ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

324

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22 වැනි සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පරිසාධන මට්ටම් ද මේ වන විට නිකුත්  කර ඇත.

ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක්…..

2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය

මෙවර දෝහා කටාර් හිදී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 23 වැනි වරටයි. රටවල් 63ක සහභාගිත්වයෙන් මෙම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වීමට නියමිත අතර කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් තරගාවලිය පැවැත්වෙනු ඇත.  2019 මාර්තු 21 වැනිදා සිට මාර්තු 24 වැනිදා තෙක් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි. මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා විවිධ ක්‍රීඩා රැසක් ඇතුළත්ව ඇත.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා සහභාගීත්වය

ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසය තුල ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් ලබාගෙන ඇති අතර එයට රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 19ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව එක් වතාවක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර එම තරගාවලිය 2002 වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට යන ක්‍රීඩකයන් තෝරා පත්කර ගැනීම සඳහා තෝරා ගැනීමේ තරගාවලියක් මේ මස 22 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඔවුන්ට පරිසාධන මට්ටමක් ලබා දී ඇති අතර මේ හරහා ඉතාමත් ඉහල දක්ෂතාවයකින් යුතු ක්‍රීඩකයින් හඳුනා ගැනීමට පහසු වනු ඇත.

22 වැනිදා පැවැත්වෙන තෝරා ගැනීමේ තරගාවලියට ක්‍රීඩකයන් 300ට අධික පිරිසක්  සහභාගී වීමට නියමිත අතර ඉන් ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා තෝරා ගනු ලබයි.  මෙම තෝරාගැනීමේ තරගාවලිය උදෑසන 7.30ට ආරම්භ වන අතර එය පස්වරු 4.30 දක්වා පැවැත්වේ. ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීමට ප්‍රථම මෙවැනි තෝරාගැනීමේ පරීක්ෂණ මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමට තේරීම් කමිටු නිලධාරීන් හට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com මෙම තරගාවලියේ ප්‍රතිඵල, තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න.

2019 ආසියානු ශූරතාවය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ කාල සටහන

08.30 Javelin Throw Men Final 12 Athletes
08.30 High Jump Men Final 08
08.30 Triple Jump Women Final 08
08.30 3000 M. Steeplechase Women Final 08
08.45 3000 M. Steeplechase Men Final 12
09.10 800 M. Women Final 08
09.20 800 M. Men Heats 24
09.35 200 M. Men Heats 24
09.50 200 M. Women Heats 16
10.00 Pole Vault Men Final 08
10.00 Discus Throw Women Final 08
10.00 Long Jump Women Final 08
10.30 400 M. Men Heats 24
10.45 400 M. Women Heats 16
11.00 Javelin Throw Women Final 08
11.10 100 M. Hurdles Women Final 08
11.20 110 M. Hurdles Men Final 08
11.35 200 M. Men Final
11.45 200 M. Women Final
02.00 400 M. Hurdles Men Final 08
02.00 Triple Jump Men Final 12
02.00 Shot Put Men Final 08
02.10 400 M. Hurdles Women Final 08
02.30 100 M. Men Heals 24
02.50 100 M. Women Heats 24
03.00 Discus Throw Men Final 08
03.00 High Jump Women Final 08
03.10 1500 M. Men Final 12
03.20 1500 M. Women Final 12
03.40 400 M. Men Final
03.45 Shot Put Women Final 08
03.45 Long Jump Men Final 12
03.50 400 M. Women Final
04.00 800 M. Men Final
04.10 100 M. Men Final
04.20 100 M. Women Final

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<