ආනන්ද – නාලන්ද නවසීලන්ත සුලෝහිත සංග්‍රාමයට දින තීන්දුයි

184

නවසීලන්තයේ පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජනවාරි 19 වන ඉරිදා දිනයේ දී ටකපුනා ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

පියාට උපස්ථාන කළ තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත එංගලන්තයට

එංගලන්ත තුන් …….

නොකඩවා දෙවන වතාවටත් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගිය වසරේ ජනවාරි 12 වැනිදා ටකපුනා හිදිම පැවැත්වූ අතර එම තරගයෙන් ලකුණු 5ක ජයක් ලබා ගැනීමට තරිඳු තීක්ෂණගේ නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාල ආදි ශිෂ්‍යයන් සමත් විය.

වසරේ වසර 90ක ඉතිහාසයක් ඇති සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන මෙම සුහද ක්‍රිකට් තරගය සංවිධානය කරනු ලබන්නේ දෙවිදුහල් වල ආදී ශිෂ්‍ය එකමුතුවයි. මේ ක්‍රිකට් තරගයට පසුව DJ ප්‍රසංගයක්, සුහද මිතුරු හමුවක් පැවැත්වීමට ද සංවිධායක කමිටුව තීරණය කර ඇත.

නවසීලන්තයේ පැවැත්වෙන මේ සුලෝහිත සංග්‍රාමයේ තතු ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි සූදානමින් සිටින්නෙමු. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<