රිද්මා නිශාදි වසර විස්සක් පැරණි වාර්තාවක් බිඳ දමයි

1239
32nd all island school Games 2016 day 4

ඉකුත් 13 වෙනිදා ආරම්භ වුනු 32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි සිව්වන දිනය අද (16) සාර්ථකව නිමාවට පත්විය. අද දින වාර්තා වූ සුවිශේෂීතම සිද්ධිය වූයේ වසර විස්සක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකිවීමයි.

පසුගිය ලිපි: තෙවන දිනය නිමාවන විට නව වාර්තා දෙකක්

1996 වර්ෂයේ වයස අවුරුදු 19න් පහල බාලිකා දුර පැනීමේ ඉසව්වෙන්, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ එන්. කේ. චන්ද්‍රසේන ක්‍රීඩිකාව මීටර් 5.83ක දක්ෂතාවයකින් වාර්තා කල වාර්තාවක් අලුත් කරමින් වාර්තාව සිය නාමය යටතට ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිශාදි අද සමත් විය. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 5.85 ක්.

එම වාර්තාවට අමතරව තවත් සුවිශේෂී වාර්තාවක් බිහිවූයේ වයස අවුරුදු 19න් පහල බාලක තුන් පිම්ම ඉසව්වෙනි. 2015 වර්ෂයේදී මීටර් 15.38 පෙන්වමින් මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි පිහිටුවා තිබූ වාර්තාව අද ඔහු විසින්ම මීටර් 15.52ක දුරක් වාර්තා කරමින් අලුත් කිරීමට සමත් විය.

දිනයේ බිහි වූ අවසන් වාර්තාව බිහි වූයේ වයස අවුරුදු 19න් පහල බාලිකා තුන් පිම්ම ඉසව්වෙනි. මීටර් 12.66 ක දක්ෂතාවයක් වාර්තා කරමින් වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිනි ප්‍රබෝධා විසින් බිඳ හෙලනු ලැබුවේ 2014 වර්ෂයේදී මීගමුව නිව්ස්‍ටඩ් බාලිකා විද්‍යාලයේ විදූෂා ලක්ෂාණි මීටර් 12.47ක් වාර්තා කරමින් පිහිටුවා තිබුනු වාර්තාවකි.

තරගාවලියේ දෙවන දිනයේදී නව වාර්තා දෙකක් ද, තෙවන දිනයේදී නව වාර්තා තුනක් ද සහ අද දිනයේ දී නව වාර්තා තුනක් ද සමඟ සමස්ත තරගාවලිය තුලම නව තරග වාර්තා 8ක් මේ වන විට බිහිවී ඇත.

අද දින විවිධ ඉසව් කිහිපයකම අවසන් තරග 16ක් පැවැත්වුණු අතර එම තරග වල ප්‍රතිඵල කිහිපයක් මෙසේය.

වයස අවුරුදු 17න් පහල බාලක රිටි පැනීම

  • රන් පදක්කම:- ඒ. පුවිදරන් – මීටර් 3.80 (යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලය)
  • රිදී පදක්කම:- ආර්. ජදුශන් – මීටර් 3.60 (යාපනය අරුනෝදය විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- යු. සුලක්ශන් – මීටර් 3.50 (යාපනය අරුනෝදය විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහල බාලිකා හෙල්ල විසිකිරීම

  • රන් පදක්කම:- අයි. කාවින්දි – මීටර් 36.25 (කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය)
  • රිදී පදක්කම:- ටී. කේ. රත්නායක – මීටර් 32.37 (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- ජේ. අනිතා – මීටර් 30.99 (යාපනය මහජන විද්‍යාලය)

*මෙය අනිත්තා විසින් ලබා ගත් තුන්වන පදක්කමයි.

වයස අවුරුදු 19න් පහල බාලිකා දුර පැනීම

  • රන් පදක්කම:- රිද්මා නිශාදි – මීටර් 5.85 (ධර්මාශෝක විද්‍යාලය)
  • රිදී පදක්කම:- වාසනා චතුරංගි – මීටර් 5.34 (ශාන්ත මාරියා විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- එස්. අහ්රනි – මීටර් 5.26 (යාපනය උඩුප්පිඩෙයි බාලිකා විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහල බාලිකා උස පැනීම

  • රන් පදක්කම:- එම්. මධුෂානි – මීටර් 1.61 (කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය)
  • රිදී පදක්කම:- පියුමි අතුකෝරාල (කොළඹ යහපත් එඩේරාගේ කන්‍යාරාමය)
  • ලෝකඩ පදක්කම:- ලක්මිනි දොඩම්ගොඩ – මීටර් 1.50 (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

වයස අවුරුදු 19න් පහල බාලක තුන් පිම්ම

  • රන් පදක්කම:- චමල් කුමාරසිරි – මීටර් 15.52 (ඩී. එස්. සේනානායන විද්‍යාලය මීරිගම)
  • රිදී පදක්කම:- රොෂාන් දම්මික – මීටර් 15.17 (රත්නපුර කුලරත්න විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- රචින්ත පෙරේරා – මීටර් 14.78 (මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය)

වයස අවුරුදු 15න් පහල බාලිකා යගුලිය විසි කිරීම

  • රන් පදක්කම:- එස්. ගුණසේකර – මීටර් 9.88 (කොළඹ කාන්තා විද්‍යාලය)
  • රිදී පදක්කම:- ආර්. ඩේවිඩ් – මීටර් 9.57 (කොළඹ කාන්තා විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- ටී. සඳුනිකා – මීටර් 9.34 (වලල ඒ. රත්නායක විද්‍යාලය)

වයස අවුරුදු 17න් පහල බාලිකා තුන් පිම්ම

  • රන් පදක්කම:- ප්‍රසාදි ලක්මාලි – මීටර් 11.43 (ගම්පහ සිරිකුරුස විද්‍යාලය)
  • රිදී පදක්කම:- පී. කරුණානායක – මීටර් 11.35 (අරණායක රාජගිරි මධ්‍ය විද්‍යාලය)
  • ලෝකඩ පදක්කම:- පී. සමරතුංග – මීටර් 11.34 (මලියදේව බාලිකා විද්‍යාලය)

මීටර් 400 සහය දිවීම

අවුරුදු 15න් පහල බාලිකා

  1. ජොන් කොතලාවල මධ්‍ය විද්‍යාලය
  2. වලල ඒ.රත්නායක විද්‍යාලය
  3. මාරියා කන්‍යාරාමව

අවුරුදු 15න් පහල බාලක

  1. ත්‍රිත්ව විද්‍යාලය මහනුවර
  2. බෙරවට්ස් විද්‍යාලය මහනුවර
  3. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය

අවුරුදු 17න් පහල බාලිකා

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය
  2. රත්නපාල මධ්‍ය විද්‍යාලය මාවුස්සාවැව
  3. ජෝන් කොතලාවල මධ්‍ය විදභාලය

අවුරුදු 17න් පහල බාලක

  1. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කොළඹ
  2. මාරිස්ටෙලා විද්‍යාලය මීගමුව
  3. වලල ඒ. රත්නායක විද්‍යාලය

අවුරුදු 19න් පහල බාලිකා

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය
  2. අඹගමුව මධ්‍ය විද්‍යාලය
  3. වැලිමඩ මධ්‍ය විද්‍යාලය

අවුරුදු 19න් පහල බාලක

  1. මාරිස්ටෙලා විද්‍යාලය මීගමුව
  2. ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මහනුවර
  3. කොළඹ නාලන්දා විද්‍යාලය

අවුරුදු 21න් පහල බාලිකා

  1. වලල ඒ. රත්නායක විද්‍යාලය
  2. අඹගමුව මධ්‍ය විද්‍යාලය
  3. සුමනා බාලිකා විද්‍යාලය

අවුරුදු 21න් පහල බාලක

  1.  වලල ඒ. රත්නායක විද්‍යාලය
  2.  ශාන්ත මාරියා විද්‍යාලය කෑගල්ල
  3.  රාහුල විද්‍යාලය මාතර

සිව්වන දිනය නිමාවන විට ලකුණු 275ක් ලබාගෙන මධ්‍යම පළාත දෙවන ස්ථානයේත්, ලකුණු 596ක් ලබාගෙන ප්‍රබල බස්නාහිර පලාත පෙරමුණේත් පසුවේ.

හෙ‍ට තරගාවලිය අවසන් දිනය වන අතර සමාප්තිය උළෙලින් පසුව තරගාවලිය නිමාවට පත්වනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටවුට