16න් පහළ පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් 32ක්

750

දකුණු ආසියානු – ජපාන වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලිය මාර්තු 11 සිට 14 දක්වා කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී රටවල් හතරක සහභාගීත්වයෙන් පැවැත්වේ. තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවති අතර එය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති සහ ජපාන ශ්‍රී ලංකා මහජන සම්බන්ධිකරණ නිළදාරීවරයා ද එක්විය.

එක් ගෝලයකින් නාවිකයන් රිනවුන් හමුවේ පරාජය වේ

ප්‍රථම අර්ධයේ දී වැඩි වාසිය නාවික හමුදාව සතු වූවත්…

ජපාන පාපන්දු සංගමය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා එක්ව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පවත්වයි. ජපාන රජයේ සංකල්පයක් වන “හෙට වෙනුවෙන් ක්‍රීඩාව” (Sport for Tomorrow) තේමාව පදනම් කරගෙන තරගාවලිය පැවැත්වේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ඔවුන්ගේ අරමුණ වනුයේ ක්‍රීඩාවට වඩා වැඩි වටිනාකමක් ලබා දීම සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලියට සහයෝගය ලබාදීමයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත SAFF හා ආසියානු පාපන්දු ශූරතා තරගාවලි සඳහා ද මෙය හොඳ පිටුවහලක් වනු ඇතැයි ජපාන පාපන්දු සංගමය විස්වාසය පළකරයි.

ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියට නේපාලය, භූතානය, ජපානය හා ශ්‍රී ලංකාව සහභාගී වේ. තරග ජයග්‍රහණයට 3ක් ද, ජය පැරදුමෙන් තොර තරග වලට 1ක් ලෙස ලකුණු ලබා දේ. පරාජයන්ට ලකුණු ලබා නොදේ.

එක් එක් රටවල පුහුණුකරුවන්ගේ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමේ අරමුණෙන් තරගාවලිය පැවැත්වෙන අතරතුර ඔවුන් සහභාගී කරවා ගෙන සම්මන්ත්‍රණ පැවැත්වීමට ද සංවිධායකයන් කටයුතු යොදා ඇත.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සහ පාපන්දු සම්මේලනය විසින් පසුගිය මාසයේ දී තෝරා ගෙන ඇත. තරග කාලසටහන පහත පරිදි වේ.

  • මාර්තු 11 – ප.ව. 5.00ට නේපාලය හා භූතානය අතර
  • මාර්තු 11 – ප.ව. 7.00ට ජපානය හා ශ්‍රී ලංකාව අතර
  • මාර්තු 12 – ප.ව. 5.00ට ශ්‍රී ලංකාව හා භූතානය අතර
  • මාර්තු 12 – ප.ව. 7.00ට නේපාලය හා ජපානය අතර
  • මාර්තු 14 – ප.ව. 5.00ට භූතානය හා ජපානය අතර
  • මාර්තු 14 – ප.ව.7.00ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර

ශ්‍රී ලංකා සංචිතය:

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් ඉෂාන්, ෆාරූඩ් ෆයිස්, මොහොමඩ් ෂාහිල්, මොහොමඩ් මුෂ්ෆිර්, මොහොමඩ් මුර්ෂිඩ්, ආකිබ් ෆයිසාල්, නබීල් නිසාම්
  • හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය – මහේද්‍රන් දිනේෂ්, මොහොමඩ් ආෂික්
  • සාන්ත හෙන්රි විද්‍යාලය – ජූඩ් සුමන්, පී. රෙක්සොන්
  • මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ප්‍රනීත් චමින්ද, සන්දීප වාස්
  • අල් අධන් විද්‍යාලය – මොහොමඩ් අෆ්රාන්
  • සාන්ත පීතර විද්‍යාලය – මොහොමඩ් ශාබීර්
  • සාන්ත බැපිටිස් දෙමළ විද්‍යාලය, කැකිරාව – ඩේවිඩ් වීරසිංහ
  • සාන්ත මරියා විද්‍යාලය, නාවලපිටිය – මොහොමඩ් ෆයිසාර්
  • විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල – ෂෙහාන් යස්මල
  • සියලු සාන්තුවරයන්ගේ විද්‍යාලය, ගාල්ල – විකුම් අවිශ්ක
  • බෙරවෙර්ඩා විද්‍යාලය, නුවර – සජිත් ලක්ෂාන්
  • රන්පොකුණුගම මහා විද්‍යාලය, නිට්ටඹුව – මොහොමඩ් උමාර්
  • විෂන් ඉන්ටනැෂනල්, නුවර – මොහොමඩ් රිකාස්
  • අල් හිලාල් NS, මීගමුව – මොහොමඩ් ෂිෆාන්
  • මලියදේව විද්‍යාලය, කුරුණෑගල – එම්. ජේ. චමෝද්
  • අජ්මීර් NS, උකුවෙල – මොහොමඩ් රුස්කාන්
  • නාලන්ද විද්‍යාලය – සී. එච්. කොඩිතුවක්කු
  • මහජන විද්‍යාලය, යාපනය – රවි කුමාර් තනූජන්
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, නුවර – ඩී. කේ. වී. සුලක්ෂණ
  • හම්සා විද්‍යාලය, කොළඹ – ඩී. සුරේන්
  • L.M. සම්සුදීන් ඉන්ටනැෂනල්, බේරුවල – අබ්දුල්ලා පාරිස්
  • සාන්ත ජෝසප් විද්‍යාලය – ලුෂාන් ද සිල්වා
  • විද්‍යා විදුහල – යසස් කවිඳු කුරේ

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට