ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

104

ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් සංවිධානය කරනු ලබන 29වන ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරග 2ක් සහ සැනසිලි වටයේ තරග 2ක් ඊයේ (18) දිනයේ දී පැවැත්විනි. එහිදී ජපානය, තායිවානය, ශ්‍රී ලංකාව සහ පිලිපීනය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 

ප්‍රබල ජපානය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා…

පස්වන දිනයේ ප්‍රතිඵල – සුපිරි වටය 

ජපානය සහ චීනය 

ජපානය සහ චීනය අතර තරගයේ අවස්ථාවක්
Courtesy – BFA

සුපිරි වටයේ පළමු තරගය ප්‍රබල ජපානය සමඟ චීනය තරග වැදුනු අතර එහිදී ඉනිම් 7ක් අවසානයේ ලකුණු 11 – 1ක් ලෙස ඉදිරියෙන් සිටි ජපාන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවූයේ “කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ලකුණු 10ක් වීම” හේතුවෙනි. (ජපානය 11 – 1 චීනය) 

තායිවානය සහ දකුණු කොරියාව 

සුපිරි වටයේ දෙවන තරගය ලෙස තරග වැදුනු තායිවානය සහ දකුණු කොරියාව අතර තරගයේ නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 7 – 1ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ සත්කාරක තායිවාන කණ්ඩායම යි. (තායිවානය 7 – 1 දකුණු කොරියාව) 

සැනසිලි වටය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය 

මෙම තරගයේ නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 10 – 1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ ලද පළමු ජයග්‍රහණය යි. 

සත්කාරකයින් හමුවේ ශ්‍රී ලංකා සිහින බොඳ වේ

29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සාර්ථක තෙවැනි දිනය අද (16) නිමාවට පත්විය…

පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කඩුලු 3 අවසානයේ ලකුණු 3ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට එම ඉනිම තුළදී ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය. (ශ්‍රී ලංකාව 3 – 0 පාකිස්තානය) 

තරගයේ දෙවන ඉනිම තුළදී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර තෙවන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එම ඉනිම තුළදී ද අසාර්ථක විය. තෙවන ඉනිමේ පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට එම ඉනිමේ දී එක් ලකුණකින් සෑහීමකට පත්වීමට සිදුවිය. (ශ්‍රී ලංකාව 3 – 1 පාකිස්තානය) 

සිව්වන සහ පස්වන ඉනිම් වලදී කණ්ඩායම් දෙකටම එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට නොහැකි වූ අතර හයවන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 5ක් රැස් කිරීමට සමත් වෙමින් තම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. එහි පිළිතුරු ඉනිමේ දී පාකිස්තාන කණ්ඩායමේ නියමිත කඩුලු 3 ලකුණු ලබාදීමකින් තොරව දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. (ශ්‍රී ලංකාව 8 – 1 පාකිස්තානය) 

තරගයේ හත්වන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් ලකුණක් පමණක් වාර්තා කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම එම ඉනිම තුළදී ද ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් විය. (ශ්‍රී ලංකාව 9 – 1 පාකිස්තානය)  

අටවන ඉනිමේ දී ද එක් ලකුණක් පමණක් වාර්තා කරමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 3 ලකුණු ලබාදීමකින් තොරවම දවා ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 10 – 1 පාකිස්තානය)  

තරගයේ අවසාන ඉනිමේ දී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර ඒ අනුව ඉනිම් 9ක් අවසානයේ ලකුණු 10 – 1ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය. 

හොංකොං හමුවේ ශ්‍රී ලංකා බේස්බෝල් අමාරුවේ වැටේ

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙවර ආසියානු බේස්බෝල් ශූරතා…

පිලිපීනය සහ හොං කොං රාජ්‍යය 

මෙම තරගයේ ඉනිම් 8ක් අවසානයේ ලකුණු 10 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි පිලිපීනයට ජයග්‍රහණය හිමිවූයේ “කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ලකුණු 10ක් වීම” හේතුවෙනි. (පිලිපීනය 10 – 0 හොං කොං)

තරගාවලියේ හයවන දිනය වන අද (19) දිනයේ දී සැනසිලි වටයේ තරග ලෙස පාකිස්තානය සමඟ හොං කොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව සමඟ පිලිපීනය තරග වැදීමට නියමිතය. 

ප්‍රබල ජපාන කණ්ඩායම සමඟ දකුණු කොරියාව සහ සත්කාරක තායිවානය සමඟ චීනය අද දිනයේ සුපිරි වටයේ තරග ලෙස තරග වදිනු ඇත. 

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා ශූරතා තරගාවලියේ සියලුම පුවත් සහ තවත් ක්‍රීඩා පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<