් – ගේට්වේ ජාත්‍යන්තර පාසල (දක්ෂතාව මීටර් 5.32යි – ප්‍රසාද ලකුණු 842)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – සදීපා හෙන්ඩර්සන් – ගේට්වේ ජාත්‍යන්තර පාසල ( දුර පැනීමේ ඉසව්ව – දක්ෂතාව මීටර් 5.32යි – ප්‍රසාද ලකුණු 842)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – මිලින්ද පෙරේරා – හලාවත ශාන්ත මරියා විද්‍යාලය – (මීටර් 200 ඉසව්ව – දක්ෂතාව තත්ත්පර 23.04 – ප්‍රසාද ලකුණු 788)

තරගාවලියේ සමස්ථ ප්‍රතිඵල – බාලිකා

  • ශූරතාව – කොළඹ කාන්තා විද්‍යාලය – ප්‍රසාද ලකුණු 48 යි.
  • අනුශූරතාව – කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – ප්‍රසාද ලකුණු 41 යි.
  • තෙවන ස්ථානය – රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු 33 යි.

තරගාවලියේ සමස්ත ප්‍රතිඵල – බාලක

  • ශූරතාව – කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය – ප්‍රසාද ලකුණු 64 යි.
  • අනුශූරතාව – මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය – ප්‍රසාද ලකුණු 53 යි.
  • තෙවන ස්ථානය – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ප්‍රසාද ලකුණු 46 යි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට