දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පිහිනුම් තරු 36ක්

189

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිහිනුම් සංචිතය තෝරා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙකුගෙන් යුතු මූලික පිහිනුම් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. තරගාවලිය එළඹෙන දෙසැම්බර් 1 නේපාලයේ කත්මන්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි. 

Video – SAG වලට ලංකාවෙන් Technical officersලා 150ක්

ශ්‍රී ලංකා SAG සංචිතයේ නිලධාරී සංයුතිය, තරගාවලියට ඇති සූදානම සහ ක්‍රීඩක…

මේ වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ ක්‍රීඩාවන් 27ක් නියෝජනය වන පරිද්දෙන්.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙත රුපියල් 22, 500ක මුදලක් එක් ක්‍රීඩකයෙකුට මාසිකව ලබා දෙන්නේ අවශ්‍ය පුහුණු කටයුතු හා පෝෂණ අවශ්‍යතා සැපයීමේ අරමුණින්. 

ඒ අනුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 36 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් නම් කර තිබෙන අතර ජල ක්‍රීඩා සංගමයේ නිවේදනයට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ දී ඉදිරි දිනවල පුහුණුවීම් කටයුතු සිදු කරන විට 6 දෙනෙකු දිවයිනෙන් පිටත ඔවුන් සිටින රටවලම පුහුණුවීම් සිදු කරනවා.

26 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුව තුළ ශ්‍රී ලංකාව තුළ පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් බැගින් සිටින අතර ක්‍රීඩකයින් 4ක් හා ක්‍රීඩිකාවන්  දෙදෙනෙක් දිවයිනෙන් පිටත පුහුණු සැසි වලට සහභාගී වීමට නියමිතයි. එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ප්‍රධානම පදක්කම් බලාපොරොත්තු වන මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා හා කිම්කො රහීම් ද ඇතුළත්.  

නුදුරු දිනයක දී අවසන් සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කරන අතර එම දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

පිරිමි කාන්තා
01 දිලංක ෂෙහාන් 01 හිරුකි ද සිල්වා 
02 අම්රිත් පෙරේරා  02 සනාලි නුහන්සා
03 සී. ආර් යෝගරත්නම්  03 රමුදී සමරකෝන් 
04 පී. අරුක්ශාන්  04 ශනාලි පෙරේරා
05 රේවන් සේනාරත්න 05 ගංගා සෙනෙවිරන්ත 
06 සන්තුෂ් මල්ලවතාන්ත්‍රී 06 මිනාගී රූපසිංහ
07 ශේවින්ද ද සිල්වා  07 සඳු සවින්දි 
08 සඳෙව් සේනාරත්න  08 නභාෂි පෙරේරා 
09 දිනාල් වීරසිංහ  09 භක්ති කරුණාසේන 
10 අකලේශ්වර් ප්‍රේමානන්ද් 10 විනොලි කළුආරච්චි 
11 ආර්. ඒ කුමාරජීව 11 අකිත්මි වාසලතන්ත්‍රි
12 අකලංක පීරිස් 12 තිලංජනා පරාක්‍රමසිංහ
13 මනුල කුරේ  13 දිලුක්ෂි පෙරේරා 
14 චතුෂ දල්පතාදු 14 ෂෙනාලි විරවංශ 
15 අම්ජාඩ් හසන්  15 ඔනෙලි යහම්පත් 
16 මැතිව් අබේසිංහ  16 කිම්කො රහීම් 
17 කිරන් ජාසිංහ 17 අනිකා ගෆූර්
18 කයිල් අබේසිංහ 18
19 චෙරන්ත ද සිල්වා  19

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් රන් පදක්කම් 12ක්, ලෝකඩ පදක්කම් 11ක්, රිදී පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 39ක් දිනා ගත්තා. 

New national coach from Kenya to train Parami Wasanthi

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහ ජාතික තරගාවලි කිහිපයක් සහ ක්‍රීඩා අමත්‍යංශය මගින්…

මැතිව් අබේසිංහ 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ රන් පදක්කම් හතක්, රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්. 

පසුගිය ක්‍රීඩා උළෙලේ දී ඉහළම දස්කම් දැක්වූ කිම්කො රහීම් ද මෙවර කණ්ඩායමේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන්නේ ඇය ද 2016 වසරේ දී දකුණු ආසියානු වාර්තාවක් බිඳ දමමින් රන් පදක්කම් හතරක් හා රිදී පදක්කමක් දිනා ගැනීම නිසයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<