ක්‍රීඩකයින් තිදෙනෙක්ට තරග තහනමක්!

75

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියෙන් පසු CR&FC ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු, මහනුවර ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායක, යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුධාරක දික්කුඹුර යන ක්‍රීඩකයින්ට පසුගිය බදාදා පැවතී විනය කමිටු පරීක්ෂණයෙන් අනතුරුව එක් තරග තහනමක් පැනවීමට ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ විනය කමිටුව තීරණය කර ඇත.

ෂාරෝගේ රතු කාඩ්පත මැද CR අමාරුවෙන් ජයග්‍රහණයට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CR&FC හා ……

පසුගිය සතියේ දී පැවතී CR&FC සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ 30 වැනි විනාඩියේ දී “Ruck” අවස්ථාවක දී නීති විරෝධීව ක්‍රීඩා කිරීම හේතුවෙන් විනිසුරු CR&FC ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දුට කහ කාඩ්පතක් නිකුත් කළ අතර නැවතත් 46 වැනි විනාඩියේ දී විනිසුරු විධාන නොතකා ක්‍රීඩා කිරීම හේතුවෙන් ෂාරෝ ප්‍රනාන්දුට විනිසුරු දෙවැනි කහ කාඩ්පත නිකුත් කර තරග විධි විධානවලට අනුව එක් තරගයක දී කහ කාඩ්පත් දෙකක් හිමි වීම හේතුවෙන් ඔහුට රතු කාඩ්පතක් ද නිකුත් කොට තරගයෙන් ඉවත් කිරීමට තීරණය කෙරිණි.

එසේම මීට පෙර ද තරගාවලියේ පිට පිට තරග තුනක දී කහ කාඩ්පත් තුනක් ෂාරෝ ප්‍රනාන්දුට නිකුත් වීම හේතුවෙන් ඔහුට මීට පෙර ද තරග තහනමකට ලක්වීමට සිදු විය.

පසුගිය සතියේ දී සිදු වූ එම සිදුවීම හේතුවෙන් ෂාරෝ ප්‍රනාන්දු මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව මේ සති අන්තයේ දී පැවැත්වීමට නියමිත තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන අතර මහනුවර ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායකට ද පිට පිට තරග තුනක දී කහ කාඩ්පත් තුනක් හිමි වීම හේතුවෙන් එක් තරග තහනමක් පනවා තිබේ.

නාවිකයෝ වැලිසර දී අසරණ වෙති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ …..

එසේම පසුගිය සතියේ දී යුද හමුදාව සහ CR&FC කණ්ඩායම් අතර පවතී තරගයෙන් අනතුරුව තරග විශ්ලේෂක නිලධාරි (Citing Officer) විසින් යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුධාරක දික්කුඹුරට කහ කාඩ්පතක් නිකුත් කිරීම හේතුවෙන් පිට පිට තරග තුනක දී කහ කාඩ් පත් තුනක් හිමි වීමේ වරදට හසුවීම නිසා එක් තරග තහනමක් පනවා තිබේ.

එළඹෙන සති අන්තයේ පැවැත්වෙන තරගවල දී මෙම ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඒ අනුව අහිමි වී යනු ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ සජීවී තරග, තරග වාර්තා සහ ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<