කැරම් වලින් බස්‌නාහිර පළාතට රන් පදක්‌කම් 06 ක්‌

297

42 වැනි ජාතික මහා ක්‍රීඩා කැරම් ශූරතාවලියේ දී බස්‌නාහිර පළාතට රන් පදක්‌කම් 06ක්‌ හිමි වූ අතර, ශූරතාවලියේ පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල, කණ්‌ඩායම් – පිරිමි, කණ්‌ඩායම් – කාන්තා යන තරග ඉසව් සියල්ලෙහිදීම රන් පදක්‌කම් දිනා ගැනීමට බස්‌නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පසුගිය ලිපි: කොළඹ නගර සභා ක්‍රීඩකයෝ වැඩි දස්කම් දක්වමින් පෙරමුණේ

ශූරතාවලිය පුරා සුවිශේෂි දස්‌කම් දැක්‌වූ බස්‌නාහිර පළාත නියෝජනය කළ චමිල් කුරේ හා චලනි ලක්‌මාලි ලියනගේ වසරේ දක්‍ෂතම කැරම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස නම් කළ අතර, ඔවුන් වෙනුවෙන් තිළිණ හා සම්මාන ප්‍රදානය යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් මහා ක්‍රීඩා උළෙලේදී සිදුකිරීමට නියමිතය.

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද මෙම කැරම් ශූරතාවලිය පුරා දින 03ක්‌ කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 87 දෙනෙක්‌ මේ සඳහා සහභාගී වූහ.

පිරිමි තරග අංශයේ සමස්‌ත ශූරතාවය රන් පදක්‌කම් 03ක්‌ දිනාගත් බස්‌නාහිර පළාතට හිමි වූ අතර සමස්‌ත අනුශූරතාවය රිදී පදක්‌කම් දෙකක්‌ හා ලෝකඩ පදක්‌කම් දෙකක්‌ හිමිකරගත් වයඹ පළාතට හිමි විය.

රන් පදක්‌කම් 03ක්‌ දිනාගත් බස්‌නාහිර පළාතට කාන්තා තරග අංශයේ සමස්‌ත ශූරතාව හිමි වූ අතර රිදී පදක්‌කම් 02 ක්‌ හා ලෝකඩ පදක්‌කම් 01ක්‌ දිනාගත් සබරගමුව පළාතට එහි සමස්‌ත අනුශූරතාවය හිමි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට