නවකයින් රැසකට ජාතික රග්බි සංචිතයේ දොර ඇරේ

219

එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ජාතික තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇත.

අහම්බයකින් රග්බි පිටියට පිවිසි “ජීවා”

ජීවන්ති තුසිත කුමාරි ගුණරත්නගේ ගම රත්නපුරේ, කුරුවිට ය. පාසල කෑගලු….

කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් මෙම සංචිතයේ නායකත්වය දරණු ලබන්නේ මෙතෙක් බිහි වූ ළාබාලතම ජාතික කණ්ඩායම් නායකයා වන ඔමල්ක ගුණරත්න විසිනි. ඔමල්කගේ සහයට සජිත් සාරංග, රොෂාන් වීරරත්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

පසුගිය දා නිමාවට පත්වූ කොළඹ සහ පිට පළාත් රග්බි කණ්ඩායම් තරගවල දී මෙන්ම 2018/19 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ද සැලකිල්ලට ගනිමින් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු කර ඇත.

මෙම සංචිතයේ ඇති තවත් විශේෂත්වයක් නම් ක්‍රීඩකයින් 18 දෙනෙකුම නවක ක්‍රීඩකයින් වීමයි. කෙසේ නමුත් ශ්‍රී ලාංකීය සත් සාමාජික රග්බි පිටියේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්. මිතුන් හපුගොඩ, රීසා රෆයිඩීන්, දිනුක් අමරසිංහ හා බුද්ධිම පියරත්න එම ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙක්.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා…

එසේම පසුගිය වසරේ 20 පහළ ජාතික සංචිතය නියෝජනය කළ දිනුක් අමරසිංහ, තීක්ෂණ දසනායක, සචිත් සිල්වා, සැමුවෙල් මදුවන්ත, ගිහාන් සිල්වා යන ක්‍රීඩකයින්ට ද මෙම සංචිතයේ ස්ථානයක් හිමිවී ඇත.

සම්පූර්ණ සංචිතය:

ඔමල්ක ගුණරත්න (නායක), කසුන් ද සිල්වා, චාල්ස් ප්‍රවීන්, යකූාබ් අලි, ප්‍රසාද් මදුසංක, උචිත ජයසූරිය, ජේසන් මෙල්ඩර්, සජිත් සාරංග, උමේෂ මදුෂාන්, ප්‍රභාත් කුමාර, තිළිණ බණ්ඩාර, නිවංක ප්‍රසාද්, ගිහාන් පෙරේරා, ලසිඳු ඉශාන්, රොෂාන් වීරරත්න, මිතුන් හපුගොඩ, සැමුවෙල් මදුවන්ත, අශාන් බණ්ඩාර, දිනුම් අමරසිංහ, තීක්ෂණ දසනායක, කවිඳු පෙරේරා, රීසා රෆයිඩීන්, බුද්ධිම පියරත්න, සචිත් සිල්වා, සුදාරක දික්කුඹුර, තිලින විජේසිංහ, රාහුල් ද සිල්වා, සංදේශ් ජයවික්‍රම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<