නව වාර්තා 22කින් පිහිනුම් ශූරතාව ඇරඹේ

230

45 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවය ඊයේ (22) කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේ දී ආරම්භ වුනා. තරගාවලියේ පළමු දිනයේ දී ම නව වාර්තා 22ක් බිහි වීම කැපී පෙනුණා. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පිහිනුම් තරු 36ක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ……න්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි.

එළඹෙන සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන ආසියානු වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මෙවර තරගාවලියේ ප්‍රධානතම අරමුණක්. ආසියානු වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය 18 වැනි FINA ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වනු ඇත.

පළමු දිනයේ දී මීටර 800 නිදහස් ආර, මීටර 50 ලය ආර, මීටර 200 IM, මීටර 100 Fly හා මීටර 200 පසුපස ආර ඉසව් පැවැත්වුණා.  

පළමු දිනයේ බිඳ වැටුණු වාර්තාවලින් වාර්තා 14ක් බිහිවුණේ වයස අවුරුදු 11න් පහළ, වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩවලින්.  

>> සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න <<

කනිෂ්ඨ අංශයේ වාර්තා

බාලිකා වයස අවුරුදු 11න් පහළ පසුපස ආර ඉසව්ව ජය ගත් ආර්. රජීවක තත්පර 44.35කින් ඉසව්ව නිමා කළේය.  එය එම ඉසව්වේ නව වාර්තාවක් වුනා. ඇයට දෙවෙනි වූ ලිමන්දී හෙට්ටිආරච්චි තත්පර 44.43කින් ඉසව්ව නිමා කළා. එම ඉසව්වේ පෙර වාර්තාව වුනේ තත්පර 45.07ක්.

වයස අවුරුදු 11න් පහළ පිරිමි ළය ආර ඉසව්වත් ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා. තත්පර 42.50කින් ඉසව්ව නිමා කළ Qapid Faroor එම ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළ අතර බාලිකා වයස අවුරුදු 13න් පහළ මීටර 50 ළය ආර ඉසව්වේ පළමු ස්ථානය තත්පර 39.68කින් චතිනා අමොන් හා ක්‍රිස්ටිනා පෙරුමාල් හමුවේ බෙදී ගියා.  

ආනන්ද විද්‍යාලයේ දසිඳු පෙරේරා පිරිමි වයස අවුරුදු 15න් පහළ පසුපස ආර ඉසව්ව පහසුවෙන් ජය ගත්තා. ඔහු නව තරගාවලි වාර්තාවක් පිහිටවූයේ තත්පර 33.38කින් ඉසව්ව නිමා කරමින්. එම ඉසව්වේ පෙර වාර්තාව වූයේ තත්පර 34.04 ක්. 

පිරිමි වයස අවුරුදු 11න් පහළ මීටර 200 කේවල Medley ඉසව්වේ පළමු ස්ථාන තුනම පෙර පැවති වාර්තාව ඉක්මවා ගියා. විනාඩි 2:57.65කින් ඉසව්ව නිමා කරමින් මිහිත් ඒකනායක රන් පදක්කම දිනා ගත් අතර 3:00.33කින් මොහොමඩ් හාතීම් දෙවන ස්ථානය දිනා ගත්තා. එම ඉසව්වේ පෙර වාර්තාව විනාඩි 03:02.07ක් වූ අතර 3:01.48කින් ඉසව්ව නිමා කරමින් දේවින් යනෙත් එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තා.   

තත්පර 0.02ක වෙනසකින් බුද්ධිමා සමාධි බාලිකා වයස අවුරුදු 13න් පහළ මීටර 200 කේවල Medley ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටවූවා. සමාධි 2:48.71කින් ඉසව්ව නිමා කළ අතර පෙර වාර්තාව වූයේ විනාඩි 2:48.73ක්.   

දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 200 කේවල Medley ඉසව්ව නිමා කළේ විනාඩි 2:41.19කින් ඉසව්ව නිමා කරමින්. ඇය එම වයස් කාණ්ඩයේ සමස්ත ලංකා දක්ෂතම ක්‍රීඩිකාවයි.   

ඔනෙලි යහම්පත් හා නභාෂි පෙරේරා බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 100 සමනළ ආර ඉසව්වෙන් වාර්තා පොත් අතරට එකතු වුනා. යහම්පත් 1:10.85කින් ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානය දිනා ගත් අතර නභාෂි 1:09.44කින් රන් පදක්කම දිනා ගත්තා.  

නාලන්දා විද්‍යාලයේ කවීෂ ගිම්හාන දිනයේ අවසන් කනිෂ්ඨ වාර්තාව පිහිටවූයේ පිරිමි වයස අවුරුදු 17න් පහළ සමනළ ආර ඉසව්වෙන්.  මෙම ඉසව්වේ පෙර වාර්තාව වූයේ විනාඩි 1:00.70ක්. කවිෂ එම වාර්තාව බිඳ දැමුවේ 1:00.31කින් එම ඉසව්ව නිමා කරමින්.   

>> දිනයේ සම්පූර්ණ ලකුණු වාර්තාව <<

ජ්‍යෙෂ්ඨ අංශයේ වාර්තා

මහමායා බාලිකා විද්‍යාලයේ ලහිනි චෙත්මා බාලිකා වයස අවුරුදු 20න් පහළ පසුපස ආර ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටවූයේ තත්පර 37.60කින් ඉසව්ව නිමා කරමින්. 

ජාතික වාර්තා ද පිහිටුවා ඇති අකලංක පිරිස් වයස අවුරුදු 20න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්වේ නව වාර්තාවක් පිහිටවූයේ තත්පර 30.97කින්. එම ඉසව්වේ පෙර වාර්තාව වූයේ තත්පර 31.63ක්.  

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සනාලි නුහන්සා මීටර 800 නිදහස් ආර ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටවූයේ 10:25.71කින් ඉසව්ව නිමා කරමින්. 

ජාතික වාර්තා කිහිපයකටම හිමිකම් කියන දිලංක ෂෙහාන් බාලක වයස අවුරුදු 20 හා ඉන් ඉහළ මීටර් 200 කේවල Medley ඉසව්වේ පෙර වාර්තාව බිඳ දැමුවේ මිනිත්තු 2:21.48කින්.   

බාලිකා වයස අවුරුදු 20න් පහළ පසුපස ආර ඉසව්වෙන් නව වාර්තා දෙකක් බිහි වුනා. පෙර වාර්තාව වූ මිනිත්තු 2:42.03ක වාර්තාව මිනිත්තු 2:40.97කින් බිඳ දමමින් ශේනේලි විරවංශ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිද්දී මිනිත්තු 2:38.99කින් ඉසව්ව නිමා කළ කොළඹ කාන්තා විද්‍යාලයේ දිනාෂා හේවාගම රන් පදක්කම දිනා ගත්තා.  

දිනයේ අවසන් වාර්තා දෙක බිහි වුනේ වයස අවුරුදු 20න් පහළ මීටර 200 පසුපස ආර ඉසව්වෙන්. Killer Whale ක්‍රීඩා සමාජයේ කවින්ද්‍ර නුවෙල එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් සමඟින්. විනාඩි 2:12.58කින් එම ඉසව්ව නිමා කරමින් ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර  ආනන්ද විද්‍යාලයේ සංතුෂ මල්ලවතන්ත්‍රි මිනිත්තු 2:18.96කින් රිදී පදක්කම දිනා ගත්තා.   

45 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවයේ දෙවන දිනය අදයි (23). තරගාවලියේ සියලු තොරතුරු හා ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<