ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතාවලට මෙවර වැඩි වටිනාකමක්

113

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳව සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව මාධ්‍ය හමුවක් අද (16) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විය.

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් …..

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

ඔක්තෝබර් මස 24 සිට 27 වැනිදා දක්නා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් 2100ක් පමණ සහභාගී වීමට නියමිත අතර තාක්ෂණ නිලධාරීන් 750 දෙනෙක් ද ඒ සඳහා පත්කොට ඇත. 

මෙම ක්‍රීඩා උළෙල ජූඩෝ, පාපන්දු (පිරිමි සහ කාන්තා), බොක්සිං, මල්ලවපොර, කායවර්ධන, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ඉසව් සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් කර ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට ද කටයුතු සිදුකර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පැවසූවේ, “කිසියම් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ හෙලුවහොත් අපි එම ක්‍රීඩකයාට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කරනවා. ජාතික මහා ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා වාර්තාවක් අලුත් කළහොත් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රදානය කරනවා” ලෙසටයි. 

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා විශේෂයෙන්ම සඳහන් කළ සිටියේ “මේ අවුරුද්දේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අපි කාර් දෙකක් පිරිනමනවා. අපේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් තමයි එම ත්‍යාගයන් ලබා දෙන්නේ” ලෙසටයි.

උළෙලේ අදියර තරග සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන 

  • පළමු අදියර තරග සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා ලබා දෙන මුදල – රු.100,000.00
  • දෙවන අදියර තරග සඳහා එක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් ලබා දෙන මුදල – රු.200,000.00
  • තෙවන අදියර තරග සඳහා එක් පළාතක් වෙනුවෙන් ලබාදෙන මුදල – රු.300,000.00

තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම

කේවල තරග ඉසව් 

  • පළමු ස්ථානය – රු.15,000.00
  • දෙවන ස්ථානය – රු.10,000.00
  • තෙවැනි ස්ථානය – රු.6,000.00

කණ්ඩායම් තරග (කණ්ඩායමක එක් ක්‍රීඩකයෙකු බැගින්)

  • පළමු ස්ථානය – රු.6,000.00
  • දෙවන ස්ථානය – රු.4,000.00
  • තෙවැනි ස්ථානය – රු.2,000.00

දක්ෂතම ක්‍රීඩකයින් එක් අයකු වෙනුවෙන් – රු.20,000.00

මේ වන විට රන් පදක්කම් 72ක්, රිදී පදක්කම් 54ක් සහ ලෝකඩ පදක්කම් 52ක් සමඟින් බස්නාහිර පළාත පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන අතර රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් මධ්‍යම පළාත පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වේ. එහි තෙවැනි ස්ථානය වයඹ පළාතටත්, සිව්වැනි ස්ථානය දකුණු පළාතටත් හිමිව ඇත.

වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය ……

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු සහ ෆොහාර් යන නගර දෙකේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් 650ක් පමණ සහභාගී වීමට නියමිත අතර ඊට අමතරව තාක්ෂණ නිලධාරීන් 200 දෙනෙක් ද ඒ සඳහා පත්කොට ඇත. මෙහි දී ශ්‍රී ලංකාව තරග ඉසව් 27කට සහභාගී වීමට නියමිතව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මුතුගල මහතා පැවසූවේ මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 34ක මුදලක් වැය කර ඇති බවයි.

එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මනස වෙනස් කිරීමේ වැඩසටහන් ගණනාවක් පැවැත්වූ බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූ බවට ද ඒ මහතා තවදුරටත් පවසා සිටියේය.

වලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිසිදා බිඳිය නොහැකි වාර්තාවක් තබයි

“2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාව” අද (20) …..

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල සහ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳව සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග වාර්තා, ඡායාරූප, විශේෂ අවස්ථා, ඉසව්වන් හි වීඩියෝ සහ තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකා අංක එකේ ක්‍රීඩා පුවත් වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<