පිට පිටම දෙවැනි වතාවටත් සූමෝ ශූරයා චමිල කරවිට

1183

ජපානයේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන සූමෝ ක්‍රීඩාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද දෙවැනි ජාතික සූමෝ තරගාවලියේ දී ද පිට පිටම දෙවැනි වතාවටත් පිරිමි අංශයේ දක්ෂතම සූමෝ ක්‍රීඩකයා බවට පත්වීමට මතුගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදි චමිල කරවිට සමත් විය.

අදාළ තරගාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තරුණ ක්‍රිස්තියානි ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරග වැදි එ්. එස්. මල්ෂා සමත් වූවාය.

දක්ෂතම ක්‍රීඩිකාව වූ සුපුනි මලීෂා සුමෝ ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් හිටපු සභාපති සහ වත්මන් ජාත්‍යන්තර සුමෝ සම්මේලන විධායක කමිටු සාමාජික කිත්සිරි ප‍්‍රනාන්දු මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනෙකුගේ පමණ කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ පැවති මෙම තරගාවලියේ ප‍්‍රථමයෙන්ම කිලෝග‍්‍රෑම් 115ට වැඩි හෙවත් හෙවිවේට් තරග අංශයේ අවසන් මහ තරගයේ දී දිනේෂ් ජයසිංහව පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගත් චමිල අනතුරුව දක්ෂතම ක්‍රීඩකයා තේරීම වෙනුවෙන් පැවති විවෘත අංශයේ රන් පදක්කම දිනා ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉකුත් වසරේ පැවති කුලූඳුල් ජාතික සූමෝ තරගාවලියේ ද දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ චමිල කරවිට, රවුන්ඩ් රොබින් ඉසව්වක් වශයෙන් පැවති විවෘත තරග ඉසව්වේ ජයග්‍රහණ 7ක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරයා බවට තේරී පත්විය.

කාන්තා හෙවිවේට් අංශයේ රන් පදක්කම් ලාභීනී නයනරසී කරවිට

කාන්තා අංශයේ කැපී පෙනුණු එ්. එස්. මල්ෂා, විවෘත තරග අංශයේ අවසන් මහ තරගයේ දී මතුගම ක්‍රීඩා සමාජයේ නයනරසී කරවිට පරාජයට පත් කරමින් ජාතික සූමෝ ශූරිය වශයෙන් කිරුළු පැළඳුවාය.

පිට පිටම ජාතික ශූරයා බවට පත්වූ චමිල කරවිටගේ වැඩිමහල් සොහොයුරිය වන නයනරසී කරවිට විවෘත අංශයේ ඉසව්ව පරාජයට පත් වුවද, හෙවිවේට් තරග ඉසව්වේ රන් පදක්කම තමා සතු කර ගැනීමට සමත් වූවාය.

මෙවර තරගාවලියේ අවසන් වටයේ සියලූම තරග ජපානයේ සිට පැමිණි වෘත්තීය සූමෝ ක්‍රීඩකයන් සහ විනිසුරුවන් විසින් සිදු කිරීම ද විශේෂත්වයක් විය.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි වත්මන් සූමෝ සම්මේලන සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, පසුගිය වසරට සාපේක්ෂව මෙවර තරගාවලිය පිළිබඳ වැඩි දෙනාගේ අවධානය යොමු වී තිබීම මෙම ක්‍රීඩාවේ ඉදිරි අනාගතය සඳහා වඩාත් යහපත් වන බවයි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා,

”අපේ රටේ ක්‍රීඩාව නංවාලීම සඳහා මෙරට ජපන් තානාපති කාර්යාලය වැඩි සහයෝගයක් ලබා දෙනවා. මේ තරගාවලියට ඔවුන්ගේ කණ්ඩායමක් සහභාගි කරවීම එයට හොඳ උදාහරණයක්. අපි ගිය වසරේ තරගාවලියේ සිට මේ දක්වා සංචිත ගත කරලා පුහුණුවීම් කළා. එ් අතරින් චමිල කරවිට ක්‍රීඩකයා ඔහුගේ උපරිමයේ සිටිනවා. ඔහු පිට පිටම දෙවැනි වතාවටයි දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබුවේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසරේ දී තවත් පාසල් අතරට ගිහිල්ලා මේ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න” යැයි සඳහන් කර සිටියේය.

දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ චමිල කරවිට සහ සුමෝ ක්‍රීඩාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් හිටපු සභාපති සහ වත්මන් ජාත්‍යන්තර සුමෝ සම්මේලන විධායක කමිටු සාමාජික කිත්සිරි ප්‍රනාන්දු මහතා අතින් ශූරතා කුසලාන ලබාගත් අයුරු.

ජපානය තුළ උපන් ශක්තිය මැන බැලෙන ක්‍රීඩාවක් ලෙසින් හැඳින්වෙන සූමෝ ක්‍රීඩාව තරගකරුවන් දෙදෙනෙකු අතර කවාකාර සීමාවක් තුළ පවත්වනු ලබන තරග ඉසව්වක් වන අතර, ප‍්‍රතිවාදියාව එම කවය තුළින් පිටතට තල්ලු කර හෝ යටි පතුළ හැර ශරීරයේ යම් කොටසක් බිම ගෑවීමට සැලැස්වමින් එහි ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වනු ඇත.

තරග ප්‍රතිඵල

පිරිමි

  • කි.ග‍්‍රෑම් 55 / 1′ සී. එස්. රත්නසිරි 2. සී. එච්. කුමාර” 3. සී.එස්. සුගතපාල” ජී. එච්. ලක්මාල්
  • කි.ග‍්‍රෑම් 65 / 1′ එන්. එස්. බස්නායක” 2. ඞී.පී. දිසානායක” 3. එස්. එස්. කුමාර
  • කි.ග‍්‍රෑම් 75 / 1. ජී.පී. උදයංග” 2. එම්. එම්. රාජපක්ෂ” 3. එස්. ටී. දිසානායක” පී. එ්. රණසිංහ
  • කි.ග‍්‍රෑම් 85 / 1. ඞී. සී. මුතුහේවගේ” 2. එස්. තිරුබාකරන්” 3. ටී. තක්ෂාන්” ජී.සී. රංගන
  • කි.ග‍්‍රෑම්. 115 / 1. එන්. සී. එස්. ගුණරත්න 2. එම්. වීරකෝන් 3. ඊ. වනුමාන්” එච්. එස්. නිතුර්ෂාන්.
  • කි.ග‍්‍රෑම් 115 ට වැඩි / 1. චමිල කරවිට 2. දිනේෂ් ජයසිංහ 3. ඞී.යූ. රණසිංහ” සජිත් ගයාන්.
  • විවෘත / 1. චමිල කරවිට 2. එන්. එස්. සී. ගුණරත්න 3. කේ. බී. එන්. සංජීව” එම්. විනෝද්

කාන්තා

  • කි.ගෑම් 40 / 1′ එස්. සී. රණතුංග 2. අචලා රණසිංහ 3. ටී. එච්. රාජසිංහ” එන්. එස්. පෙරේරා.
  • කි.ග‍්‍රෑම් 50 / 1′ එ්. එස්. රත්නායක 2. චතුරංගිකා වැන්දබෝනා නිතුෂි ජයසිංහ” ආර්. ගුණරත්න.
  • කි.ග‍්‍රෑම් 60 / 1. ඞී. ආර්. කුලනායක 2. මධුවන්ති පේෂලා කුමාරි 3. ආර්. අනුෂ්කා දමයන්ති” ගයාත‍්‍රි fදාඩන්ගොඩ.
  • කි.ග‍්‍රෑම් 85 ට වැඩි / 1. tA. එa. යූ, පුෂ්පකුමාරි 2. කේ. එa. සහේලි නිමල්කා 3. ආර්.එම්. දමිතා අබේසේකර” එම්. ගුනෙත්ති
  • කි.ග‍්‍රෑම් 115 ට වැඩි / 1. නයනරසී කරවිට, 2. නිමල්කා රත්නායක, 3. සචිත‍්‍රා සෙනෙවිරත්න, පී. එස්. චතුරිකා” එරන්දතී ගුණතිලක
  • විවෘත / 1. එa. එස්. මල්ෂා” 2. නයනරසී කරවිට 3. ඞී. ආර්. කුලනායක” එa. එස්. රත්නායක.

කණ්ඩායම් තරග

  • පිරිමි ශූරතාව  / තරුණ ක‍්‍රිස්තියානි සංගම් ක‍්‍රීඩා සමාජය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<