ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තායිලන්තයට

177

2 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය මැයි මස 20 වන දින සිට 23 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනා 17 වැනි දා තායිලන්තය බලා පිටත්ව ගියේය.

ආසියානු යොවුන් ශූරතාවලිය‍ට 12ක්

මැයි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත දෙවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර ඇත.

වසර 2 කට වරක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගාවලිය 2015 වසරේ දී කටාර් රාජ්‍යයේ දෝහා කටාර් නුවර පැවති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 04ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ 10 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. එහි දී මීටර 400 කඩුලු පැන දිවීමේ කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් යමනි දුලාංජලී ශ්‍රී ලංකාව දිනා ගත් එකම රන් පදක්කමට හිමිකම් කියූ අතර දර්ශන රාජපක්ෂ (මීටර 400 කඩුලු පැන දිවීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම) හා රොෂාන් ධම්මික (උස පැනීම) රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලිය සඳහා සහභාගී වන්නේ පසුගිය වරට වඩා හොඳින් තරග කරමින් තරගාවලියේ ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමේ අපේක්ෂාව සහිතවයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 09 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 03 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියලු දෙනාම මෑතදී පැවති තරගවල දී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වී ඇත. කඩුලු පැන දිවීමේ ක්‍රීඩක නවෝද්‍ය සංකල්ප, මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරන රවිෂ්ක ඉන්ද්‍රජිත් සහ බාධක දිවීමේ ක්‍රීඩිකා අස්මිකා හේරත් මේ වන විටත් මෙම වසර අවසානයේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන IAAF ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන්නට සමත් වී ඇති අතර ඊට පෙර මෙම තරගාවලිය පදක්කමක් සහිතව අවසන් කරන්නට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් 09 දෙනා තරග ඉසව් 09 කට තරග වදිද්දී ක්‍රීඩිකාවන් තිදෙනා තරග ඉසව් 05 ක් සඳහා තරග වැදීමට නියමිතය. එහිදී සචිනි දිව්‍යාංජලී මීටර 100 හා මීටර 200 ධාවන ඉසව් සඳහා ද, අස්මිකා හේරත් මීටර 2000 හා මීටර 3000 බාධක දිවීමේ ඉසව් සඳහා ද සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් ක්‍රීඩිකාව වන සඳුමිනි බණ්ඩාර මීටර 400 ධාවන ඉසව්ව සඳහා සහභාගී වනු ඇත.

2 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

කාන්තා

සචිනි දිව්‍යාංජලී (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල) මීටර 100 හා මීටර 200, අස්මිකා හේරත් (කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය) මීටර 2000 සහ මීටර 3000 බාධක දිවීම, සඳුමිනි බණ්ඩාර (ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල) මීටර 400.

පිරිමි

සුරාජ් දිනූෂ (මොරකැටිය විද්‍යාලය, ඇඹිලිපිටිය) මීටර 100, ශාලික සන්තුෂ් (ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය) මීටර 200, රවිෂ්ක ඉන්ද්‍රජිත් (ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය) මීටර 400, හර්ෂ කරුණාරත්න (රත්නායක මධ්‍ය මහා විද්‍යාලය) මීටර 800, ෂෙහාන් කාරියවසම් (ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ) මීටර 110 කඩුලු පැන දිවීම, නවෝදය සංකල්ප (මහින්ද විද්‍යාලය) මීටර 400 කඩුලු පැන දිවීම, චනුක කස්තුරිආරච්චි (ශාන්ත තොමස් විද්‍යාලය) උස පැනීම, ප්‍රමෝද් මදුභාෂ් (මාරි ස්ටෙලා විද්‍යාලය) දුර පැනීම, චාරුක රුක්ෂාන් (ශාන්ත මේරීස් විද්‍යාලය, හලාවත) හෙල්ල විසි කිරීම.

  • ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් කොළ පැහැයෙන් දක්වා ඇත. සියලුම වේලාවන් දක්වා ඇත්තේ තායිලන්ත වේලාවෙනි.

Day 1: Saturday 20th May 2017

Event No.TimeEventGroupRound
Morning Session
 101  8.30  100m  Boy  DEC 1 
1029.00Shot PutGirlFinal
1039.30Long JumpBoyDEC 2
 104  9.30  100m  Girl  Round 
 105  10.00  100m  Boy  Round 
 106  10.30  400m  Girl  Round 
 107  11.00  400m  Boy  Round 
10811.00Hammer ThrowBoyFinal
10911.00Shot PutBoyDEC 3
11011.30100m HurdlesGirlRound
 111  11.50  110m Hurdles  Boy  Round 
Afternoon Session
11214.30Pole VaultBoyFinal
11314.45High JumpBoyDEC 4
11415.00Long JumpGirlFinal
11515.00100m HurdlesGirlFinal
11615.20110m HurdlesBoyFinal
11715.40100mGirlSemi – Final
11816.00100mBoySemi – Final
11916.20400mGirlSemi – Final
12016.40400mBoySemi – Final
12117.00400mBoyDEC 5

Day 2: Sunday 21st May 2017

Event No.TimeEventGroupRound
Morning Session
2017.305,000m WalkGirlFinal
2028.30110m HurdlesBoyDEC 6
 203  8.50  3,000m  Girl  Final 
2049.103,000mBoyFinal
2059.30Discus ThrowBoyDEC 7
2069.50800mGirlRound
 207  10.10  800m  Boy  Round 
20810.30Shot PutBoyFinal
20910.50Hammer ThrowGirlFinal
21011.00Pole VaultBoyDEC 8
Afternoon Session
21114.30Javelin ThrowBoyDEC 9
21215.30Long JumpBoyFinal
 213  15.30  High Jump  Girl  Final 
21416.00Discus ThrowGirlFinal
21516.00800mGirlFinal
 216  16.15  800m  Boy 

 Final 

21716.301,500mBoyDEC 10
21816.50400mGirlFinal
21917.05400mBoyFinal
22017.20100mGirlFinal
22117.30100mBoyFinal

Day 3: Monday 22nd May 2017

Event No.TimeEventGroupRound
Morning Session
3018.0010,000m WalkBoyFinal
3029.00100m HurdlesGirlHEP 1
3039.00Discus ThrowBoyFinal
 304  9.20  200m  Girl  Round 
 305  9.50  200m  Boy  Round 
30610.00High JumpGirlHEP 2
30710.20Triple JumpGirlFinal
Afternoon Session
30814.30Shot PutGirlHEP 3
30914.50Pole VaultGirlFinal
31015.10High JumpBoyFinal
31115.30200mGirlSemi – Final
31215.50200mBoySemi – Final
31316.00Javelin ThrowGirlFinal
31416.30200mGirlHEP 4
31516.501,500mGirlFinal
31617.051,500mBoyFinal
31717.25Medley RelayGirlRound
31817.40Medley RelayBoyRound

Day 4: Tuesday 23rd May 2017

Event #TimeEventGroupRound
Morning Session
4019.30400m HurdlesGirlRound
 402  9.50  400m Hurdles  Boy  Round 
 403  9.40  Long Jump  Girl  HEP 5 
Afternoon Session
40414.00Javelin ThrowGirlHEP 6
40514.20Triple JumpBoyFinal
40614.20400m HurdlesGirlFinal
40714.35400m HurdlesBoyFinal
40814.50200mGirlFinal
40915.05200mBoyFinal
 410  15.20  Javelin Throw  Boy  Final 
 411  15.20  2,000m SC.  Girl  Final 
41215.402,000m SC.BoyFinal
41316.00800mGirlHEP 7
41416.15Medley RelayGirlFinal
41516.30Medley RelayBoyFinal

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට