Fair & Lovely Men වෙළඳසේවා ක්‍රිකට් B සවිබල ගන්වයි

216
2nd Fair & Lovely Men MCA B Division

වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර එළඹෙන සැප්තැම්බර් 26 කොළඹ වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී ආරම්භ වේ.

Red Bull ශූරතාවයට සියල්ල සූදානම්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය මේ මස 23 වැනිදා..

අඛණ්ඩව දෙවන වතාවටත් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Fair & Lovely Men වන අතර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 අතරින් ජයග්‍රාහක කණ්ඩායමට Fair & Lovely Men අභියෝගතා කුසලානය පිරිනැමෙනු ඇත.

“මේ තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සිටිනා දක්ෂ ක්‍රීඩකයින්ට තම දක්ෂතා එළිදැක්වීමට ඇති මහඟු වේදිකාවක් ලෙස මා දකිනවා. ඒ  සඳහා දෙවැනි වරටත් Fair & Lovely Men සමඟින් අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපිට විශාල සතුටක්.” වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අංක 1 Face Care සන්නාමය වන Fair & Lovely Men විසින් “FAL Men Cricket ඇකඩමිය” හඳුන්වා දීම ද මෙහි දී සිදු කළේය. ThePapare.com සමඟින් එක්ව කටයුතු කරනු ලබන මේ වැඩසටහනේ අරමුණ වන්නේ රටේ දක්ෂතා සපිරි නවක ක්‍රීඩකයින් හඳුනා ගැනීමයි.

“ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම සමඟ බෙහෙවින් සමීප වූ ක්‍රීඩාවක්. කෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අපට සිටියත් නව පරපුරේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයට සමගාමීව ඉදිරියට යාමේ දී යම් යම් දුෂ්කරතා මතුවෙන බව අපට පෙනෙනවා. “FAL Men Cricket ඇකඩමිය” හඳුන්වා දීමට අප කටයුතු කළේ මේ නවක ක්‍රීඩකයින්ට තම දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය නන්වාලීමේ පියවරක් වශයෙනුයි. ඒ වගේම වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියට අනුග්‍රහය දෙමින් නවක ක්‍රීඩකයින් හට තම දක්ෂතා දැක්වීමට අවස්ථාව සලසා දීමට අපට හැකිවී තිබෙනවා.” යැයි මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ Unilever Face Care ජ්‍යේෂ්ඨ සන්නාම කළමනාකරු වන දමින්ද පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට තියුණු සටනක් දෙයි

ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (19)…

“FAL Men Cricket ඇකඩමිය” යටතේ දක්ෂතා සපිරි නවක ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීමට අමතරව කාණ්ඩ 3ක් (A, B හා C) යටතේ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරවමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික සහය ද ලබා දෙනු ඇත. මෙහි තවත් පියවරක් ලෙස රටේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දායකත්වය ද සමඟින් කොළඹ, මහනුවර, ගාල්ල හා යාපනය යන ප්‍රදේශ වල ක්‍රිකට් පුහුණු කඳවුරු 4ක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව පන්දුවට පහර දීම, පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම සම්බන්ධව පුහුණුව සහ නායකත්ව ගුණාංග වර්ධනය ඇතුළුව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ආ පුද්ගලයෙකු බවට පත්වීමට අවශ්‍ය ගුණාංග සම්බන්ධව පුළුල් පුහුණුවක් ලබා දීම ද මේ වැඩසටහන යටතේ සිදු කරනු ඇත.

ThePapare.com සහ FAL Men ඩිජිටල් මාධ්‍ය මඟින් මෙම වැඩසටහනට සම්බන්ධ වීමට විශාල පිරිසකට අවස්ථාව ලබා දීමට නියමිතයි.

>>මේ තරගාවලියේ තරග කාලසටහන මෙතැනින්<< 

ජෝන් කීල්ස්, යුනිලිවර් ශ්‍රී ලංකා, CDB, HNB, කැන්රිච් ෆිනෑන්ස්, එක්ස්පෝ ලංකා, සිංගර් ශ්‍රී ලංකා හා කොමර්ෂල් බැංකුව නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලිය සඳහා එක්ව සිටින අතර තරගාවලිය සැප්තැම්බර් මස 26 වැනිදා සිට නොවැම්බර් මස 3 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලියට තරග 33ක් අන්තර්ගතය.

පළමු වටයේ දී ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර ඒ අතරින් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක Fair & Lovely Men අභියෝගතා කුසලානය වෙනුවෙන් නොවැම්බර් මස 3 වැනිදා වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී එකිනෙකා මුණගැසෙනු ඇත.

මේ තරගාවලියේ තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<