කණ්ඩායම් 26ක් සමඟින් පළමුපෙළ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 31 ඇරඹෙයි

73

2019/2020 ප්‍රිමියර් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් Major A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකා Major B කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 31 වනදා ආරම්භ වීමට නියමිතය. A කාණ්ඩය සහ B කාණ්ඩය යන කාණ්ඩ දෙකේම තරග එළඹෙන අප්‍රේල් මස 12 වනදා දක්වා පැවැත්වෙනු ඇත.  

පිතිපෙළ කඩා වැටෙද්දී සිම්බාබ්වේ ග්‍රහණය දැඩිවෙයි

තරගාවලි ජයක් පිලිබඳ සුබ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා පිළට මරු පහරක් එල්ල වූ දිනයක් ලෙස අද (29) හරාරේ…………….

A කාණ්ඩයට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ කණ්ඩායම් 14ක් අයත්වන අතර මෙවර B කාණ්ඩයට පසුගිය වරට වඩා කණ්ඩායම් තුනක් වැඩියෙන් එකතු කර ඇත. එනම් කණ්ඩායම් 12ක් ඇතුළත්ය. කණ්ඩායම් 26ටම පළමු පෙළ තත්වය තිබීම විශේෂත්වයක්. 

A කාණ්ඩයේ කාණ්ඩ දෙකක් පවතින අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් හත බැගින් සති හතක් පුරා කණ්ඩායම් 14 තරග වදිනු ඇත. පළමු වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම් හතර ප්‍රිමියර් සුපිරි අට තරගාවලිය දක්වා ඉදිරියට යනු ඇත. එම තරගාවලිය සිව්දින තරගාවලික් ලෙස පැවැත්වීමට නියමිතය. ඉතිරි කණ්ඩායම් හයට පළඟ කුසලානය සඳහා තරග වැදීමට සිදුවනු ඇත. 

සුපිරි අට වටයේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දේශීය තරග බිමේ ක්‍රිකට් ශූරයින් ලෙස අභිෂේක ලබනු ඇත. 

B කාණ්ඩයේ කණ්ඩායම් 12 round-robin ආකාරයට එකිනෙකා හා ක්‍රීඩා කරන අතර වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම තරගාවලිය ජය ගනු ඇත. සුපිරි අට වටය හැර අනෙක් සියලු තරග දින තුනේ තරග වේ. 

පසුගිය වසරේ දී කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය (CCC) සයවන වරටත් A කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් අතර සැරසන්ස් ක්‍රීඩා සමාජය එහි අනුශූරතාවය දිනා ගන්නා ලදි. 

ලංකන් ක්‍රීඩා සමාජය B කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නා ලද අතර ඔවුන් A කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා පහළ වැටුනු අතර B කාණ්ඩයෙන් කිසිඳු කණ්ඩායමක් පහළ නොවැටීම විශේෂත්වයක්. 

මෙවර තරගාවලියේ අවසානයේ පළඟ ශූරතාවයේ අඩුම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් තුන තේරීම සඳහා තේරීම් තරගාවලියක් පැවැත්වෙන අතර ලබන වසරේ සිට A කාණ්ඩය කණ්ඩායම් 12ක ගෙන් පමණක් සමන්විත වනු ඇත. 

B කාණ්ඩයේ කණ්ඩායම් ගණන ලබන වසරේ දී වෙනස් නොවන අතර කණ්ඩායම් තුනක් B කාණ්ඩයෙන් පහළ වැටෙනු ඇත. 2019/2020 Governors කුසලාන තරගාවලියේ ශූරයින් වන යුනිචෙලා ක්‍රීඩා සමාජය ලබන වසරේ දී B කාණ්ඩය සඳහා සුදුසුකම් ලබනු ඇත. 

පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව……………….

2021/2022 තරගවාරය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාණ්ඩ දෙකේම කණ්ඩායම් 10 බැගින් රඳවා ගැනීමට අදහස් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය තරගාවලිය SG පන්දු යොදාගෙන ක්‍රීඩා කරන්නට තීරණය කර තිබීම ද විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා Major ලීග් A කාණ්ඩයේ කණ්ඩායම් – 2019/2020  

A කාණ්ඩය  B කාණ්ඩය
කොළඹ ක්‍රිකට් සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය
සිංහල ක්‍රීඩා සමාජය හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය
යුධ හමුදා ක්‍රීඩා සමාජය නොන්ඩ්ස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
BRC ක්‍රීඩා සමාජය රාගම ක්‍රීඩා සමාජය
මුවර්ස් ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රීඩා සමාජය
මීගමුව ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රීඩා සාමාජය

ශ්‍රී ලංකා Major ලීග් B කාණ්ඩයේ කණ්ඩායම් – 2019/2020  

ගාලු ක්‍රීඩා සමාජය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය
පානදුර ක්‍රීඩා සමාජය
නාවික හමුදා ක්‍රීඩා සමාජය
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
පොලිස් ක්‍රීඩා සමාජය
කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය
කළුතර නගර ක්‍රීඩා සමාජය
නුගේගොඩ ක්‍රීඩා හා සුභසාධන ක්‍රීඩා සමාජය
සෙබස්තියන් ක්‍රීඩා සමාජය
මහනුවර රේගු ක්‍රීඩා සමාජය (Kandy Customs SC)

තරගාවලියේ සජීව තොරතුරු, තරග වාර්තා සහ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<