සමාරම්භයට දවස් දෙකක් තිබිය දී යෞවන ක්‍රීඩා උළෙල කල් දමයි

119

31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙම මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර මේ දිනවල ඇදහැලෙන  අධික වර්ෂාව හේතුවෙන් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයින් අද (24) තීරණය කර ඇත.

වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය …….

ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍යංශය සහ ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල, වයස අවුරුදු 20න් ඉහළ හා පහළ වශයෙන් වයස් කාණ්ඩ 02ක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. 

මෙම ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමට නියමිත ජවන හා පිටිය තරග ඉසව් 68ක් සඳහා දිවයිනේ නන්දෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

ක්‍රීඩා උළෙලේ වයස් කාණ්ඩ දෙකෙහි දක‍්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාට වටිනා යතුරුපැදි හතරක් ද, නව තරග වාර්තාවක් බිහි කිරීම වෙනුවෙන් රු 50,000ක් ද, ජාතික යෞවන ක්‍රීඩා තරග වාර්තාවක් බිහි කිරීම වෙනුවෙන් රු10,000ක් ද ප්‍රදානය කිරීමට නියමිතව තිබුණි.

පසුගිය වසරේ පැවති යෞවන ක්‍රීඩා උළෙලේ, වයස අවුරුදු 20න් පහළ කාන්තා තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 11.95ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩිකාව බවට සම්මාන දිනා ගත්  හිමාෂා කුරේ, 20න් පහළ මීටර් 200 පිරිමි තරග ඉසව්වෙන් තත්පර 21.33ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහි කරමින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ අරුණ දර්ශන, වයස අවුරුදු 20න් ඉහළ කාන්තා මීටර් 400 ඉසව්වේ තත්පර 54.52ක කාලයක් වාර්තා කරමින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ නදීෂා රාමනායක, වයස අවුරුදු 20න් ඉහල පිරිමි දුර පැනීමේ ඉසව්වේ මීටර් 7.23ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අමිල ජයසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුරතින් මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමට නියමිතව තිබුණි.

මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබුණි. තරගය ඉදිරියේ පැවැත්වීමට නියමිත දිනයන් සහ වේලාවන් දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<