ආසියානු මලල ක්‍රීඩා උළෙලට යන්නේ කවුද?

171
2nd National trials

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගී වන ලාංකික මලල ක්‍රීඩකයන් තෝරාපත්කර ගැනීම සඳහා පවත්වන සමස්ත ලංකා තේරීම් තරගවල දෙවන වටය එළඹෙන ජූනි 1 සහ 2 යන දිනයන්වල දී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. ඉන් තේරීපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජූලි 6 වන දා සිට 9 වන දා දක්වා ඉන්දියාවේ බුවනේෂ්වර්හි දී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ඇත.

ආසියානු තරගාවලිය ජූලි මාසය තුළ දී පැවැත්වීමත් සමඟ මැයි මස දී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග ජුනි මාසය දක්වා කල්ගිය අතර රන්චි හිදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු තරගාවලිය බුවනේෂ්වර් දක්වා රැගෙන යන ලදි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පරිසාධන මට්ටමක් නියම කළ අතර එය ඉක්මවා යන්නන්ට පමණක් ආසියානු මලල ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම ලැබේ. මෙය එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ලෝක ශුරතා මලල ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන අවස්ථාවකි.

බලාපොරොත්තු වන පරිසාධන මට්ටම්

Event Minimum entry standard
Men Women
100m 11.10secs 12.80 secs
200m 22.40 secs 26.00 secs
400m 48.80 secs 58.00 secs
800m 1:56.00 secs 2:20.00 secs
1500m 4:00.00 secs 4:52.00 secs
5000m 15:30.00 secs 18:30.00 secs
10000m 32:.00.00 secs 39:00.00 secs
3000m St CH 9:35.00 secs 11.45.00 secs
100 Hurdle 16.50 secs
110m Hurdles 15.40 secs
400m Hurdles 55.00 secs 65.00 secs
High Jump 2.00m 1.58m
Long Jump 7.20m 5.50m
Triple Jump 14.80m 12.00m
Pole Vault 4.30m 3.00m
Shot Put 12.75m 10.50m
Discus Throw 38.00m 34.00m
Javeline Throw 62.00m 38.00m
Hammer Throw 40.00m 38.00m
Heptathlon 3500 points
Decathlon 5000 points

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට