ශ්‍රී ලංකාවට සෑම වටයක දී ම ලකුණු දෙකක් හරස් වෙයි

514

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම අද (08) සහභාගී වූ, 2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි තරගයෙන් 3-0ක් ලෙස චීන තායිපේ හමුවේ පරාජයට පත්විය. තෙවැනි වරටත් පැවැත්වෙන උක්ත තරගාවලියේ මෙවර සත්කාරකත්වය දරන්නේ මියන්මාරය විසිනි. 

3 සහ 4 වැනි වටයේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක්

2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ………

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ (07) සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගයට පාකිස්තානය සමඟින් තරග වැදුණ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3-1ක් ලෙස පරාජයට පත්විය.

අද තරගයේ ප්‍රථම වටයේ දී කණ්ඩායම් දෙකම ජයග්‍රහණ පිපාසයෙන් තරග වැදුණු අතර දෙපිලේම ක්‍රීඩකයින් ඉතාමත් උද්යෝගයෙන් කරට කර සටන් කරනු දක්නට ලැබුණි. ඒ අනුව ප්‍රථම අර්ධය නිමා වූයේ තියුණු තරගයකින් අනතුරුව 26-24ක් ලෙස තායිපේ ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

එකිනෙකාගේ ක්‍රීඩා රටාවන් හඳුනා ගනිමින් දෙවැනි වටයට පිවිසුණු ක්‍රීඩකයින් වඩාත් ප්‍රවේසම් සහගතව දෙවැනි වටයේ දී තරග කර අතර එම වටයෙන් පෙරමුණ ගැනීමට තායිපේ ක්‍රීඩකයින් සමත් වූයේ ද ලකුණු දෙකක තියුණු පරතරයක් සමඟිනි (23-25).

පළමු සහ දෙවැනි වටයන් දෙකෙන්ම ඉතාමත් තියුණු පරතරයක් සහිතව පරාජය වැළඳ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වඩාත් තීරණාත්මක තෙවැනි වටය සඳහා අවතීර්ණ වන්නේ කෙසේ හෝ එය ජය ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවයි. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ……..

කෙසේ නමුත් මෙම වටය ද ඉතාමත් තරගකාරී සහ තියුණු ලෙස, කරට කර ලකුණු සමවෙමින් ඉදිරියට ඇදුණේ ජයග්‍රහණය කා හට හිමි වේ දැයි කියා අනුමාන කළ නොහැකි තත්වයක් නිර්මාණය කරමිනි. කෙසේ නමුත් පළමු සහ දෙවැනි වටවල දී ශ්‍රී ලංකාව පසුපස හඹා ආ අවාසනාව තෙවැනි වටයටත් පැමිණියේ 26-24ක් ලෙස තායිපේ ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමිකර දෙමිනි.  

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙස තරගය පරාජය වූයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තම කාණ්ඩයේ සිව්වැනි ස්ථානය දක්වා පසු බසිමිනි. හෙට (08) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<