චන්ද්‍රගුප්තගේ සටන්කාමී පිතිකරණයෙන් ජය හේලීස්ට

94

27 වැනි වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (02) මොරටුවේ දී හා කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී නිමා විය. 

නමුත් එම තරග දෙකෙන් ප්‍රතිඵලයක් සහිතව අවසන් වූ තරගය කඩුලු 8කින් ජය ගැනීමට හේලීස් කණ්ඩායම සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව චමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ …

MAS යුනිචෙලා හා ජෝන් කීල්ස් 

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවති මේ තරගයේ ආරම්භය තරමක් ප්‍රමාද වූයේ තණනිල්ල සහිත ප්‍රදේශය තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසාවෙනි. එම නිසා එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා කිරීමට තරග සංවිධායකයින් තීරණය කළේය. 

කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් කණ්ඩායම් නායක ඉශාන් ජයරත්න සවිමත් යුනිචෙලා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙන ලදි. එම ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි යුනිචෙලා කණ්ඩායම නියමිත පන්දුවාර 45 තුල කඩුලු 9ක් දැවී ලකුණු 248ක් වාර්තා කර ගත්තේය. 

Photos: JKH – A vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020

එහි දී ඔවුන්ගේ ආරම්භය සවිමත් කළ දකුණතින් පිතිකරණයේ නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 53ක් ලබා ගත් අතර චාමර සිල්වා හා මහේල උඩවත්ත පිළිවෙළින් ලකුණු 49ක් හා ලකුණු 47ක් ලබා ගනිමින් දස්කම් දැක්විය. පන්දු යැවීමේ දී  මොහොමඩ් ශිරාස් ලකුණු 68කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. චාමිකර එදිරිසිංහ කඩුලු 3යි.

MAS ඉනිමට පිළිතුරු දුන් ජෝන් කීල්ස් කණ්ඩායම ඔවුන්ගේ ඉනිම සඳහා සාර්ථක හා වේගවත් ආරම්භයක් ලබා ගන්නා ලදි. කෙසේ නමුත් එම ඉනිමේ පන්දුවාර 13ක් අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් හට සිදු විය.  ඒ නිසාවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව හෝ ප්‍රතිඵලයක් ලබා දීමට නොහැකි විය.

MAS යුනිචෙලා – 248/9 (45): පැතුම් නිස්සංක 53, චාමර සිල්වා 49, මහේල උඩවත්ත 47, කමිඳු මෙන්ඩිස් 36, තිලකරත්න ඩිල්ෂාන් 26, මොහොමඩ් ශිරාස් 4/68, චාමිකර එදිරිසිංහ 3/38.

ජෝන් කීල්ස් –  65/1 (13): අශේන් සිල්වා 30*, දිමුත් කරුණාරත්න 28.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හා  හේලීස් කණ්ඩායම් 

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් හේලීස් කණ්ඩායම සමත් විය.

Photos: Sri Lanka U19 vs Hayleys | 27th Singer-MCA Premier League 2020

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ නමුත් අත්දැකීම් බහුල හේලීස් පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 168ක් පමණි. 

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජොහෑන් ද සිල්වා ලකුණු 30ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන චතුරංග ද සිල්වා හා ප්‍රභාත් ජයසූරිය පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවා ගන්නා ලදි. 

අයන සිරිවර්ධනගේ උත්සාහය අපතේ යයි

ලෝක උසස් අධ්‍යාපන ආයතන අතරේ වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket විස්සයි …

වමතින් පිතිකරණයේ නිරත වන රොන් චන්ද්‍රගුප්ත ලබා ගත් අගනා ලකුණු 77*, පසිඳු ඉෂිර හා මදුරංග සොයිසා පිළිවෙළින් ලබා ගත් ලකුණු 45 සහ 37 නිසා පන්දුවාර 26කුත් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 171ක ලබාගෙන තරගය ජය ගැනීමට හේලීස් කණ්ඩායමට හැකි විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ – 168 (41.5): ජොහෑන් ද සිල්වා 30, දිලුම් සුධීර 25*, අවිශ්ක තරිඳු 24, මොහොමඩ් ශමාස් 20, චතුරංග ද සිල්වා 4/39, ප්‍රභාත් ජයසූරිය 3/36.

හේලීස් – 171/2 (26.1): රොන් චන්ද්‍රගුප්ත 77*, පසිඳු ඉෂිර 45, මදුරංග සොයිසා 37

>>2020 වෙළඳසේවා ක්‍රිකට් පිටියේ සියලු තතු <<