පැරා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

184

3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අද (08) ආරම්භ විය. එහි දී පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවන් පදක්කම් 5ක් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

“ආසියානු පැරා ක්‍රීඩා උළෙලට අපි සූදානම්”

3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල මෙම මස (ඔක්තෝබර්) 06 වැනිදා සිට 13 වැනිදා දක්වා….

දිනයේ ප්‍රථම පදක්කම් ත්‍රිත්වය T42 පිරිමි මීටර් 200 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලාංකිකයන් විසින් දිනා දෙන්නට සමත් විය. එම ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වයම  ශ්‍රී ලාංකිකයන් විසින් දිනා ගැනීම විශේෂත්වයකි. එහි දී පිළිවෙළින් අමිල ප්‍රසන්න තත්පර 26.01ක කාලයක්, උපුල් ඉන්දික චූලදාස තත්පර 26.08ක කාලයක් හා චරිත නිර්මල තත්පර 26.59ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ පදක්කම් ජයග්‍රහණය කළහ.

ඉන්පසු පිරිමි F42-44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ චමින්ද සම්පත් හෙට්ටිආරච්චි රිදී පදක්කමක් දිනා ගත්තේය. එහි දී ඔහු මීටර් 59.32ක දක්ෂතාවයක් වාර්තා කළ අතර එම ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීම ද කැපී පෙනුණි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතා

2018 වසරේ දී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අවසන් පාසල් ක්‍රීඩා සැණකෙළිය සමස්ත…..

කාන්තා දුර පැනීමේ 45/46/47 අංශයේ ඉසව්වෙන් ද තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි විය. ඉන්දුමතී කරුණාතිලක එම ඉසව්වෙන් මීටර් 4.62ක දක්ෂතාවයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය. එසේම එම ඉසව්ව නියෝජනය කළ කුමුදු ප්‍රියංකා මීටර් 4.51ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ සිව්වැනි තැන දිනා ගත්තාය.

හෙට (09) දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තවත් ඉසව් රාශියක්ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ThePapare.com වෙතින් ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<