පුත්තලම සහෝදරවරුන්ගේ සටනට සියල්ල සූදානම්

920

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තෙවන වරටත් පැවැත්වෙන “පුත්තලම සහෝදරවරුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම” මාර්තු මස 6 හා 7 යන දෙදින පුරාවටම හලාවත ශර්ලි කොරයා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත.

අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 89 වැනි වරට පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව…

2010 වසරේ සිට පැවැත්වෙන මේ පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ ඔවුන් වඩාත් ප්‍රමුඛත්වය ගෙන ක්‍රීඩා කරන්නේ සීමිත පන්දුවාර තරගය යි. ඔවුන් මීට පෙරාතුව සීමිත පන්දුවාර තරග 6ක් පවත්වා ඇති අතර එයින් තරග 4ක් ජයග්‍රහණය කර ඇත්තේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයයි. සාන්ත මරියා විද්‍යාලය එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ඇත. ඊට අමතරව තවත් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

ඔවුන්ගේ පාසල් ද්විත්වය අතර පවත්වා ඇති දෙදින ක්‍රිකට් තරගවල ඉතිහාසය පිරික්සා බලන විට එහි පළමු තරගය පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දී ය. 2015 හා 2017 වසරේ පැවැත්වූ දෙදින තරග දෙකම ජයග්‍රහණය කරමින් පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ වැඩි ගෞරවය දිනා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට සමත්ව ඇත.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු පෙළ කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායමක් වන අතර සාන්ත මරියා විද්‍යාලය දෙවන පෙළ කාණ්ඩයෙන් තරග වදිනු ලැබේ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙය වීමේ වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන නිපුන් දනංජය වෙතයි. ඔහු ද වර්ණලාභී ක්‍රීඩකයෙකි. උප නායකත්වය, කඩුලු රකින තෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන තිලාන් ප්‍රදීප්ත හට හිමිව ඇත.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ නියෝජනය කරන මොවුන් මෙම තරගාවලිය තුළ මේ දක්වා තරග 10කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ හතරක් ලබාගෙන ඇත්තේ කොළඹ නාලන්ද, කෝට්ටේ ජනාධිපති, කෑගල්ල සාන්ත මරියා හා මහනුවර ධර්මරාජ යන විද්‍යාල පරාජය කරමිනි. උප නායක තිලාන් ලකුණු 481ක් ලබාගෙන ඇති අතරම ශසාන් දිනෙත් මෙවර තරග වාරය තුළ කඩුලු 50 සීමාව ඉක්මවා යෑමට සමත් වී ඇත. සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස තරංග ලියනපතිරණ මහතා කටයුතු කරනු ලැබේ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම

  • නිපුන් දනංජය (නායක)
  • තිලාන් ප්‍රදීප්ත (උප නායක)
  • ශසාන් දිනෙත්
  • නවෝද් යොහාන්
  • ධනුෂ්ක නෙරංජන්
  • සොහාන් අනුරුද්ධ
  • තිලාන් ප්‍රදීප්ත
  • ශෙලාද් අශේන්
  • අවිඳු ශෙහාර
  • යොහාන් මදුවන්ත
  • පසිඳු කවීෂ
  • චමෝද් කවිශ්ක
  • සඳරු ප්‍රනාන්දු
  • සඳුන් තිලකරත්න
  • ජනත් ප්‍රනාන්දු
  • කලණ ශෙවාන්
  • ප්‍රියංජීව ගුණරත්න පියතුමා (විදුහල්පති)
  • ගැමුණු කුමාර මහතා (නියෝජ්‍ය විදුහල්පති)
  • ප්‍රභා ප්‍රියදර්ශනී මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති)
  • තරංග ලියනපතිරණ (ප්‍රධාන පුහුණුකරු)
  • රන්දීර් දිනේශ් (ක්‍රිකට් භාර ආචාර්ය)

සාන්ත මරියා විද්‍යාලය

මෙවර තරග වාරයේ දෙවන පෙළ කාණ්ඩයේ තරග වදිනු ලබන සාන්ත මරියා විද්‍යාලයේ නායකත්වය දරන්නේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන ඩිලුශාන් ජයසංක විසිනි. මෙවර මහා ක්‍රිකට් තරගය සඳහා ඔවුන් ද ඉතාමත් හොඳ සමබර කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත. මෙම තරග වාරයේ දී ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ නායක ඩිලුශාන් ජයසංක වන අතර ඔහු මේ දක්වා පැවැත්වූ තරග අතුරෙන් ලකුණු 414ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.

උප නායක රොශේන් මාධව ලකුණු 315යි. සාන්ත මරියා විද්‍යාල පන්දු යැවීමේ බලඇණිය සවිමත් කරන උදිත් ඉරුශික හා චාරුක තරිඳු පිළිවෙළින් කඩුලු 45ක් හා කඩුලු 23ක් දවාගෙන ඇත. සාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සමන් නිත්තගල්ල මහතා ක්‍රියා කරයි.

සාන්ත මරියා විද්‍යාල කණ්ඩායම

  • ඩිලුශාන් ජයසංක (නායක)
  • රොශේන් මාධව (උපනායක)
  • රොනෙශ්ක ප්‍රනාන්දු
  • හශේන් තාරුක
  • රොශෙල් සචින්ත
  • මලිත් නිත්තගල්ල
  • යසස් නිත්තගල්ල
  • චාරුක තරිඳු
  • කුමාර් ප්‍රනාන්දු
  • තිලාන් ප්‍රනාන්දු
  • උදිත් ඉරුශික
  • මිනොන් දේශාන්
  • යොවෙල් ක්‍රිස්ටන්
  • නේරියස් පෙරේරා මහතා (විදුහල්පති)
  • සමන් නිත්තගල්ල (ප්‍රධාන පුහුණුකරු)
  • ටෙරන්ස් පෙරේරා  (ක්‍රිකට් භාර ආචාර්ය)
  • ඩිමන්ත කමෙල් (ක්‍රිකට් භාර ආචාර්ය)

මෙම පාසල් ද්විත්වය අතර තෙවන වරටත් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගය ලබන මාර්තු 6 හා 7 හලාවත ශර්ලි කොරයා පිටියේ පැවැත්වෙන අතර 7 වන වරටත් පැවැත්වෙන එහි සීමිත පන්දුවාර තරගය ලබන 11 වැනිදා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවැත්වේ. ඒ සඳහා මේ විද්‍යාල දෙකේම ක්‍රීඩකයින් සිය දක්ෂතා උපරිමයෙන්ම දැක්වීමට සූදානම්ව සිටී.

ඔබ සිතන ආකාරයට මෙවර තරග වාරයේ වැඩි වාසිය කාටද? ඔබේ අදහස් පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<