ලහිරු සමරකෝන් හේලීස් දිනවයි

100

ලහිරු සමරකෝන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ජෝන් කීල්ස් සහ හේලීස් අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

මිනෝද් – වනිඳු සී. සී. සී. කණ්ඩායමට ශූරතාව දිනා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය ………

පසුගිය දෙසැම්බර් මස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නතර කර තැබුණ මෙම තරගාවලිය නැවත ආරම්භ වූයේ මෙම තරගයත් සමඟිනි. එම තරගයේ දී ලහිරු සමරකෝන් ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ද, පන්දු යැවීමේ දී කඩුලු 2ක් ද ලබා ගත්තේය. 

වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් හේලීස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට සඳහා ජෝන් කීල්ස් කණ්ඩායමට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ භානුක රාජපක්ෂ ය. ඔහු ලකුණු 61ක් ලබා ගත්තේය. ඊට අමතර ව ජෙහාන් ඩැනියෙල් ලකුණු 43ක් ලබා ගනිමින් තම කණ්ඩායම ශක්තිමත් කළේය. 

බාස්කරන් සහ සිනෙත්ගෙන් වැඩි දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් ……..

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හේලීස් ක්‍රීඩකයෝ පන්දු 8ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ. එහි දී වැඩි කාර්ය භාරයක් කළේ ලහිරු සමරකෝන් ය. ඔහු ලකුණු 65ක් ලබා ගත්තේය. ඊට අමතරව තරගය අවසන් වන විට කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 48ක් ද චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 33ක් ද ලබා සිටිය හ. රොන් චන්ද්‍රගුප්ත ද ලකුණු 33ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණයට දායක විය. 

ජෝන් කීල්ස්; කඩුලු 9ක් දැවී 197 (20) භානුක රාජපක්ෂ 61, ජෙහාන් ඩැනියෙල් 43, ලහිරු මිලන්ත 20, චතුරංග ද සිල්වා 3/37, ලහිරු සමරකෝන් 2/50

හේලීස්; කඩුලු 5ක් දැවී 198 (18.4) ලහිරු සමරකෝන් 65, කිත්රුවන් විතානගේ නොදැවී 48, චතුරංග ද සිල්වා නොදැවී 33, රොන් චන්ද්‍රගුප්ත 33, ජෙහාන් ඩැනියෙල් 2/44

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<