ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

2524
sri lanka Volleyball

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ තෙවැනි දිනයේ දී (5) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව වට 3-0ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කරන්නට සමත් විය. තරගාවලිය පැවැත්වෙන්නේ මියන්මාරයේ දීයි.

සත්කාරකයින් හඹා ගිය ශ්‍රී ලංකාවට වටිනා ජයක්

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ …………

A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද පළමු වටයේ අවසන් තරගයට සහභාගී විය. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකට සහභාගී වූ අතර ඉන් පළමු තරගය ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්විය. ඉන් ශ්‍රී ලංකාව තරග වට 3-0ක් ලෙස පරාජයට පත්විය. දෙවැනි තරගය ඊයේ (04) මියන්මාරය සමඟ පැවති අතර 3-1ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.

හොංකො සමඟ අද පැවති තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එතරම් අභියෝගයක් එල්ල කරන්නට ප්‍රතිවාදීන් සමත් වූයේ නැත. ශ්‍රී ලංකාව එම වටය ජය ගත්තේ 25-17ක් ලෙසයි. 

දෙවන වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ යම් යම් උපක්‍රම ග්‍රහණය කර ගැනීමට හොංකොං ක්‍රීඩකයින් සමත් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා රටාව සහ උපක්‍රමශීලිත්වය හමුවේ 25-22ක් ලෙස එම වටයත් ජයග්‍රණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය. 

පළමු වටයේ දී ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට හොඳ අභියෝගයක්

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23 න් පහළ ……….

වඩාත් තීරණාත්මක තෙවැනි වටයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යහපත් මානසිකත්වයකින් අවතීර්ණ වූ නමුත් හොංකොං ක්‍රීඩකයන් තරගය ආරම්භයේ පටන් ඉතාමත් හොඳ අභියෝගයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ල කරන්නට සමත් විය. 25-22ක් ලෙස ලකුණු 3කින් නිමා වූ තෙවැනි වටයත් සමඟින් 03-00ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. 

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<